වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අයි. පී. එල්. ඔට්ටු චෝදනා

අයි. පී. එල්. ඔට්ටු චෝදනා

නළු නිළිකමත් සූදුවකි. වෘත්තීය ජීවිතය සාර්ථකවීම හෝ අසාර්ථක වීම ගැන කිසිවකුටත් අනාවැකි කීමට නුපුළුවන. ශිල්පා ෂෙට්ටි රංගනය නම් සුදුවෙන් ජය ලැබුවාය. එහෙත් අයි පී එල් කුසලානය සමඟ පවත්වන සූදුවෙන් නම් පරාජය ලබන පාටය.

රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් වූ රාජ් කුන්ද්‍රා සහ ශිල්පා ෂෙට්ටි තම පිළ වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමේ සැකයට දිල්ලි පොලීසිය විසින් රාජ් කුන්ද්‍රාගෙන් පැය 11 ක් ප්‍රශ්නකර තිබේ. මේ වන විට විදෙස් ගතවීමට නොහැකි ලෙස ඔහුගේ ගමන් බලපත්‍රය ද අත්හිටුවා ඇත. ඔට්ටු ඇල්ලීමෙන් රාජ්ට මුදල් ද අහිමි වී තිබේ.