වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

 ‘සරසවිය’ අප පාඨකයන්ගේ අදහස්වලට නිබඳව ගරු කරන්නේය. ඒ සඳහා වෙනමම පිටුවක් වෙන් වන්නේ එහෙයිනි. ගතානුගතික එහෙමත් නැතිනම් සාම්ප්‍රදායික සිතුවිලිවලට වඩා මෙහිදී අවැසි වන්නේ නැවුම් අදහස්ය. ඇතැම් විට ඒවා ප්‍රබල විවේචන වන්නට පුළුවන. එහෙත් ඉන් මුළු ක්ෂේත්‍රයටම අනඟි පණිවුඩයක් දෙනු ඇත.

එවන් වූ නැවුම් අදහස් ක්ෂණිකව

0752805047

යන අංකයට හෝ ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවිය හැකිය.

මෙන්න රියල් සුපර් ස්ටාර්ලා

අපේ යුගයේ ගී ලොව බිහි වූ රියල් සුපර් ස්ටාර්ලා හැටියට හඳුන්වාදීමට සුදුසු ගායක ගායිකාවන් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ නාමල් උඩුගම, ග්‍රේෂන් ජයමහ, ප්‍රින්ස් උදයප්‍රියන්ත, අතුල අධිකාරි, අජිත් ආරියරත්න, අජිත් මුතුකුමාරණ, අජිත් පෙරේරා, ප්‍රියාන් පතිරණ, ප්‍රියංක රංමණ්ඩල, හෙලන් අත්තනායක, ආත්මා ලියනගේ, ජාලිය රණතුංග, රෝයි පීරිස්, අසංක ප්‍රියමන්ත පීරිස්, කිංස්ලි පීරිස්, දිනේෂ් නානායක්කාර, ප්‍රදීප් වීරසිංහ, අතුල ලෙව්කේ බණ්ඩාර, ටිරෝන් මද්දුමගේ, මර්සලීන් පතිරණ, අතුල ශ්‍රී ගමගේ, ශ්‍යාමි නදීශා, ලලිත් පොන්නම්පෙරුම, මාධව ඉඳිකැටිය, රොෂාන් ප්‍රනාන්දු, නීල්, නෙල්සන් වාස්, අමිල තරංග, ඉන්ද්‍රජිත් දොලමුල්ල, සංජීවනී වීරසිංහ, සමිතා මුදුන්කොටුව, ශානිකා වනිගසේකර, සුභානි හර්ෂනී, උරේෂා රවිහාරි, චම්පා කල්හාරි වැනි අයයි.

ඔවුන් වචන පරිසමාප්ත අයුරින්ම රියල් සුපර් ස්ටාර්ලාය. ඔවුන් එම තත්ත්වයට පැමිණියේ සුපිරි දුක් ගැහැට විඳිමිනි. කෝටි ගණනක් වටිනා වාහන ගෙවල් සහ සල්ලි මිටි ගණන් කවුරුවත් පූජා කොට ඉහළට තැබුවේ නැත. මාධ්‍ය මඟින් පුම්බන මෙලෝ රහක් නැති සුපර් ස්ටාර්ලා වගේ නොව මොවුන් රියල් සුපර් ස්ටාර්ලාය.

සුසන්ත සම්පත්

පිටිගල

සඳා ටෙලි නාට්‍ය නිර්මාණය කළ

ශාන්ත සොයිසාට,

ඔබ නිර්මාණය කරන ටෙලි සිතුවම්වල අපූරු රූප රාමු තියනවා. ටෙලි නාට්‍ය රස විඳිනවා නම් ඔබේ නාට්‍ය පමණක් යැයි මම සිතමි.

එස්. සාගායන

ශ්‍රාවස්තිපුර

අළුබඳුන විශිෂ්ටයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන අළුබඳුන ටෙලි නාට්‍යය නව ආරකින් අමුතුම ශෛලියකින් නිර්මාණය වූ විශිෂ්ට නාට්‍යයකි.

තිලකරත්න විල්වල

කෑගල්ල

මේ චිත්‍රපට නැවත නිෂ්පාදනය කරන්න

එදා රසික සිත අමන්දානන්දයට පත් කරමින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණ ධීවරයෝ, ආත්ම පූජා, සැනසුම කොතැනද, සූර චෞරයා වැනි චිත්‍රපටවල පිටපතක් පවා අද නැත. එහෙත් ධීවරයෝ චිත්‍රපටයේ ගාමිණී, සන්ධ්‍යා රඟපෑ චරිතත්, ආත්ම පූජා හී ගාමිණී, ක්ලැරිස් රඟපෑ චරිත සහ සැනසුම කොතැනද චිත්‍රපටයේ ගාමිණී, සන්ධ්‍යාත් රඟපෑ අන්දම රසික සිත්වල සදා නොමියෙන පරිද්දෙන් ජීවත් වෙති. අද පරපුරට දැක ගැනීම සඳහා එම චිත්‍රපට නැවත නිෂ්පාදනය කරන්නේ නම් යෙහෙකි.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

දෙරණට අපේ ප්‍රණාමය

චිත්‍රපට අධ්‍යක්ෂ ලෙනින් මොරායස්ගේ 19 වැනි ගුණඅනුස්මරණ සමරුව නිමිත්තෙන් උපහාරයක් වශයෙන් ඔහුගේ චිත්‍රපට ප්‍රේක්ෂක සැමට යළි දැක බලා ගැනීමට අවස්ථාව උදා කර දුන් දෙරණ නාලිකාවට අපගේ ප්‍රණාමය පුද කරමි.

පාලක සමන් පෙරේරා

හැඳල

සෝමරත්න දිසානායක මාමාට,

සෝමෙ මාමේ, ඔයාගේ සිරි පැරකුම් චිත්‍රපටය අපි බැලුවා. හරිම ලස්සනයි. සිරි පැරකුම් චිත්‍රපටයේ එන සිංදුත් හරිම ශෝක්. අයෙත් මේ වගේම ලස්සන චිත්‍රපටයක් කරන්න. අපි ආයෙත් යනවා සිරි පැරකුම් නරඹන්න. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.

සධීර මධුෂාන් සේනාධීර

සහන් නිවන්ත සේනාධීර
ජාඇල

****************************************************************************************************************

මේ SMS ප්‍රතිචාර තීරයයි

විජය නැති අඩුව එදාට වඩා දැනෙන්නේ අදයි. ඔහු අද සිටියා නම් අපූරුවට පියාගේ චරිතය ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටවල මවනු ඇත.

මහේෂ්

උයන්වත්ත

මාතර

මල් දෙවට හැම අතින්ම හොඳ ටෙලි නාට්‍යයකි.

නිමල් කුලසේකර

අගුලාන

ඉන් ෆාස් සහ ඉරාජ් ගයන මගේ ආදර හිමිකාරි ගීතය ඇත්තටම හරි අගෙයි. එහි රූප රචනය ඉතාම සිත්කළුයි.

ශානි හසාරා

මීපාවල

පළමුව පැයකට පසු
දෙවනුව අඩ පැයකට පසු
දැන් පැයකින් අඩකටත් පසු
අනාගතයේදී ටී. වී චැනල්වලින් විනාඩි පහෙන් පහටත්, පසුව විනාඩියෙන් විනාඩියටත් වෙලාව කියාවි.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

ජීවන්, සබීතා, දිල්හානි, සනත් වැනි ජනකාන්ත තරු යොදා වාණිජ සිනමාපටයක් කරන මෙන් සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් ආදරණීය ඉල්ලීමක් කරමි.

සංඛ

පානදුර

උදිත් අබේරත්න අයියා පුංචි තිරයට ආඩම්බරයකි.

නිලූකා

අවිස්සාවේල්ල

පිටපත් තිස් පහකට චිත්‍රපට මුදා හැරීම සීමා කිරීම ග්‍රාමීය මට්ටමේ කුඩා සිනමාහල්වලට කරන බලවත් අසාධාරණයකි.

ප්‍රසන්න පෙරේරා

රෝයල් සිනමා

කහවත්ත

චන්ද්‍රලේඛා පෙරේරා රඟපෑ ‘රේඛා’ ටෙලි නාට්‍යය නැවතත් විකාශය කරන්න.

හෙන්රි

පෑලියගොඩ

ජෝති ගීත වෙන අය ගැයීම අනුන්ගේ පහනින් එළිය බැලීමකි.

අනුලාවතී

කුඩගම

අවිස්සාවේල්ල

සිරස ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ජී. එම්. මහත්තයා වැඩසටහන අප හැමෝටම වැදගත් වන ආදර්ශමත් වැඩසටහනකි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ස්වර්ණවාහිනියේ ග්‍රේට් ලේඩිස් වැඩසටහන ඉදිරිපත් කරන අප්සාරි කොණ්ඩෙ බඳින විදිහ හරිම පිළිවෙළයි.

එන්. කුමාරිහාමි

වැලිමඩ

අති දක්ෂ විකට නළු බන්දු සමරසිංහ රෝදය වගේ චිත්‍රපටයක් යළි අධ්‍යක්ෂණය කරන්න.

නාමල්

අකුරැස්ස

පිය පුතු පරපුරේ ගායක පුතණුවන් විසින් පියාණන්ගේ ගීත පමණක් ගායනා නොකර තමාගේ අනන්‍යතාවය ද සුරැකෙන පරිදි නව නිර්මාණ ද කරනවා නම් හොඳයි.

දමයන්ති කුමාරි

හොරණ

හිරු ටී. වී. උත්තරීතර වැඩසටහනට ප්‍රශංසා කරමි.

යසාර

මහබාගේ

මේනකා පීරිස්ගේ නියම රංගනය අප දුටුවේ මල් දෙවැට ටෙලි නාට්‍යයේය.

කාන්ති

වේරහැර

දැන් දැන් රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්තිවල කිසිදු හරයක් නැත. ඒවා ද මෙගා නාට්‍ය බඳුය. මිනීමැරුම් ආදිය එළිපිටම කරන හැටි පෙන්වයි. මිනිසුන්ගේ විලාප අද ප්‍රවෘත්ති හරහා පෙන්වා ඔවුන්ගේ මාර්කට් එක හදා ගනියි. අනේ අපේ ප්‍රවෘත්ති කලාවට ගිය කලක්.

ජයන්ති

පිංවත්ත

ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මාණය කළ ගීත ඇනෙස්ලි, ඉන්ද්‍රාණි, අනිල් භාරතී වැනි ශිල්පීන්ට ගයන්නට තහනම් කොට තිබේ. එය මහා පාපකර්මයක් ලෙස මම දකිමි.

මිහිරි

වාද්දුව

අභීත දියණි අවසන් වූ පසුව තවත් එවන් වූ කතාවක් ලබා දෙන්න.

නිශාන්

අම්බලන්ගොඩ

මහින්ද පතිරගේ ගේ විකට ජවනිකාවලට ඉල ඇදෙන්න හිනා යනවා. ඔහුගේ රංගනය කැපිච්ච පණුවන් වගේ දඟලන ඇතැම් විකට නළුවන්ට කදිම ආදර්ශයකි.

හේෂාන්

වතුරුගම

රත්න ශ්‍රී විජේසිංහගේ පද ගැළපුම් හරියට මාලයක මුතුª අමුනනවා වැනිය. එතරම්ම පිළිවෙළය. දුරු කතර ගෙවා ගෙන, මාල ගිරවියේ, සුදු නෙලුම කෝ වැනි ගීත සුභාවිත ගීතයේ පිබිදීමට මහත් රුකුලක් විය.

මුහන්දිරම්

හන්තාන