වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය-116

මිහිදුම් සිහින

තිරගත වූ දිනය – 1982 සැප්තැම්බර් 03

ඉදිරිපත් කිරීම - මෙව්නා ෆිල්ම්ස්

සංගීත අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - සරත් දසනායක

අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – දයා විමලවීර

කතාව, දෙබස් සහ තිර රචනය - සෝමවීර සේනානායක

කැමරා සහාය – බන්දුල කුරේ

සහාය අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන

සංස්කරණය - උපසේන විමලවීර (දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය)

අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු

අංග රචනා සහාය - කේ. ඩී. සිරිපාල, නිමල් රාජපක්ෂ

කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග(සරසවි චිත්‍රාගාරය)

ශබ්ද සහාය – උපාලි අරඹේවත්ත, උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ඒ. පොඩි මහත්තයා

සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

ඇඳුම් සැකසුම – අමරා දහනායක, ස්මාට් වෙස්ට්රින් ට්‍රේලර්ස්

කොණ්ඩා සැකසුම සහ ආභරණ – ලලිත් ධර්මවර්ධන

රසායනාගාර සහාය – වී. සිවදාසන්, එස්. යෝගරාජා, ආර්. ජයවර්ධන

නාමාවලිය – නන්ද කුමාර දසනායක

නිෂ්පාදන කළමනාකරණය - කුමාරදාස ජයසිංහ සහාය - එම්. පී. ගුණසේකර

නිෂ්පාදන අධිකාරි – ජී. එම්. ජිනදාස, උපාලි ධනවලවිතාන

නිශ්චල ඡයාරූප – ආනන්ද පෙරේරා

ගීත ප්‍රබන්ධය – කුලරත්න අරියවංශ, උපාලි ධනවලවිතාන, සෝමපාල ලීලානන්ද, ආනන්ද එස්. විජේසිරි

ගීත -

සමුදුර සතකින් එහා - වික්ටර් රත්නායක – පද – උපාලි ධනවලවිතාන

සාස්තරේ සාස්තරේ කාටදෝ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

මල් තලාවේ රෑ වලාවේ – ලතා වල්්පොල

සීත හිම රැල්ලේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

සරාසඳේ සිනා සේලේ - එච්. ආර්. ජෝතිපාල - පද කුලරත්න ආරියවංශ

කඳුළැලි නෑනේ අප රැහේ – මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන – පද සෝමපාල ලීලානන්ද

නළු නිළියන් -

මාලිනී ෆොන්සේකා (වීණා), විජය කුමාරණතුංග (විජිත), රෝයි ද සිල්වා (සින්නා), සුමනා අමරසිංහ (රාජිනි), වේහැල්ලේ පියතිලක (නායක ආරච්චිල), දයානන්ද ජයවර්ධන (රාජිනිගේ පියා), දෙනවක හාමිනේ, මර්වින් ජයතුංග, ජයසේකර අපොන්සු, ශිරාණි නුගේරා, සමන්ති ලැනරෝල්, ශ්‍රීමා කොඩිකාර, ඇග්නස් සිරිසේන, දොන් සිරිසේන, බන්දු සමරසිංහ, කිංස්ලි මාන්නප්පෙරුම, රාජු කුමාරසිංහ

මේජර් සර්

තිරගත වූ දිනය – 1982 සැප්තැම්බර් 10

ඉදිරිපත් කිරීම – ඩී. අයි. ජී. ෆිල්ම්ස්

නිෂ්පාදනය – නිහාල් මහින්ද මාන්නප්පෙරුම

අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - දයා විමලවීර

දෙබස් සහ තිර රචනය – ඇන්ටන් අල්විස්

කැමරා සහාය – බන්දුල කුරේ, නෝබට් රත්නසිරි

සහාය අධ්‍යක්ෂණය - කොලින් පෙරේරා, රංජිත් සිරිවර්ධන

සංස්කරණය - උපසේන විමලවීර

අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන සහාය – ආනන්ද පෙරේරා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – එඩ්වඩ් බෝපේආරච්චි, ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා

රසායනාගාර කටයුතු - ඇස්. තිරුනාවුකරසු, වී. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය, රජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා

කැමරා උපකරණ - සිනෙක්විප් සර්විසස්

ඇඳුම් නිර්මාණය - කරුණා බතික් / ත්‍රිසා එම්. ප්‍රනාන්දු

දෙබස් පටිගත කිරීම – එල්රෝයි අල්මේදා (දිසානායක චිත්‍රපට සමාගම)

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත -

ඈතින් ඈතට සයුරු තරංගා - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

ජීවිතයේ සැඳෑ සමයේ - විශාරද ගුණදාස කපුගේ

ගොළු මුහුදේ තරඟ මතින් – විශාරද ගුණදාස කපුගේ

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි – විශාරද ගුණදාස කපුගේ - පද සුනිල් සරත් පෙරේරා (මෙම ගීතය ද චිත්‍රපටය සඳහා ඇතුළත්ව තිබිණ)

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, චන්ද්‍ර ආනන්ද මාන්නප්පෙරුම, විමල් කුමාර් ද කොස්තා, දෙනවක හාමිනේ, මානෙල් මාන්නප්පෙරුම, නවනන්දන විජේසිංහ, රාජු කුමාරසිංහ, දුෂාන්ති මේනකා විමලවීර, මිල්ටන් ප්‍රනාන්දු, ඩිලාන්ති නිල්මිණි, රාණි සිල්වා, පද්මා සෙනෙවිරත්න, පියසිරි ගුණරත්න, කිංස්ලි මාන්නප්පෙරුම, ආරියදාස මෙල්වින් ද සිල්වා, මර්වින් සෙනෙවිරත්න, මහේෂ් සුජීව මාන්නප්පෙරුම

ප්‍රදර්ශනය – ක්‍රවුන්- මරදාන, මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, කුවින්ලන්- නුගේගොඩ, චිත්‍රා - කළුතර, පබ්ලික්හෝල් - ගම්පහ, ඕඩියන් – මහනුවර, චන්ද්‍රා - අවිස්සාවේල්ල, කුවින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ඡායා - කෑගල්ල යන සිනමා ශාලාහි ප්‍රදර්ශනය ඇරැඹීය.

චතු මධුර

තිරගත වූ දිනය – 1982 සැප්තැම්බර් 24

ඉදිරිපත් කිරීම - සංඛ ෆිල්ම්ස්

නිෂ්පාදනය - චන්ද්‍ර එදිරිසිංහ

අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල්

කතාව සහ නිෂ්පාදන කළමනාකරණය - ඇන්ටනට් ද සිල්වා

දෙබස් හා තිර නාටකය – ගාමිණී ජයසිංහ

සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයසිංහ

කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - රෙජී ද සිල්වා

කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්

සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරන්ස් විජේවර්ධන

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල, ආනන්ද එස්. විජේසිරි, ක්ලැරන්ස් විජේවර්ධන

ගීත -

පුතුනේ නුඹ වෙනුවෙන් – නීලා වික්‍රමසිංහ

අඹ අත්තක මල් පිපිලා- ක්ලැරන්ස් විජේවර්ධන, මරියසෙල් ගුණතිලක

අමතක කර දමා සිතේ – ක්ලැරන්ස් විජේවර්ධන

චතු මධුර – ටී. එම්. ජයරත්න

නළු නිළියන් -

සනත් ගුණතිලක (සුනිල්), අනුෂ්කා මැදිවක (නාමලී), අනුර මැදගොඩ (අනුර), සමන්ති ලැනරෝල් (සමන්ති), දමයන්ති ෆොන්සේකා (කුමුදු), ශාන්ති ලේඛා (නාමලීගේ මව), ලිලියන් එදිරිසිංහ (සුනිල්ගේ මව), බී. ඇස්. පෙරේරා, රෝහිණී ජයකොඩි, කුමුදුමලී ද සිල්වා, පර්ල් වාසුදේවි, හැරී විමලසේන, පියසේන අහංගම, නිහාල් ගමගේ, දේවින්ද මාක්, පුෂ්පකාන්ති අක්මීමන, රත්මලී මනතුංග, අයිරාංගනී ශ්‍රියාකාන්ති ෆොන්සේකා

ප්‍රදර්ශනය – හයවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී

ආරම්භක සිනමා ශාලා -

අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, අප්සරා - හෝමාගම, මිලාමෝ - කෑගල්ල, ඉම්පාලා - රාජගිරිය, වේල්ස් - මහනුවර, සමුපකාර – හි¼ගුරක්ගොඩ, එමෙස් – මොරටුව, කන්ට්‍රාස් - කිරිබත්ගොඩ, නිව් සිනමා - මාතර, නිව් මිනර්වා - කළුතර, මහලේකම් – කුලියාපිටිය, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, රත්නාවලී – ජාඇල, සෙන්ට්‍රල් - මාතලේ

කැලෑ මල්

තිරගත වූ දිනය – 1982 සැප්තැම්බර් 24

ඉදිරිපත් කිරීම - දිල්කි ෆිල්ම්ස්

නිෂ්පාදනය – අනෝජා වීරසිංහ, නන්දන ඩෙප් වීරසිංහ

අධ්‍යක්ෂණය – මහාචාර්ය සුනිල් ආරියරත්න

කතාව - ටී. බී. ඉලංගරත්න සූරීන් (ඔහුගේ මෙනමින් යුත් නවකතාව ඇසුරිනි)

දෙබස් සහ තිර රචනය – ධර්ම ශ්‍රී මුණසිංහ

සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක

කැමරා අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ

සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු

අංග රචනය – ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

ශබ්ද පරිපාලනය – එස්. සාරාංගරාජා, කේ. පී. කේ. බාලසිංහම්, කේ. බාලසුබ්‍රමනියම්

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - හොංකොං

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

ගීත පටිගත කිරීම – විජය චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරු - සිරිතුංග බී. පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - එච්. එම්. ජයවර්ධන

ගීත ප්‍රබන්ධය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත -

කුන්ද කැලේ පූදින්නේ - මායා දමයන්ති පෙරේරා

කැලෑ මල් පිපේ - සුනිල් එදිරිසිංහ

නළු නිළියන් -

ජෝ අබේවික්‍රම (දාස), අනෝජා වීරසිංහ

(පුෂ්පලතා), සනත් ගුණතිලක (චන්දන), ඩග්ලස් රණසිංහ (තිස්ස), ලීනා ද සිල්වා (නැන්දා), ස්වර්ණා මල්ලවආරච්චි, නීල් අලස්, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුණවෙල, ස්ටැන්ලි පෙරේරා, අනුර මැදගොඩ, සෝනියා දිසානායක, තිස්ස උඩංගමුව, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුගත් සමරකෝන්, ප්‍රැන්සිස් වීරකෝන්, නවනන්දන විජේසිංහ, තිලක් කුමාර රත්නායක, ප්‍රසන්ජිත් අබේසූරිය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛවර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය.

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන් - මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජයන්ති – කඩුවෙල, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, මුවිටෝන් – දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, මොඩර්න් – කුරුණෑගල, ජෝති රත්නපුරය යන සිනමා ශාලාහිදී ප්‍රදර්ශනය අරඹන ලදී.

මලට නොඑන බඹරු

තිරගත වූ දිනය – 1982 ඔක්තෝම්බර් 29

ඉදිරිපත් කිරීම – යථාරූ චිත්‍රපට

නිෂ්පාදනය - සුනිල් ෆොන්සේකා, එච්. ඒ. ප්‍රේමසිරි

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – චන්ද්‍රරත්න මාපිටිගම, ෂෙල්ටන් පයාගල

කතා සංකල්පය, සම නිෂ්පාදනය – එස්. ඒ. ෆොන්සේකා

සහාය අධ්‍යක්ෂණය - ඊවන් සුවාරිස්

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න සහාය - සුමින්ද වීරසිංහ

සංස්කරණය – ලාල් පියසේන - සහාය – උපාලි අමරතුංග

සංස්කරණ මැදිරිය - සමරසිංහ චිත්‍රපට සංස්කරණ මැදිරිය

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ලීලාරත්න වඩුගේ

කලා සහාය – එච්. සී. ඒ. විජේරත්න, නිමල් පෙරේරා

ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යානාදන් (රජයේ චිත්‍රපට අංශය)

රසායනාගාර කටයුතුª - වී. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

චිත්‍ර මූර්ති සිතුවම් හා නාමාවලිය – රංජිත් නයනානන්ද

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්

ඇඳුම් සැලසුම් – චූලා නානායක්කාර

නිෂ්පාදන කළමනාකරණය - මහේන්ද්‍ර රංජිත් පීරිස්

නිෂ්පාදන කෘත්‍යාධිකාර – ලිලාරත්න වඩුගේ

නිශ්චල ඡායාරූප - ප්‍රසන්න පරණවිදාන

සංගීත අධ්‍යක්ෂණය - සේන වීරසේකර

මෙම චිත්‍රපටයට ගීත ඇතුළත් නොවීය

රංගනය -

ජෝ අබේවික්‍රම, සුවිනීතා කෝන්ගහගේ, ටෝනි රණසිංහ, අජිත් ජිනදාස, විජේරත්න වරකාගොඩ, රංජිත් දයානන්ද, ගාමිණී සමරකෝන්, ශිරාණි කෞෂල්‍යා, ලීනා ද සිල්වා, සීතා කුමාරි, ප්‍රේමදාස විජේකෝන්, සුසිල් පෙරේරා, ශිරෝමණි රේණුකා, අටුලුගම පුෂ්පා කාන්ති අක්මීමන, අසෝක සේරසිංහ, කුමාර කරුණානන්ද, චාන්දනි ගුණවර්ධන, දිස්නා ප්‍රනාන්දු, ලලිත් ගාමිණී වීරසිංහ

ප්‍රදර්ශනය – රීගල් – කොළඹ, ලිඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍රා - වත්තල, ටවර් - මොරටුව, නිව් ඉම්පීරියල් - අවිස්සාවේල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, අනුර – අම්බලන්ගොඩ, බ්‍රෝඩ්වේ – මාතර, වෙම්බ්ලි - මහනුවර, සිනෙක්ස්පෝ – කුරුණෑගල, සාගර – හලාවත, රීගල් - අම්පාර, ලිබර්ටි – බදුල්ල