වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -97

සිංහල සිනමා විස්තරය -97

සිරිබෝ අයියා

තිරගත වූ දිනය – 1980 මැයි 16
ඉදිරිපත් කිරීම – පලන්සූරිය චිත්‍රපට
නිෂ්පාදනය – රංජිත් පලන්සූරිය
සම නිෂ්පාදනය – ධර්මප්‍රිය පලන්සූරිය, ජිනදාස පලන්සූරිය, ආර්. ලයනල් ද සිල්වා, ඩී. බී. එන්. යසරත්න
අධ්‍යක්ෂණය - සුනිල් ආරියරත්න
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ලාල් හෑගොඩ
කතාව - පියදාස පලන්සූරිය ශූරීන්ගේ ‘සිරිබෝ අයියා’ කෘතිය ඇසුරිණි
කැමරා අධ්‍යක්ෂණය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු
සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ
කැමරා සහාය - සෝමරත්න ඉඹුලේගම, ආරියදාස විතානගේ, විජය බණ්ඩාර කරුණාරත්න, සරත් කුමාර
ආලෝකය මෙහෙයවීම – නිමල් බන්දුසේන, කරුණාදාස පතිරණ
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
නාමාවලිය - සෝමසිරි හේරත්
පුපුරණ ද්‍රව්‍ය පරිපාලනය – කරුණාදාස අතුරුගිරිය
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, හැඳල
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
රසායනාගාර සහාය – වී. සිවදාසන්, ආර්. ජෝන්. පීටර් රේමන්ඩ්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ලලිත් පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, නිමල් රණවක
නිෂ්පාදන කළමනාකාරීත්වය – නිමල් පීරිස්, අනුර හෑගොඩ, එච්. පී. වින්සන්
නිශ්චල ඡායාරූප - ලාල් හෑගොඩ
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක
කවි පබැඳුම් – පියදාස පලන්සූරිය (ජන කවි ඇසුරින්)

ගායනා - ඩබ්. ඩී. අමරදේව, නන්දා මාලිනී ගෝකුල

කවි ගායනා -
මන් තොස වසන අසන් නුඹ පා . . .
පාට වර්ණ ඇටි කුකුළෙනි . . .
සඳට හොරෙන් සඳ . . .
කළේ තියෙන ගෙයි . . .
ගිරවුන් හැරගියත් . . .
සවි ඇති කලට . . .
වැල්ලේ පිපෙන බිම් මල . . .

ධාවන කාලය – පැ: 1 වි: 35

නළු නිළියන් -
ජෝ අබේවික්‍රම (සිරිබෝ හාමි), වසන්ති චතුරානි (බිසෝ), ගීතා කුමාරසිංහ (එමා නෝනා), සෝමලතා සුබසිංහ (බිසෝගේ මව), එස්. ඒ. ජේමිස් (බිසෝගේ පියා), ඩී. ආර්. නානායක්කාර (රත්තරන් හාමි), සෝමසිරි දෙහිපිටිය (බන්දුල හාමි), දයා අල්විස් ( සිරිදියස් හාමි), ගාමිණී විජේසූරිය (එමාගේ සැමියා), ජයලත් මනෝරත්න (මල්හාමි), පාලිත සමරසිංහ (බිසෝගේ මල්ලි), ඊබට් විජේසිංහ (බිසෝගේ සැමියා) හැරී විමලසේන

ප්‍රදර්ශනය – ක්‍රවුන්, මානෙල්, ඕඩියන්, වෙම්බ්ලි - මහනුවර ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 14 දී ඇරැඹීය.
ප්‍රදර්ශන කාලය - දින 34 වන විට ආරම්භක ශාලා 6 කට සීමා විය. වෙම්බ්ලි - මහනුවර දින 42, ඕඩියන් - ගල්කිස්ස දින 50, ක්‍රවුන් හි දින 54 ක් ලෙස ද තිරගත විය.
විශේෂතා - 1979 බර්ලින් චිත්‍රපට උළෙල නියෝජනය කිරීම.

ලැබූ සම්මාන:
1981 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී උසස්ම නිෂ්පාදනය, උසස්ම අධ්‍යක්ෂණය,
දක්ෂතම සංගීත අධ්‍යක්ෂ, දක්ෂතම පසුබිම් ගායක, දක්ෂතම පසුබිම් ගායිකා යන සම්මාන 5 සමඟ සෝමසිරි දෙහිපිටියගේ රංගනය වෙනුවෙන් කුසලතා පදක්කමක් ද හිමි විය.
1981 පැවති 9 වන සරසවිය සමාන උළෙලේදී හොඳම ගායකයා සහ ගායිකාව යන සම්මාන ද්විත්ව දිනාගත් අතර පාඨක ඡන්දයෙන් තේරූ හොඳම චිත්‍රපට කතා අතර පස්වන ස්ථානය ලබමින් ඡන්ද 16744 ක් දිනා ගැනීමට ද සමත් විය.
1981 ඕ. සී. අයි. සී. සිනමා උත්තමාචාර උළෙලේදී නිර්මාණශීලී කැමරාකරණය වෙනුවෙන් චන්ද්‍රලාල් මනමේන්ද්‍රට සම්මානයක් හිමි විය.


රක්තා

ඉදිරිපත් කිරීම – 1980 මැයි 30
නිෂ්පාදනය – නිව්ටන් හේවාවිතාරණ
අධ්‍යක්ෂණය – ගාමිණී හේවාවිතාරණ
කතාව සහ තිර රචනය – දයා රාජපක්ෂ
සහාය නිෂ්පාදනය - සිරිසේන දන්තනාරායන
කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්, කීර්ති ශ්‍රී කුමාරසිංහ
සහාය කැමරා - එම්. එස්. පස්මීන්, බන්දුල කුරේ, ජී. නන්දසේන
අතිරේක කැමරා – එම්. ජී. චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
නිෂ්පාදන සහාය – ලක්ෂ්මන් සෙනෙවිරත්න, පීටර් අල්කන්
නිෂ්පාදන සැලසුම් – කුමාරසිරි වීරක්කොඩි
සංස්කරණය – ලාල් දිසානායක
නිෂ්පාදන කළමනාකරු - රත්නවීර ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
කලා සහාය - හේමචන්ද්‍ර පෙරේරා
වේශ නිරූපණය – රංජිත් මතඟවීර
වේශ නිරූපණ උපදෙස් - ඊබට් විජේසිංහ
සටන් මෙහෙයවීම - රොබින් ප්‍රනාන්දු
ඇඳුම් නිර්මාණය – ජී. ඩී. ටෙක්ස්ටයිල් (පිළියන්දල)
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
වෙඩි සැපයීම – එම්. ජී. කරුණාපාල, උපදෙස් - ජොනී ඩී හූට්
ආලෝක සහාය - නෝබට් රත්නසිරි, පද්මසිරි පීරිස්, කරුණාදාස පතිරත්න, ඇම්. පැරපින්
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
ශබ්ද පරිපාලනය – ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම – ඊ. ඩී. ජෝන්
රසායනික කටයුතු - ඇස්. තිරනාවුකරසු
අවි ආයුධ සැපයීම – දස්කම් ඉන්ඩස්ට්‍රීස් (ත්‍රිකුණාමලය)
සංගීත අධ්‍යක්ෂණය - සරත් බාලසූරිය
ගීත ප්‍රබන්ධය - උපාලි ධනවලවිතාන
ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
එකම තේමා ගීතය – අරුණ වලා දුහුල් ඉරා දල ගඟුල

නළු නිළියන්-
මාලිනී ෆොන්සේකා (රක්තා), රොබින් ප්‍රනාන්දු (දාන්තු), රෙක්ස් කොඩිප්පිලි (ධානු), සෝනියා දිසා (තාරා), අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (කෝපිත), විමල් කුමාර් ද කොස්තා (උමාරි), මර්වින් ජයතුංග (ගෝරාසිං), මානෙල් වානගුරු, ජයසේකර අපොන්සු, ඩී. ආර්. නානායක්කාර, ජෝර්ජ් වීරසිංහ, රැල්ප් විජේසේකර, වින්සන් කරුණාරත්න, මිල්ටන් ප්‍රනාන්දු, ප්‍රියංකර සිරිසෝම, ආරියරත්න තොටබඳු, පියසේන ජයවන්, විද්‍යා හේමමාලි ද සේරම් (ළමා), රවීන්ද්‍ර නලින් ප්‍රදීප් ලියනආරච්චි, ධර්ම ශ්‍රී මුණසිංහ, කීර්ති හේවාවසම්, රනිල් රාජපක්ෂ

ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඉම්පාලා, ට්‍රියෝ, නැෂනල්, වේල්ස් ඇතුළු පළමු මණ්ඩයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – ආරම්භක සිනමා ශාලා 10 කදී දින 50 පිරුණ අතර, ට්‍රියෝ දින 61, ඉම්පාලා දින 78, එල්ෆින්ස්ටන්, නැෂනල් සහ වේල්ස් සිනමාශාලා හි දින 82 ක්
විශේෂ – 1981 9 වන සරසවිය සම්මාන උළෙලේදී පාඨක ඡන්දයෙන් වසරේ ජනප්‍රිය චිත්‍රපට හත අතර ඡන්ද 15066 ක් ලබා ගැනීමෙන් හත්වන ස්ථානයට පත් විය.

සසරක පැතුම්

තිරගත වූ දිනය – 1980 මැයි 30
ඉදිරිපත් කිරීම - ශාරද එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ්
නිෂ්පාදනය - සුනිල් හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් ජිනදාස, යූ. ජී. ජයවීර, යූ. ජී. යසපාල, නෝබට් පෙරේරා
අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න
කතාව - දෙබස් සහ නිෂ්පාදන
කළමනාකාරිත්වය – ජී. ආරියරත්න
තිර රචනය – එච්. ඩී. ප්‍රේමරත්න, ජී. ආරියරත්න
සහාය අධ්‍යක්ෂණය – හිලරි රාජපක්ෂ, ප්‍රේමවීර ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල, බී. ඇස්. කරුණාරත්න
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණ - සරත් දසනායක

ගීත හා ගායන ශිල්පීන් - ජීවිත කතරේ වාලුකා තලේ - ඩබ්ලිව්. ඩී. අමරදේව - පද – තිලක් රත්නකාර (මෙම ගීතය අවස්ථා දෙකකදී දෙවිදියකින් ගැයේ)
පය ගැටෙන තැනින් - ජේ. ඒ. මිල්ටන් පෙරේරා - පුසල්ති ඉන්දික රණතුංග - පද – තිලක් රත්නසේකර
කාටත් බය නැති කාටත් පැති නැති – එම්. එස්. ප්‍රනාන්දු, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඉන්දිරා රත්නසාර – පද - තිලක් රත්නකාර
සසර තුරුල්ලේ නැගෙන සිනා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක – පද – ඔගස්ටස් විනයාගරත්නම්

ගීත පොත් - ශාන්ති පෙත්හල, මරදාන

නළු නිළියන් -
ටෝනි රණසිංහ (දිසාපති ජගත්), සුවිනීතා කෝන්ගහගේ (දොස්තර ශාන්ති), රොබින් ප්‍රනාන්දු (රොහාන්), රන්ජන් මෙන්ඩිස් (රංජන්), බියුලා ඩයස් (පොලිස් ඔත්තුකාරිය), අජිත් ජිනදාස (ජගත්ගේ ළමා කාලය), ශාන්ති ලේඛා (ජගත්ගේ මව), පියදාස ගුණසේකර (ශාන්තිගේ පියා), ඇග්නස් සිරිසේන (ශාන්තිගේ මව), ෂෙල්ටන් කැකුණවෙල, තලතා ගුණසේකර, සොමී රත්නායක, ප්‍රසාද් වීරතුංග, බර්ටි ගුණතිලක, බැසිල් ද සේරම්, පීලික්ස් ප්‍රේමවර්ධන, මිහිර සිල්වා, එච්. ඒ. පෙරේරා, විල්සන් කරුණාරත්න, රින්ස්ලි වීරරත්න, වින්සන්ට් වාස්, ශ්‍රීමතී රසාදරී, ඉන්ද්‍රාණි පෙරේරා, උදේනි චන්ද්‍රසිරි, විජය හෙට්ටිආරච්චි

ප්‍රදර්ශනය – රිට්ස්, ලිබර්ටි, ලැවීනියා, මානෙල්, ජයන්තා - ගම්පහ ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – දින 16 වන විට ආරම්භක ශාලා 6 කට සීමා විය. රොක්සි දින 41, අශෝකා හිදී දින 47, රිට්ස් හි දින 53 ක්

පරිත්‍යාගය

තිරගත වූ දිනය – 1980 ජූනි 17
ඉදිරිපත් කිරීම – එම්. පී. එස්. චිත්‍රපට
නිෂ්පාදනය සහ කතාව -
රත්නපාල මරවනාගොඩ
දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සෝමරත්න ඉඹුලේගම, සුනිල් සරත් කුමාර, නිමල් බන්දුසේන, ගිහාන් සෙනෙවිරත්න
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
සංස්කරණ සහාය - හැරිස් නන්දසිරි, කාලෝ විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
කලා සහාය – එරල් කෙලී, ලයනල් ලියනගේ
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
වේශ නිරූපණ සහාය – ලාල් මතඟවීර, හේමචන්ද්‍ර පෙරේරා
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන කළමනාකරු - කාලෝ විජේසිරි
නිෂ්පාදන අංශයේ සහාය - සිසිල් අබේතිලක, එච්. ඩී. සුනිල්, සුනිල් පෙරේරා
නාමාවලිය - සෝමවංශ පෙරේරා
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
වර්ණ රසායනාගාරය - හොංකොං කලර් මූවී ලැබ්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගීත ගායනය – ටී. එම්. ජයරත්න, මාලිනී බුලත්සිංහල
ගීත - ලා හිරු පායලා පිපී මල්යායක් නෑවිලා

නළු නිළියන් -
ටෝනි රණසිංහ ((ජයතිලක), ශ්‍රියාණි අමරසේන (අනුලා), අමරසිරි කලංසූරිය (ධනප්‍රේම), වසන්ති චතුරාණි (රෝහිණී), ශාන්ති ලේඛා (සීලවතී), සෝමසිරි දෙහිපිටිය, දෙනවක හාමිනේ, ඩේවිඩ් ධර්මකීර්ති, මීනා කුමාරි, රත්නාවලී කැකුණවෙල, ඇග්නස් සිරිසේන, ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර, රින්ස්ලි වීරරත්න, නීල් ද මොරායස්, ක්ලයින් පෝල්, අමරසෝම සමරක්කොඩි, නාමල් සෝමරත්න, වින්සන්ට් වාස්, සිසිර කුමාරතුංග, සීතා කුමාරි, විජය හෙට්ටිආරච්චි
ප්‍රදර්ශනය – ගාමිණී, ප්ලාසා, සමුද්‍රා, අනූෂා ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී
ප්‍රදර්ශන කාලය – ලිබර්ටි දවස් 34, අනූෂා දින 64, ගාමිණී – ප්ලාසා දින 70 ක්