වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




‘මේ ෆිල්ම් එක මට වාසනාව ගෙනාවා’

‘මේ ෆිල්ම් එක මට වාසනාව ගෙනාවා’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

බිනරි නිළියක වන්නට පෙරුම් පිරුවේ පාසල් අවදියේය.ඇය ජීවත්වූයේ බොරැල්ලේ ය. ඇයගේ පියා පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයෙකු විය.විනෝද් ජීවත් වූයේත් ඇගේ නිවහන තිබුණ පැත්තේමය. ඔවුහු එක වයසේ හොද මිතුරෝ වූහ. නාට්‍යකරුවෙකු වීමේ අරමුණින් කල් ගත කළ විනෝද්ගේ එම අපේක්ෂාව බිඳ වැටුණේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම නිසාය.ඒ වන විට ඔහු සිය මුල්ම නිර්මාණය වේදිකාවට ගෙන ඒමට සැලසුම් කරමින් සිටියේය. විනෝද් ගේ හව්හරණයට කිසිවකු නැති වෙයි.නාට්‍යකරණය පිළිබඳ සියල්ල අත හරින විනෝද් ජීවිතය අලුතින් අරඹන්නට ඇඹිලිපිටියේ පදිංචියට ගියේය. පාසල හමාර කරන බිනරි නිළියක වීමේ අභිලාෂය පසෙක ලා මව්පියන් සොයා දුන් තරුණයෙකු හා විවහ ව ඉතාලියට ගියාය. එයින් වසර ගණනාවකට පසු ඇය ආපසු එන්නේ විවාහය අතරමග බිද වැටීමෙනි.මේ වන විට චුට්ටං මුදලාලි වෙනත් ගැහැනියක හා හාදව අනුරාධපුරේ පදිංචියට ගොසිනි.තම නිවාසය අලුත් වැඩියා කරන්නට පැමිණෙන ඩික්සන් සමග හාද වන බිනරි ඔහු හා පවුල් කන්නට පටන් ගත්තාය.විනෝද් සහ බිනරි ගේ පැරණි නාට්‍ය සගයකු වූ දර්ශන ගේ මග පෙන්වීම මැද බිනරි චිත්‍රපටයකට ආයෝජනය කරන්නට පටන් ගත්තාය.ඒ තම අතැති මුදලිනි. එහි ප්‍රතිවීරයාගේ චරිතය රඟපානුයේ ඩික්සක්ය.චිත්‍රපටය අවසන් කරන්නට මත්තෙන් බිනරි සතු මුදල් අවසාන වෙයි.මේ අතරවාරයේ හදිසියේ අහම්බෙන් හමුවන විනෝද් බිනරිට උපකාර කරන්නට පටන් ගත්තේය.එහෙත් එය අතරමඟ බිඳ වැටෙනුයේ කිසියම් පිරිසක් විසින් විනොද් ඝාතනය කරනු ලැබීමෙනි. විනෝද් පාතාල ලෝකයට සම්බන්ධ නායකයෙකු බැව් අනාවරණය වනුයේ එයින් පසුවය.මේ අතරවාරයේ ඩික්සන් ද විවාහකයෙකු බැව් දැන ගන්නා බිනරි ඔහු නිවසින් පළවා හරියි.එහෙත් ඇය සොයා එන ඩික්සන් නිවස තුළ වළ දමා ඇති විනෝද් විසින් සොරා ගන්නා ලද මුදල් හා රන් ආභරණ බිනරි වෙත පෙන්වා දෙන්නේ ඇය විස්මයට පත් කරමිනි.ඩික්සන් එම මුදලින් යළි චිත්‍රපටය අරඹන්නේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කර ගනිමිනි.මේ බොරැල්ල හන්දියේ කතාන්තරයයි.

අද එතැන් සිට...

සුරේෂ් චිත්‍රපටයේ සියලු කටයුතු වලට මහන්සි වීම ඩික්සන් ට මෙන්ම බිනරිට ද අස්වැසිල්ලක් විය.ඔහු එයට සියලු කාලය කැප කළේය.

‘අපරාදේ කියන්ඩ බෑ.මිනිහා අරකා වගේ නෙවේ.කන්ඩ බොන්ඩ වුණත් එහෙම වියදම් කරන්නේ නෑ.’

ඩික්සන් පැවසුවේය.ඔහු අරකා යැයැ පැවසුවේ දර්ශන ගැනය.චිත්‍රපටයේ වැඩ කටයුතු වලදී තම දායකත්වය සදහා යැයි පැවසමින් දර්ශන කිහිප වරක්ම මුදල් ඉල්ලා සිටියේය.මුලින් මුලින් කීයක් හෝ අත මිට මෙල වූ බිනරි එක් දවසක ඔහු ගෙදරට කැඳවූවාය.

‘දර්ශන උඹ හින්දා අපි අමාරුවේ වැටුණා.මේ යන්තම් වැඩේ ගොඩ දාන්න හදන්නේ’

බිනරි ගේ එදා කතා විලාසය වෙනදාට වඩා වෙනස් බැව් දර්ශනට දැනිණ.

‘ඒ වුනාට වැඩේ පටන් ගත්තේ මම’

දර්ශන බිනරි ගේ ඇඟට ගොඩ වෙන්නට සැරසිණ.එහෙත් ඔහුට කියන්නට ගිය දේ අවසන් කරන්නට ඉඩ නොලැබිණ.බිනරි උන් තැනින් නැගී සිටියාය.

‘දර්ශන උඹ මාව දන්නවනේ ? කොච්චර කාලයක් ඉඳලද?’

‘අවුරුදු දහයක්.පහළොවක්.’

ඔහු ගණනකට නොගෙන පැවසුවේය.

‘මතක තියා ගනිං මම පිටකොටුවේ හිටපු චුට්ටං මුදලාලි ගේ දුව.උඹ මගේ මිනිහාව ගොනාට අන්දලා සල්ලි ගන්ඩ හැදුවාට මාව එහෙම තම්බන්න බෑ.උඹට බැරි අමාරුකම් තිබුණොත් උදව්වක් හැටියට කීයක් හරි ඔන නම් කියාපන්.විනෝද් ගැන කියලා කප්පං ගන්න හදන වැඩ කළොත් උඹේ කෑලිවත් තියන්නේ නෑ.උඔ දන්නවානේ අපි ගැන’

බිනරි අවසන් වචන කියාපෑවේ තවත් උස් හඬින්ය.දර්ශන එයින් තැති ගත්තේය.ඔහු වටපිට බැලුවේ පැන යන්නට තැනක් හොයන්නට මෙන්ය.තමා තඩි බැළලියකට අසු වූ මීයෙතු ගානට වැටී ඇත.ඔහු ට විනෝද් සිහියට ආවේය.

‘නෑ බිනරි මං කියන දේ අහන්ඩකෝ’

ඔහු ඇය අස්වසන්නට සැරසුණි.

‘මට කිසි දෙයක් අහන්ඩ ඕනෑ නෑ.දර්ශන මමයි කතා කරන්නේ.ඔයාට ගෙවන්ඩ ගාණක් අපේ ගාව නෑ.හැබැයි මනුස්සකමට ගානක් දෙන්නම්.මොකද සල්ලි ගස් වලින් කඩන ඒවා නෑ.තැන් තැන් වල එක එක කතා කියලා මං නරක ගෑනි කියන්ඩ එපා’

බිනරි යන්තමින් සිනාසෙන්නට වෑයම් කළාය.දර්ශන නැගී සිටියේය.අනතුරුව ඔහු ගෙයින් එළියට බටුයේය.බිනරි සමීපයේ තිබුණ අත් බෑගයක් අර ගෙන මුදල් නෝට්ටු කිහිපයක් අතට ගත්තාය.අනතුරුව ඇය එය දර්ශන අතට දුන්නාය.ඔහු එය අතට ගත්තේ වටපිට බලමිනි.

‘වුවමනාවක් වුණා නම් එන්ඩ.අනං මනං එපා’

දර්ශන මගට බටුයේ තැති ගත් හැඟිමෙනි.බිනරි ගේ මෙබඳු ස්වරූපයක් ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත.ඩික්සන් තමා සම්බන්ධව කවර මුදලක් කියන්නට ඇතිදැයි දර්ශන කල්පනා කළේය.දර්ශන හා සම්බන්ධව සිදුවීම කිසිවිටෙකත් ඩික්සන් ට හෙළි නොකරන්නට තරම් බිනරි සූක්ෂම වූවාය.එයින් පසු දර්ශන පිළිබඳ කිසිදු කතාවක් නිවසේ ඇති වූයේ නැති තරම් විය.චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනින් ඉවර කැර ගන්නට සුරේෂ් ගේ හැකියාව ඔහුට ද වඩාත් ප්‍රයෝජනවත් විය.තවත් චිත්‍රපට කිහිපයක් සදහා ම ඔහු ගේ නම කෂේත්‍රයේ කිහිප දෙනෙක් ම යෝජනා කර තිබිණ.

‘මේ ෆිල්ම් එක මට වාසනාව ගෙනාවා’

සුරේෂ් පැවසුවේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලද දවසේය.

‘පටන් ගන්න කොට පණ දෙන්න හිටපු මිනිස්සු කවුරුවත් දැන් නෑ.අන්තමට සුරේෂ් මහත්තයායි අපේ නිමල් මහත්තයායි විතරයි අපට හිටියේ’

ඩික්සන් එදින පැවසුවේය.නිමල් චිත්‍රපටයට මුලින් සම්බන්ධ වූයේ කැමරා ශිල්පියා හැටියට ආඩපාලි කියමින වුවත් ඔහු ද එහි වගකීම බර කරට ගත්තේය.

‘දැන් සංස්ථාවත් එක්ක කතා කර ගෙන රිලීස් එකට ලෑස්ති වුනාම හරි.’

සුරේෂ් සියල්ල පැහැදිලි කළේය.චිත්‍රපට බෙදා හරින ලද්දේ සංස්ථාව මඟිනි.චිතපට නිෂ්පාදනයේ පැවැති ගැටලු හා රටේ පැවැති වාතාවරණයත් චිත්‍රපට තැනීම අඩු කොට තිබිණ.

‘ඉක්මනින් ෆිල්ම් එක පෙන්නන්න හම්බ වෙයි’

නිළධාරියෙකු පැවසුවේය.බිනරි එයට හිස සැලුවාය.

පෝස්ටර් ගහන්ඩ.කටවුට් ගහන්ඩ කියන්ඩ.ෆිල්ම් එක පෙන්නන්කම් ඉන්නැතිව ලෑස්ති වෙන්ඩ.

නිළධාරියා උපදෙස් දුන්නේය.චිත්‍රපටය තනනවාට වඩා එය පෙන්වීම අසීරුයැයි බිනරිට වැටහිණ.

‘අපිට පෙන්නන්න හදන්න යනවාට වඩා සල්ලි යයි වගේ.’

බිනරි පැවසුවාය.

‘ඔව් පත්තරවලට කියලා සාදයක් තියන්න ඕනෑ.කටවුට් ගහන්ඩ ,ප්‍රින්ට්ස් ගහන්ඩ ඕනෑ’

සුරේෂ් එවර වියදම් යන රටාවන් රාශියක්ම පැවසුවේය.බිනරි සහ ඩික්සන් එකිනෙකා මුහුණ බලා ගත්හ.එබදු වියදම් ගැන ඔවුහු එයට පෙර කල්පනා නොකළහ.

‘එතකොට මේ හැදුව වගේ වියදමක් යනවනේ පෙන්නන්න’

බිනරි ඇසුවේ විසදුමක් හොයමිනි.ඇයගේ සිතේ උකටලී හැඟිමක් ඇති විය.

‘දැන් සංස්ථාව මැදිහත්වෙලා ප්‍රින්ට්ස් වලටයි.පබ්ලිසිටි වලටයි සල්ලි ටිකක් හොයා ගත්තෑකි.ලෝන් එකක් හැටියට.ඒත් පබිලිසිටි වලට දෙන ගාන මදි’

සුරේෂ් කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තේය.ඔහුගේ දැන හැඳීනකම් මෙන්ම අත්දැකීම් ද බිනරි ප්‍රයෝජනයට ගන්නට තීරණය කළාය.

විනෝද් වෙතින් ලැබුණු මුදල් වැය ව ඇති වග පෙනෙන්නට තිබේ.ඩික්සන් ලැබුණු මුදල් නිකම් ලැබුණු ලොතරැයියක ගාණට වියදම් කළායැයි ඇයට සැක සිතින.

‘කොහොමටත් සූදු කාරයානේ’

ඇය තමන්ගේ වාසියට ගණන් බලා ගත්තාය.

‘අපිට ගාණක් මිම්මක් තිබුණෙත් නෑ’

බිනරි පැවසුවේ ආඩපාළියක ස්වරූපයෙනි.

‘කඩෙන් එන ගාණත් මදි’.ඩික්සන් පැවසුවේය.

‘මට හිතෙනවා තාත්තාගෙන් සල්ලි ටිකක් ඉල්ලා ගන්ඩ.එයා දෙන්ඩ එපායැ’.

බිනරි පැවසුවාය.ඩික්සන් කිසිත් නොකියා බලා සිටියේය.පසුගිය දවස් වල ලැබුණු මුදල් කොපමණදැයි ඔහ සිතින් ගණන් කළේය. සඟවා තිබුණ මුදල් මෙනම් එහි තිබුණු රත්තරන් භාන්ඩ කිහිපය ද අලෙවි කොට ලැබුණු මුදල් වැය කළේ චිත්‍රපටයටය.බිනරි ඔහුට මුදල් දුන්නේ සොයා බලමිනි.පුරුදු රස්සාවට යළි යෑම මදි කමක් බඳුය.එහෙත් එබදු එදා වේල සොයා ගැන්මකින් චිත්‍රපටය තිර ගත කරවීමට නොහැක.

‘තාත්තා දෙන්ඩ එපායැ.මම ඒවායේ එකම’ උරුමක්කාරිනේ.මොකෝ අමිම තාත්තා ගෙන් ඩිවෝස් වෙලායැ

බිනරි පැවසුවේ එක හිතකට සියලු සිතුවිලි ගනිමිනි.