ස්නේහයේ දාසි සෙනසුරාදා

දැනෙන හැඟෙන යොවුන් ආදර කතාවන් සමහර විට සැඟව යන්නේ අභිරහසක් ලෝකයට ඉතිරි කරමින්. ඒත් ඒවා සැමදාම අභිරහස් නෙමෙයි. දිය යට සඟවන්නට උත්සාහ දරන රබර් බෝලයක් කෙදිනක හෝ උඩට මතුවන්නා සේ අභිරහස් ,කාලයත් සමඟ ලොවට රහසක් නොවන දිනයක් එළඹෙනවා. සරා සහ විදත් ගේ සැඟව ගිය ආදර කතාව සොයා යන්න ‘ස්නේහයේ දාසි’ සමඟ ඔබත් එක්වන්න.

සෙනසුරාදා රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ස්නේහයේ දාසි’ ගිහාන් රෝහණ ගේ අධ්‍යක්ෂණයක්. විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, මොරින් චාරුණී, රෙබෙකා නිර්මලී, ජනක කුඹුකගේ, මිලින්ද පෙරේරා, කෝෂිලා ජයවර්ධන, චින්තන කුලතුංග, ගාමිණී ජයලත්, රමණී සිරිවර්ධන, චන්න ගලප්පත්ති, අතුල පතිරණ, ශ්‍රීමාල් වෙඩිසිංහ, බුද්ධික ලොකුකැටිය, නෙළුම් පෙරේරා සහ චන්ද්‍රසේන වලිමුණිගේ ඔබට මෙහිදී දකින්න ලැබේවි. ‘ස්නේහයේ දාසි’ තුෂාරි අබේසේකර ගේ තිර රචනයක් සහ නිශාන්ත ප්‍රදීප්ගේ කැමරාකරණයක්.

කලා අධ්‍යක්ෂණයෙන් අමරනන්දන, අංග රචනයෙන් රුචිර සංජීව සහ සංස්කරණයෙන් දුමිත් දංගරගොඩ දායක වන ‘ස්නේහයේ දාසි’ ධම්මික තිස්ස සිරිවර්ධනගේ නිෂ්පාදනයක්.

මෙහිදී ශානිකා වනිගසූරිය ගේ ගායනයට සහ ටෙලි නිර්මාණයට සප්ත ස්වර එක් කළේ නවරත්න ගමගේ. නන්දලාල් ජයසිරි මෙම ටෙලි සිතුවමේ නිෂ්පාදන කළමනාකරු වේ.


සසඳරා පුංචි තිරයට පායයි

මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියූ තවත් කතාවක් පුංචි තිරයට ගෙනෙන්නට චන්දන එදිරිසිංහ සූදානම්. ‘සසඳරා’ ලෙසින් නම් දරන මෙම ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙළ පසුගියදා ෆිංගාරා හෝටලයේදී පැවැත්වුණා.

වීණා ජයකොඩි, කුමාරි මුණසිංහ, බන්දුල විජේවීර, මේනකා පීරිස්, දෙනුවක සේනාධීර, රුවන්ගනී රත්නායක, කුමාර ජයකාන්ත සමඟ දිමුතු චින්තක රංගනයෙන් දායක වෙන සසඳරා අධ්‍යක්ෂණයට චන්දන එදිරිසිංහට සහය වෙන්නේ පුෂ්ප රුවන් සමඟ එරංග තිරත්න.

කිත්සිරි හේවගේ කැමරාකරණයෙන් ද, ඉන්දික ප්‍රභාත් වීරසිංහ නිශ්ඡල ඡායාරූපකරණයෙන් ද, කොට්ටාර මුල්ලේ චමිල කලා අධ්‍යක්ෂණයෙන් ද, ලක්රුවන් ගුණතිලක නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන ‘සසඳරා’ විරාජ් රත්නායකගේ නිෂ්පාදනයක්. මෙහි තේමා ගීතය භාතිය සහ සන්තුෂ්ගෙන් වන අතර පසුබිම් සංගීතය ෂර්නාත් ෂාන් ගෙන්.


25 දා සිට ස්වාධීන රූපවාහිනියෙන් සුදු ගින්දර

ඔබ ‘සුදු ගින්දර’ දැකලා තිබෙනවාද? එසේ නොමැති නම් මාර්තු 25 වැනිදා සිට සෑම ඉරිදාවකම රාත්‍රී 9.00 ට ස්වාධීන රූපවාහිනී සේවය සමඟ එක් වන ඔබට ‘සුදු ගින්දර’ දැකගන්න ලැබේවි.

‘සුදු ගින්දර’ ටෙලි නිර්මාණය රිහාන් රවීන්ද්‍රගේ අධ්‍යක්ෂණයක්. ජනක කුඹුකගේ, උදයන්ති කුලතුංග, ධනංජය සිරිවර්ධන, සරත් දික්කුඹුර, කිංස්ලි ලෝස්, උදිත් අබේරත්න, සංගීතා බස්නායක, රාජසිංහ ලෝලුවාගොඩ, අංජු බණ්ඩාර සමඟ සඳරුවන් රංගනයෙන් දායක වන සුදු ගින්දර සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයක්.

සහය අධ්‍යක්ෂණයෙන් නිම්ෂාන් වීරක්කොඩි, කැමරාකරණයෙන් පී. කේ. ලෙනාඩ්, අංග රචනයෙන් සුරේෂ් ඉන්දික, කලා අධ්‍යක්ෂණයෙන් ස්ටැනී ද සිල්වා, සංස්කරණයෙන් සංක මල්වත්ත සහ අසුන් මල්වත්ත, සංගීතයෙන් අසේල බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරණයෙන් චාමර සමරවික්‍රම දායක වන සුදු ගින්දර ලලිතා ඩෙප් වීරසිංහගේ නිෂ්පාදනයක්.


සාරංගනා පුංචි තිරයට

ගමේ උපන් ආකාශ් නගරයට එන්නේ ඉතාලි යෑමේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින්. වෙරළේදී ඔහුට හමු වන ළලනාවිය දිය කිඳුරියක් තරම් රූප සෝබාවෙන් පිරි මනුෂ්‍ය දුවකි.

ඇය සාරංගනා. මේ හමුවීම තුළ දිග හැරෙන ප්‍රේමනීය කතාව ගාමිණී වාසලසූරියගේ ‘සාරංගනා’ නවකතාව ඇසුරින් පුංචි තිරයට ලියන්නේ ධනුෂ්ක දුෂ්මන්ත බස්නායකයි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, රෙබෙකා නිර්මලී, මියුරි සමරසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරින් චාරුණී, ජගත් බෙනරගම, ධනංජය සිරිවර්ධන, අනර්කලී ආකර්ෂා, පුබුදු ගමගේ, උත්පලා මධුෂානි, උදයංගනී සමන් කුමාරි, නන්දන හෙට්ටිආරච්චි, කිංස්ලි ලෝස්, මල්ෂානි පෙරේරා සහ චලනි අයේෂා රංගනයෙන් දායක වන ‘සාරංගනා’ මොහොමඩ් සප්රාස්ගේ අධ්‍යක්ෂණයක් සහ අසංක මල්ලිකආරච්චිගේ කැමරාකරණයක්.

සංස්කරණයෙන් චතුරංග හේවගේ, කලා අධ්‍යක්ෂණයෙන් කැලුම් එස්. බණ්ඩාර, වේෂ නිරූපණයෙන් රසික සම්පත් සහ සංගීත නිර්මාණයෙන් දිනේෂ් සුබසිංහ සප්රාස්ට සහය වෙනවා.

‘සාරංගනා’ ට ගී ලිව්වෙත් ‘සාරංගනා’ සාර්ථක කර ගන්න සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන ධනුෂ්කමයි. සමන් නලින්ද මෙහි නිෂ්පාදන කළමනාකරුයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු