සෙපරේෂන් ඉරාන සිනමාවට තෑග්ගක්ද අවමානයක්ද ?
සෙපරේෂන්
28 දා තරංගනී හිදී
මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙස
අභිෂේක ලත් අ සෙපරේෂන් මෙම මස 28 වැනිදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී
ශාලාවේ තිරගතවේ.
ඔ ක්සිජන් ටැංකියක් ක්‍රියා කරන ආකාරය බලා ඉන්නා කුඩා දරුවෙකි. ඕ එහි ලීවරය
කරකවමින් ඔක්සිජන් ගලා යන වේගය අඩු වැඩි කරයි. අනෙක් අන්තයේ ඒ ඔක්සිජන් ලබා ගන්නා
මහලු ඇල්සයිමර් රෝගියාය. දරුවාගේ සෙල්ලමට හසු වී ඇත්තේ ජීවිතයත් - මරණයත් අතර කුඩා
කාල පරාසයකි.
අඩ නින්දේ පසුවුණු රෝගියා ගැස්සී ඇහැරෙන්නේ ඔක්සිජන් අඩු – වැඩි වීමේ හදිසි තත්ත්වය
හේතුවෙනි. දරුවාගේ සෙල්ලම නිමා වන්නේ ඉනික්බිතිවය.
රෙසියා ඉරාන සමාජයේ පහළ බිම් ප්‍රදේශය පෙන්වන සේවක ස්ත්‍රියකි. ඇගේ දරුවාය පෙර
ඔක්සිජන් ටැංකියකට සම්බන්ධ කළ ලීවරයත් සමඟ සෙල්ලම් කළේ. රෙසියා එක් දරු මවකි. ්
ගැබිනියකි. ස්වාමියා රැකියා විරහිතය.
සිමින් සහ නේඩර් සළකුණු කරන්නේ ඉරාන සමාජයේ උගත්, ඉහළ පාර්ශවයයි. මෙහි ගැටුම
පවතින්නේ සිමින් සහ නේඩර් කුටුම්භය ඇතුළතය. සිමින් සාම්ප්‍රදායක ඉරාන ගැහැනිය
ආක්‍රමණය කළ නව පන්නයේ ගැහැනියකි. මුස්ලිම් කාන්තාවන් ඇඟලන කලු ලෝගුව ඕ නොපළඳියි.
ඒ
වෙනුවට කලිසම සහ කුර්තා හැට්ටා ආදිය ඇඟලයි. දිගු දුහුල් ෂෝලයකින් හිස වසා සිටියි.
රැකියාවැති ඈ ඉරානය හැරදා විදේශයක පදිංචි වීමට යාමේ සිහිනයෙන් පසු වෙයි.
කාලාන්තරයක් මුලුල්ලේ කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඈ ඇතුළු පවුලටම විදෙස්ගත වීමට
වීසා ලැබෙයි. එහෙත් නේඩර් ඇලසයිමර් රෝගයෙන් පීඩා විඳින ස්වකීය පියා හැර දා යාම
ප්‍රතික්ෂේප කරයි.
සිනමාපටයේ ගැටුම පටන් ගන්නේ එතැනිනි.
නඩු විසඳන නිලධාරියෙකු හමුවට යන අඹු - සැමි දෙපොළ තම පාර්ශවයන් වෙනුවෙන් කරුණු
දක්වන අතරම එකිනෙකා සමඟත්, නඩු විසඳන්නා සමඟත් ගැටුමට පිවිසේ. එකම ගාලගෝට්ටියකි.
සිමින් ඉල්ලා සිටින්නේ දික්කසාදයයි. එසේත් නැත්නම් පියා අතහැර දියණියත් කැටුව
විදේශගත වීමට එන ලෙසයි.
නේඩර් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර නඩු විසඳන්නා සිමින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප
කරයි. ඈ තම කුටුම්භය හැරදා ස්වකීය මවුපියන් වෙතට යයි. දියණිය මව සමඟ යාම
ප්‍රතික්ෂේප කර තම පියා සමඟ රැෙඳයි.
රැකියාවැති නේඩර් පූරණකාලීනව ස්වකීීය පියා රැක බලා ගැනීමේ අපහසුතාවය නිසා
සේවිකාවකගේ සහය ලබා ගනී. ඒ සිමින්ගේ සහය ද ඇතුවය. සිනමාපටයේ දෙවැනි ගැටුම ඇරඹෙන්නේ
එතැනිනි. සේවිකාව තම ස්වාමියාට හොරෙන් පැමිණ නේඩන් ගේ නිවසේ රැකියාවෙහි නිරත වෙයි.
දිනක් ඈ ඇල්සයිමර් රෝගියාව ගෙතුළ අගුල් දමා දොස්තර මහතෙකු හමුවීමට යයි. ඈ ආපසු එන
විට රෝගියා බිම පතිතව නේඩර් විසින් සොයා ගෙන තිබීමෙන් තවත් ගැටුමක් හට ගනී. ඈ නිවසේ
දොරකඩින් එළියට ඇද දැමීමේදී තරප්පු පෙළින් පහළට වැටීමත් කුස හොත් ඇගේ දරුවා මිය
යාමත් සමඟ කුටුම්භය ඇතුළත තිබූ ගැටුම වෙනුවට අභ්‍යන්තරික ගැටුමකට ඔහුට මුහුණ දීමට
සිදු වෙයි.
මේ වත්මන් ඉරාන ජන ජීවිතයයි. සිනමාකරු නොකියන මුත් ඒ එසේ නොවේ යැයි අපට කිව
නොහැකිය. දැඩි පිය පුතු බැඳීමක්, අඹු - සැමි ආරවුලක්, දියණියත් – පියාත් – මවත් අතර
ත්‍රිකෝණාකාර ගැටුමක් පවතින කතාන්දරය අභ්‍යන්තර ගැටුමක් තෙක් දිගු කරන සිනමාකරුවා
කුටුම්භයක් ඇතුළත පවතින විශ්වාසය ගැන අපට කියයි.
දික්කසාදයකට සරල ගති සොබාවක් නොපවතින බව කියයි. පවුලක් එකට සිටීමෙන් මිස වෙන් වෙන්ව
තම ගති සොබා පෙන්වන්න යාමෙන් ළඟා කර ගත හැකි අභාග්‍යය ඇගිල්ලක් දිගු කර පෙන්වයි.
විටෙක අතීතය පීඩාකාරි සංවාද හරහාත්, තවත් විටෙක වචනයක්වත් නොදොඩන ඇල්සයිමර්
රෝගියාගේ මුහුණේ හැඟීම් හරහා සිනමාකරු ප්‍රේක්ෂකයා සමඟ සංවාදය ගොඩ නඟා ගනී.
අස්ගාර් ෆර්හාඩ් අධ්‍යක්ෂණය කළ ‘අ සෙපරේෂන්’ 84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම
විදෙස් චිත්‍රපටය ලෙස සම්මාන ලබන්නේ මේ ගති සොබා හේතුවෙනි. මෙහි තිර රචනය ද අස්ගාර්
ෆර්හාඩ් ගේ මය. දක්ෂ රංගනයක නිරත වන පේමන් මෝආඩි, ලෙයිලා හට්මානි සහ සේරා බයාත් ‘අ
සෙපරේෂන්’ වෙත ලබා දී ඇති ආලෝකය සුවිශාලය. එමෙන්ම ඉරාන සිනමාපටයක් ඔස්කාර් සම්මාන
උළෙලකදී නිර්දේශ වූ දෙවැනි වතාව මේ වන අතර සම්මානයක් දිනා ගත් පළමු වතාව මෙයයි.
විශේෂයෙන් ආගම ප්‍රධාන කොට සලකන ජීවන රටාවක් සහිත රටක් වන ඉරානයේ චිත්‍රපට සෑදීමද
එක්තරා අවදානමකි. ආගමට අපහාස වන අයුරින් සිනමාපට තැනීම ඉන් ප්‍රධානය. නීතියේ ඇති
නොදැනුවත්භාවය එහි තීරණ ගැනීමේ ස්වභාවය ප්‍රශ්න කෙරෙන ‘අසෙපරේෂන්’ සියුම්ව ආගමික
විශ්වාසයන්ට ද පහර ගසනු පෙනෙයි.
නේඩර් විසින් තල්ලු කිරීමෙන් පඩි පෙළින් බිමට වැටී රෙසියා ගේ නූපන් දරුවා කුස තුළම
මිය යයි. ඊට වරදකරු නේඩර් බව රෙයිසාගේ සැමියා කියා සිටියි. නීතිය හමුවට යන අඹු -
සැමි යුවළට උත්තර දෙමින්, වංචාකාරී පිළිතුරු ලබා දෙමින් විටෙක නඩු අසන්නාව නොමඟ
යවයි. අවසානයේ වැරැදිකරු වෙතට දිගුª වන ඇඟිල්ල තමා වෙතටම දිගු වෙයි. නඩු අසන්නා එක්
විටෙක විත්තිකරුව වරදකරු කරයි. තවත් විටෙක පැමිණිලිකරු වරදකරු වශයෙන් නම් කරයි.
නීතියේ සාධාරණත්වය හා නීතිය සමඟ ගනුදෙනු කරන්නන් හට අත්වන ඉරණම ඔහු අපට පෙන්වයි.
අවසන නීති මඟින් විසඳිය යුතුව තිබූ නඩුව ඔවුන් පෞද්ගලිකව කතාබස් කර මුදලින් විසඳා
ගනී.
එක් අවස්ථාවක රෙයිසා හට මහලු ඇල්සයිමර් රෝගියාගේ ඇඳුම් මාරු කර ඔහු පිරිසිදු කිරීමට
සිදු වෙයි. එහෙත් ඇය එසේ කිරීමෙන් පාපයක් අත් වේ යැයි සිතයි. ආගමානුකූලව එය
නිවැරැදිදැයි දුරකතන ඇමතුමක් ලබාදී අසා දැනගෙන මහල්ලා පිරිසිදු කිරීමට පටන් ගනී.
සිනමාකරු කූට උපක්‍රමයෙහි දක්ෂයෙකි. ඔහු ආගම ප්‍රශ්න කරන්නේ මෙවන් සියුම් දෑ හරහාය.
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් සිනමාපටය තේරීමේදී මේ කරුණු ගැනත් ඔවුන්
සැලකිලිමත් වූ බවට කිසිදු සැකයක් නැත. කුඩා රටවල අංශුමාත්‍රික ප්‍රශ්න ඔවුනට ඒ
තරම්ම වටී.
ෆර්හාඩ්ගේ සිනමා භාවිතාව ගැන කිසිදු ගැටලුවක් ඇත්තේ නැත. සම්ප්‍රදායික සිනමාව වෙනත්
අන්තයකට ගෙන යාමට ඔහු වැන්නන් දරන උත්සාහය අගය කළ යුතුමය. බර්ලින් සිනමා උළෙලේත්,
ගෝල්ඩන් බෙයා සිනමා උළෙලේත් හොඳම සිනමාපටය ලෙස එය සම්මානයට පාත්‍ර වන්නේ එහෙයිනි.
ලෝකය පුරා ප්‍රදර්ශනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 13 ක් උපයා ගත් ‘අ සෙපරේෂන්’
අමෙරිකාව තුළ ප්‍රදර්ශනයෙන් පමණක් උපයා ගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.6 කි.
සම්මානනීය ඉරාන සිනමාකරුවෙකු වන ජපාර් පනාහි 2010 වසරේ දී සිරගෙට නියම වන්නේ ආගමට
අපහාස වන අයුරින් මතුවටසිනමාපට නිර්මාණය කිරීම වෙනුවෙනි. ඔහුට සිනමාපට තැනීම ද
තහනම් කොට ඇත. මේ ඉරානයේ සිනමා කර්මාන්තයේ ඇති අවධානමයි. ඔවුන් රාමුව තුළ සිටිය
යුතුය. රාමුවෙන් එළිය තමාට පෙනුණාට කම් නැත. ඒ බව අන් අයටත්, ලෝකයත් සිනමාපටයක්
මඟින් කීම භායනකය. සිරගත විය හැකි තරම් භයානකය. මෙවන් පසුබිමක ෆර්හාඩ් වැන්නවුන්
සිනමාපට තැනීමේ නිරත වන්නේ. එනම් මෙය දැලි පිහියෙන් කිරි කන්නාක් වැනි
සිනමාකර්මාන්තයකි.
අවසන ‘අ සෙපරේෂන්’ දැලි පිහියෙන් කිරි කෑමෙහි බුහුටි බව පෙන්වා ඇතැයි කීම යුක්ති
සහගතය.
කාංචනා අමිලානි
|