ඉන්ජෙක්ෂන් එක දැක්කම නිලන්ති කලන්තෙ දමලා
අම්මා ලක්මාලි ඩයස් කරුණාරත්න
ජාති, ආගම්. කුල භේද නැති පුංචි එවුන්ගේ ලෝකය හරිම සුන්දරයි. ඉරිදාට අම්මාගේ
අතැඟිල්ලේ එල්ලී පල්ලි යන පුංචි නිලා වෙසක් මස එනතුරුත් පුල පුලා බලන් හිටියේ දෑස්
දල්වාගෙන.
නිලාගෙ හොදම යාළුවා රොෂාන් . වෙසක් කාලේදී රෑ යාමේදී දිග ගවුමකින් අපූරුවට සැරසෙන
නිලාත් රොෂානුත් ඊළඟට සොයා ගත් අපූරු වෙස් මුහුණ මුහුණට ලා ගන්නේ දෝරේ ගලන
සන්තෝසයෙන්.
කොට කොණ්ඩයක් තියෙන රොෂාන්ට නම් ගැහැණු ළමයෙක්ගේ වෙස් ගන්න බොරු
කොණ්ඩයකුත් දාන්න වෙනවා. හැබැයි දිග කැරැලි කේශ කලාපයකට උරුමකම් කියන නිලා නම්
සැබැවින්ම පුංචි සුරංගනාවියක් වගේ. සඳ නැඟ එද්දී පාරේ යන කොයි කවුරුත් අපේ ස්ටුඩියෝ
එක ඉස්සරහ නවතින්නේ වීදුරු පෙට්ටි දෙකක් ඇතුළේ රංගන සුරඟනන් දෙදෙනාගේ රඟනය බලන්න.
කතාවේ ඉතිරිය ඔබට කියන්නේ ලක්මලී ඩයස් කරුණාරත්න මහත්මිය. ඇය නිලා ගේ ආදරණීය
මෑණියන්ය.
නිලායි එයාගේ යාළුවා රොෂානුයි පුංචි කාලේ හැම වෙසක් කාලෙකටම ඔය වගේ ඔළු බක්කො
නටනවා. ඒ දවස්වල ස්ටුඩියෝ එක ඉස්සරහ හරියට සෙනඟ. හැමෝම දෙන්නගෙ නැටුම් බලන්නෙ හරිම
ආසාවෙන්.
පුංචි කාලේ එහෙම නැටූ නිලා ගේ නර්තනය වාගේම රංගනයටත් මෑතකාලීනව ඔබ වශී වූවා. ‘නිලා’
ඇගේ හුරතල් නාමය. ඇය නිලන්ති ඩයස්. මේ සතියේදී අප ඔබ හමුවට ගෙන එන්නේ නිලාගේ පුංචි
දවස්වල මතකයන්.
නිලා පුංචි කාලේ හරිම අහිංසක දරුවෙක්. කවදාවත් කිසිම දෙයක් මගෙන් ඉල්ලලා අඬලා නෑ.
පුංචිම කාලේ නම් තිබ්බොත් තිබ්බ තැනම ඉන්නවා. හෙල්ලෙන්නෙවත් නෑ.
පුංචි කාලේ එයාට ඕන
වුණේ කවදා හරි සිස්ටර් කෙනෙක් වෙන්න. හැබැයි පුංචිම කාලේ, ඒ කියන්නේ අවුරුදු දෙකේ
විතර ඉඳන්ම සිංදුවක් ඇහෙන කොට නටනවා. විශේෂයෙන් ම¼ගුල් ගෙදරක ගියාම නම් නිලා
අනිවාර්යයෙන්ම ඩාන්ස් කරනවා. මම හිතන්නේ නම් නර්තනය නිලා උපතින්ම ගෙනාපු දෙයක්.
කොහොම වුණත් පුංචි දරුවන්ට අනතුරක් වෙන්න ඒ දරුවෝ දඟ වෙන්න ඕනෙම නෑනේ. දුවට අවුරුදු
නවයේදී විතර එයාගේ කකුළ බයික් එකේ රෝදෙ ඇතුළට ගියා. තව දශමයක් හරි ගියා නම් . . .
අනේ දෙවියනේ . . .
ඒ සිද්ධිය මතක් වෙන කොට මේ දැනුත් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. දුවත් ඒ සිද්ධියේදී
හොඳටම බය වුණා. කොච්චර බය වුණා ද කියලා කිවුවොත් මේ දරුවා තුවාලෙ හොඳ වෙලත් ගොඩාක්
කාලයක් යනකන් ඇවිද්දෙ නෑ.
දූලාගේ තාත්තා නම් කිව්වා කමක් නෑ එයා ඇවිදින දවසක
ඇවිදියි කියලා. ඒත් ඉතින් එහෙම කියලා හරි යන්නේ නෑනේ. ඒ දවස්වල හැම තැනකටම එක්ක ගෙන
ගියේ උස්සගෙන. ඒ මදිවට ඉස්කෝල ගියෙත් නෑ.
එක දවසක් මම තාත්තා ගෙදර නැති වෙලාවේ පත
අට එකට හිඳලා වේවැල් කසාය දුන්නා විතරයි . . . ඇවිද්දෙ නැති කෙල්ල පුටුවෙන් පැනලා
දිව්වා. හැබැයි මට එදා දුවට ගහන්න සිද්ද වුණ එක ගැන ගොඩාක් දුුක හිතුණා. එදා තමයි
දුවට මම වේවැල් කසාය දුන්න පළමු දවසත් අන්තිම දවසත්.
ඒ සිද්ධියේදී වගේම දූ ඔන්චිල්ලාවෙන් වැටුණු දවසෙදිත් මට හොඳට බය හිතුණා. දුව
ඔන්චිල්ලාවෙන් වැටෙන කොට කෙල්ලට යාන්තම් අවුරුදු පහක් විතර ඇති.
ගහෙන් වැටුණු
මිනිහාට ගොනා ඇන්නා වගේ ඔන්චිල්ලාවෙන් වැටුණු නිලාගේ ඔළුව මල් පෝච්චියේ වැදිලා
හොඳටම තුවාල වුණා. වෙන දරුවො වගේ දඟ නැති වුණාට තුවාලයක් කර ගත්තොත් කර ගන්නවාමයි.
ඉතින් අනිත් වැඩේ කියන්නේ අසනීපයකදී හරි තුවාලයකදී හරි ඉන්ජක්සන් එකක් ගහ ගන්න නම්
ඩොක්ටර් කෙනෙක් ළඟට එකක්ගෙන යන්න නම් බෑ. නර්ස් ඉන්ජක්සන් කටුව අතට ගන්න කොට නිලා
කලන්තෙ දාලා වැටිලා ඉවරයි.
පුංචි කාලේ එහෙම දරුවෙක් තමයි අද බොහොම ක්‍රියාශීලී හා සමාජශීලී වෘත්තියක යෙදිලා
ඉන්නෙ. ඇත්තටම එයාගේ පුංචි කාලේ ගැන දන්න අයට හරිම පුදුමයි එයා අද ඉන්න තැන ගැන.
කවදා හරි දක්ෂ නර්තන ශිල්පිනියක් හෝ කවදාහරි රංගන ශිල්පිනියක් වේවි කියලා මමවත්
හිතුවේ නෑ.
නිශංකා උඩුගම්පල
ඡායාරූපය – ප්රසාද් සමරතුංග
|