වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්දානයේ රටවිරුවෝ

ජෝර්දානයේ රටවිරුවෝ

චානක ජයසූරිය එරංගා සංජීවනී
සිසිල් ද සිල්වා ප්‍රමුක් ප්‍රියදර්ශන

හල්මි සුභාෂණි අරුණි බුද්ධිකා

සෑම ඉරු දිනකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ හමුවට එන්නේ ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වැඩ සටහනයි. විදේශයන්හි රැකියාවල නිරතවූවන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් ඔස්සේ මේ වන විට කුවේට්, කටාර් සහ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සිය ගායන නර්තන දස්කම් දක්වා අවසන්. අද රටවිරුවෝ වේදිකාව ඉදිවෙලා තියෙන්නේ ජෝර්දානයේ. මේ එහි ප්‍රථමයෙන් සිය කලා කුසලතා පෙන්වන රටවිරුවන්.

ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාවට ප්‍රථමයෙන් පැමිණෙන්නේ මාදූවගේ සිසිල් ජයලත් ද සිල්වා. ගායනයට තිබූ සහජ හැකියාවෙන් පාසල් කාලයේ සිටම ගායනයට උනන්දු වූ ඔහු සංගීත කණ්ඩායම් සමඟ සිය ගායන හැකියාවන් පෙන් වුවත් අද එය රටවිරුවෝ වේදිකාවෙන් ලොවටම පෙන්වන්න සූදානම්. අම්බලන්ගාඩ පදිංචි සිසිල් ජයලත් විදෙස් සේවයට එක් වී ඇත්තේ 2007 වසරේ සිටයි.

ජෝර්දානයේ තත්ත්ව පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ නිරත එස්. ප්‍රමුක් ප්‍රියදර්ශන මීළඟට රටවිරුවෝ වේදිකාවට එක්වන ගායන තරුවයි. පාසල් කාලයේ සිට ගායනයට තිබූ උනන්දුවෙන් ඒ කෙරෙහි යොමු වූ ඔහුට සිය ගායන හැකියාව එළිදක්වන්න අවස්ථාව උදා වුණේ රටවිරුවෝ වේදිකාව හරහායි. පානදුර පදිංචි ප්‍රමුක් විදෙස් සේවයට එක්වෙන්නේ පසුගිය වසරේදීය.

ගාල්ලේ පදිංචි අරුණි බුද්ධිකා සිය විචිත්‍රවත් නර්තනයෙන් ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාව අලංකාර කරන්න සූදානම්. පාසල් කාලයේ සිට නර්තනය විෂයක් ලෙස හැදෑරූ ඇය එම දස්කම් එළිදක්වන්න තෝරා ගත්තේ ජෝර්දානයේ ඉදි වූ රටවිරුවෝ වේදිකාවයි.

එරංගා සංජීවනී රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන තවත් ගායන තාරකාවක්. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඇය පාසැල් මට්ටමේ ගායනා තරඟවලදී ප්‍රථම ස්ථානයන් ද හිමිකර ගැනීමට සමත් වූ අයෙක්. මේ වසරේ සිට ජෝර්දානයේ සේවයට එක් වූ එරංගා සංජීවනීගේ අනාගත බලාපොරොත්තුව සංගීත ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නයි.

හල්මි සුභාෂණි ද සිල්වා අද රටවිරුවෝ වේදිකාව හැඩ කරන්න එක්වන නර්තන තරුවක්. කුඩා කාලයේ සිටම නර්තනයට යොමු වූ ඇය තම නර්තන හැකියාවන් එළි දක්වන්නට ලැබුණේ රටවිරුවෝ වේදිකාවෙන්. බලපිටියේ පදිංචි හල්මි සුභාෂිණි ද සිල්වා ජෝර්දානයේ සේ්වයට එක් වන්නේ මේ වසරේ මුල සිටයි.

හෙට්ටිපොල පදිංචි චානක ජයසූරිය සිය මියුරු ස්වරයෙන් ජෝර්දානයේ රටවිරුවෝ ටැලන්ට ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම්. පාසල් කාලයේ සිට ගායන හැකියාවන් වගේම කථික තරඟවලින්ද සමස්ත ලංකා මට්ටම දක්වා ගමන් ගත් දක්ෂයෙක්. ගායනයට වාගේම ක්‍රීඩා

ක්ෂේත්‍රයේ ද දස්කම් දක්වන චානක ජෝර්දානයේ විදෙස් සේවයට එක් වෙන්නේ 2007 වසරේ සිටයි.