මේ අවසානයම වේවා

බොලිවුඩයේ ආදර අන්දර, විවාහයකින් ස්ථාවර වන්නේ කලාතුරකිනි. බොහෝ බැඳීම්වලට ඇත්තේ අඩු ආයුෂය.

මේ අපූරු පුරවරයේ අලුතින්ම ආදර කතාවකට මුල පුරා ඇත්තේ ‘රොක්ස්ටාර්’ නිළි නාගිස් ෆක්රි සහ ෂාහිඩ් කපූර්ය.

පෙබරවාරි 25 වැනි දිනට යෙදී තිබුණු ෂාහිඩ්ගේ තිස් එක් වැනි උපන් දිනය නිමිත්තෙන් පැවැත්වුණු සාදය, තනිකරම නාගිස් විසින් සූදානම් කරන ලද්දකි.

දෙදෙනා ඉඩ ලැබෙන සැම විට මුණ ගැසෙන බව දැන් කිසිවකුටත් රහසක් නොවෙයි.

මීට පෙර ෂාහිඩ් ගේ පෙම්වතියන් වී සිටියේ කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා සහ අනුෂ්කා ෂර්මාය.

නාගිස් ෆක්රි ඒ නම්වලට එක්වන තවත් නමක් නොවේවා යන්න බොලිවුඩයේ ආදරයට ආදරය කරන ඇත්තන්ගේ පැතුමයි.


සායිෆ්ගේ තව සිහිනයක් හෙට සැබෑ වෙයි

බොලිවුඩයට යළිත් විනෝද් නම් ඒජන්තකරු පැමිණෙමින් සිටියි. එහෙත් ඒ 1977 දී පැමිණි පුද්ගලයා නම් නෙවෙයි. වෙනස්ම පුද්ගලයකි.

1977 දී ‘ඒජන්ට් විනෝද්’ නමින් ක්‍රියාදාම සිනමා පටයක් තිරගත විය. 2012 මාර්තු 23 වැනිදා සිට, එනම් හෙට දින සිට තිරගත වීමට නියමිත ‘ඒජන්ට් විනෝද්’ කතා වස්තුව ඊට සපුරා වෙනස්ය. මෙය ද ක්‍රියාදාම සිනමා පටයක් වන නමුත් රහස් පරීක්ෂකයකු වටා ගෙතුණු අලුත් කතාවකි.

‘ඒජන්ට් විමෝද්’ හොලිවුඩයේ ජේම්ස් බොන්ඩ්ට නෑකම් කියන්නක් ද ;නාවෙයි.

සිනමා පටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ ශ්‍රීරාම් රාඝවන්ය. දඩබ්බර නළුවකු වූ සායිෆ් අලි ඛාන් විනෝද් ගේ චරිතයට පණ පොවන්නේය. සිනමා පටයේ ඔහුගේ පෙම්වතිය වන්නේ සැබෑ ජීවිතයේත් පෙම්වතියයි. කරීනා කපූර් මෙහි රඟන්නේ, වෛද්‍ය ඉරාම් පර්වීන් බිලාල් නම් චරිතයයි. 2010 මැයි 30 වැනි දින ‘ඒජන්ට් විනෝද්’ රූගත කිරීම් ඇරැඹුණු අතර මූම්බායි, මොරොක්කෝ, ලැට්වියා හි රූගත කර ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 60 ක් සිනමා පටය වෙනුවෙන් නිෂ්පාදකවරුන් වන සායිෆ් අලි ඛාන් සහ දිනේෂ් විජාන් වැය කර තිබේ.

මිතුරකුගේ මරණයට හේතුව සොයන විනෝද්ට හරි පිළිතුර ලැබෙනවාද? පිළිතුර සොයා ගැනීමට නම් සිනමා පටය නැරැඹිය යුතුමය.

සායිෆ්ට ‘ඒජන්ට් විමෝද්’ යනු සැබෑ වුණු සිහිනයකි. චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීමට ඔහු ක්‍රීඩා සහ නගර දොළහක සංචාරය කිරීමේ භූගෝල පොතක් ද රසිකයන්ට ලබා දී තිබේ. සිනමා කර්මාන්තයේ දශක දෙකක් නියැළී සිටින සායිෆ්, සිනමා පටයක් දැවැන්ත වියදමක් කරා ප්‍රවර්ධනය කිිරීම කාලීන අවශ්‍යතාවක් සේ දකින්නෙකි.

‘ඒජන්ට් විනෝද්’ට සායිෆ් කෙතරම් පෙම් බඳිනවා ද කිවහොත් එය තම සිනමා ජීවිතයේ කැමැතිම චරිතය ලෙස ඔහු දකියි. 1992 වසරේදී ‘පරම්පරා’ සිනමා පටයේ රඟපෑමෙන් බොලිවුඩයට එක් වූ ඔහු ‘ඕම්කාරා’, ‘බීං සයිප්‍රස්’, ‘එක් හසීනාති’ හි කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළේය. ‘සිනමා පටයට රසිකයන් කැමැති වුණොත් දෙවැන්නක්, තෙවැන්නක් ගැන සිතනවා.’ සායිෆ්, යළි යළිත් විනෝද් වීමට ඇති කැමැත්ත එසේ ප්‍රකාශ කර තිබේ.

මෑතකදී සායිෆ් පුවත් මැව්වේ චණ්ඩියකු වූ ‘පොඩි නවාබ්’ වශයෙනි. ආපන ශාලාවකදී පුද්ගලයකුට බැණ වැද පහර දෙන්නට යාම ගැන ඔහු චූදිතයකු විය. එහෙත් සිනමා පටයේ ක්‍රියාදාම වීරයකු ලෙස රඟද්දී නම් සායිෆ්ට, රිතික් රොෂාන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සිදුව තිබේ.

‘ඒජන්ට් විනෝද්’ සිනමා පටයට විවිධ අන්දමින් ප්‍රසිද්ධිය ලැබෙද්දී සිනමා පටයේ නිළියක් නිසා ලැබෙන ප්‍රසිද්ධිය දෙගුණ තෙගුණ වී ඇත. ඇය ඈන් – ලී රොබට්ස් වේ. සායිෆ් ගේ නවතම සොයා ගැනීමක් වන ඈන් මෑතකදී තම නිරුවත් ඡායාරූප සමාජ ජාල අඩවියකට නිකුත් කර තිබේ. මේ නිසා ඇය මෙන්ම සිනමා පටය ද නිරන්තර කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත.


අන්තිමේදී නමක් ලැබිලා

දරුවකු ප්‍රසූත කිරීමට ගත වන කාලයට ආසන්න කාලයක් ඒ දරුවාට නමක් දැමීමට ගත වෙනවා නම් . . . සාමාන්‍යයෙන් එය පුදුමයකි. මේ දරුවාගේ ඇති සුවිශේෂීතාව නිසා එක් අතකින් එසේ වීම ද ස්වභාවිකය. බච්චන් පරපුරට අලුත්ම සාමාජිකාවක් එක් වුණේ 2011 නොවැම්බර් 16 වැනි දිනයි. පුරා මාස හතරක්ම ඇයට නමක් දැමීම ප්‍රමාද විය.

ඓශ්වර්යා ගැබිනියක වීම, ප්‍රසූතිය මෙන්ම ඇයගේ දෝණිට තබන නම ද රසික රසිකාවන්ට කතුහලය දනවන්නක් විය. මේ කුතුහලය වැඩිකම නිසාම ‘අභිලාෂා’ යන නම තැබූ බවට ද කතාවක් පැතිරුණි.කෙසේ හෝ බොලිවුඩ් පුරවරයේ ඔටුන්න හිමි කුමරියට අන්තිමේදී නමක් ලැබී ඇත. ‘ආරද්‍යා’ මේ නමයි. සංස්කෘත බසින් උපුටා ගෙන ඇති නමෙහි අරුත ‘වන්දනා මාන කිරීමට සුදුසු’ යන්නයි. බච්චන් පරපුර ඉන්දියානු සංස්කෘතියට සහ සම්ප්‍රදායන්ට බෙහෙවින් ගරු කරන්නන්ය. අමිතාබ් බච්චන්ගේ දියණියගේ දරුවන් දෙදෙනාගේ නම්, අගස්ත්යා සහ නව්‍යා නවේලිය.

දියණිය උපන් දවසේම පියා අභිෂේක් රසිකයන්ගෙන් ‘අ’ යන්නෙන් පටන් ගන්නා නම් දන්වා එවන ලෙසට ඉල්ලා සිටියේය. නම් වැලක් ගලා ආවත් මාස හතරක් පමණ පිරෙද්දී අන්තිමේදී බෙටී බී, ‘ආරද්‍යා’ ලෙසින් නම් ලද්දීය.

කල් යල් බලා ‘ආරද්‍යා’ ලෙස නම් ලද පුංචි දෝණි අභිෂේක්, ඓශ්වර්යා නම් ද පරයන නමක් වීමට හොඳින්ම ඉඩ තිබේ.

නමත් සමඟ ‘බෙටී බී’ට පියා, අභිෂේක්ගෙන් ඒභඤඪචඡකාරයක් ද තෑගි ලැබී තිබේ. රිදී හැන්ද මුවෙහි තබා ගෙන උපන් ඇයට, ළදරු වයසේදීම මේ වැනි තෑග්ගක් ලැබීම අරුමයක් නොවෙයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු