වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රණාමය

මෙරට හොඳ ගුණාත්මක චිත්‍රපට තනන්නකු ලෙස අප හඳුනා ගත් අශෝක හඳගමයන් විසින් දමිළ බසින් මෙරට නළු නිළියන් සහභාගී කරවාගෙන ඉනියවන් නමැති චිත්‍රපටයක් නිර්මාණය කොට ඉදිරිපත් කිරීම ගැන එතුමාණන්ට මාගේ ප්‍රණාමය.

තිලකරත්න විල්වල

කෑගල්ල

තටාකය පාර

මතකයේ රැඳේවී

ඉඳුවරී ටෙලි නාට්‍යයෙහි නිම්සරාගේ චරිතයට ජීවය දෙන තිසුරි යුවනිකාගේ රංගනය අප මතකයේ හැමදාම රැඳේවි.

ශාන්ති බන්ධුනාථ

මහනුවර

‘සරසවිය’ දුටු විට ඔබ සිහි වේ

කලා ලොව රසය ගෙනෙන ‘සරසවිය’ පුවත්පත තුළින් වසර ගණනාවක් අපට රසය බෙදා දී වසර කිහිපයකට පෙර හදිසි අනතුරකින් මෙලොව හැර ගිය සුනිල් හොරේෂස් නමැති රසවතාණෙනි, පැරැණි පුවත්පත් අතර ඔබ ලියූ රසවත් ලිපි අප අද ද කියවන්නෙමු.

පුවත්පත් කලාවේදියා ඉටිපන්දමක් වැනිය. අනුනට එළිය ලබා දී දැවී යයි. ඒ ඔබ කියූ ආප්තෝපදේශයකි. එය සත්‍යකි. ඔබෙන් උදවු ගත් ඇතැමකුට ඔබව අද අමතකව ගොසිනි. ‘සරසවිය’ පුවත්පත දකින සෑම මොහොතකම ඔබව මතක් වනුයේ නිරායාසයෙනි.

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

‘ජීවිතේ ලස්සනයි’ ඇත්තටම ලස්සනයි

සුනිල් ටී. ප්‍රනාන්දුගේ පනස් තුන් වැනි සිනමා නිර්මාණය ජීවිතේ ලස්සනයි කලකින් අප දුටු විනෝදාත්මක චිත්‍රපටයකි. ඉතා සුන්දර දර්ශන තල, සුරූපී නිළියන් සහ චිත්‍රපටයේ වර්ණ ගැන්වීම්, තාක්ෂණික හැඩ වැඩ අතරේ රන්ජන් රාමනායකගේ සුපුරුදු හාස්‍යෝත්පාදක රංගනය චිත්‍රපටය තවත් රසගන්වයි.

සමන් ගාල්ලගේ

කැටපල

තොරතුරක් නෑ

රුහුණු පුරයේ සැංගී හිඳිමින් අපට ගී රසාස්වාදය බෙදා දෙන අජිත් මුතුකුමාරණ පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නැත. ඔබට ප්‍රිය අප ඔබ ගැන විස්තර දැනගැනීමට ආසාවෙන් පසුවෙමු.

ගීගනගේ ප්‍රේමසිරි
කොට්ටාව

අගය කළා මදි

බයිලා ගීත කලාවේ නව පෙරළියක් ඇති කොට ප්‍රසංග වේදිකාවේද නැතුවම බැරි ගායකයකු වූ ධනපාල උඩවත්ත අගය කළා මදි යැයි මට සිතේ. කියයි මිහිරි කතා, රංග නදීකා වැනි ගීත ගයා අප අතර වඩාත් ජනප්‍රිය වූ ඔහු ලංකාවේ ප්‍රථම රණවිරු ගීතය ගැයූ ගායකයා ද වේ. එවන් උතුම් වූ ගායකයකුට උපහර පිදුවාට වරදක් නැත.

නිමල් කුලසේකර

මොරටුව

මේ SMS ප්‍රතිචාර තීරයයි

ඇතැම් කලාකරුවන්ට අපිව ඕනෑ වන්නේ ස්ටාර් තරගවලදී එස්. එම්. එස්. ඉල්ලා ගන්න විතරයි. ඊට පස්සේ අපිව අමතක කරලා දානවා.

පාතිමා

වැලිගම

භාග්‍යා හෙට්ටිආරච්චිගේ රංගනය හරිම නැවුම් කියලා මට දැනෙනවා.

තරංග ලංසක්කාර

උඩුබද්දාව

සනිධප සංගීත කණ්ඩායම සුපිරියි.

චමින්ද

නිට්ටඹුව

අමිලා නදීශානිගේ ගීත වගේම එයත් හරිම හැඩයි.

දිලිනි

පූගොඩ

ෆෙ‍්‍රඩී සිල්වාගේ දියණියට,

ඔබ ගැන අපට ආඩම්බරයි. පියා සහ ඔබේ සොහොයුරා නැති අඩුව සපුරාලීමට ඔබ දරන උත්සාහය අගයමි.

සෙව්වන්දි

කිරිබත්ගොඩ

සනත් ගුණතිලකයන්ට,

ඔබ රංගනයට මෙන්ම අධ්‍යක්ෂණයටද ඉතා දක්ෂයකු බව ‘එකමත් එක රටක’ සිනමා කෘතියෙන් පෙන්වා දී අහවරයි. තවත් සිනමා නිර්මාණයක් අප වෙත දායාද කරන්න සූදානම් වන වග දැනගන්නට ලැබුණා. එයත් පළමුවැන්න සේම සම්මානනීය වන සිනමා නිර්මාණයක් වේවා.

සරත් කුමාර සමරවීර

ඇත්තටම සුජාත දියණි හරිම ආදර්ශවත්. එහි චංගුමීට රඟන නිළියව ලංකාවට ගේන්න.

දිල්රුක්ෂි

මොරටුව

පසුගිය ‘සරසවිය’ කලාපයක වර්තමාන චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහයන් සමඟ, කළ සම්මුඛ සාකච්ඡාවක් පළ කොට තිබුණා. එහිදී ඔහු දක්වා තිබූ සෘජු අදහස්වලට මා ගරු කරනවා. අපට අවශ්‍ය හැමෝටම එක වගේ සලකන ඔවැනි දිරිය මිනිසුන් තමයි.

සෑම් පෙරේරා

කටුනායක

තූර්යා ටෙලි නාට්‍යයේ රම්‍යා වනිගසේකරගේ රංගනය කදිමයි.

පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ඇන්ජලීන් ගුණතිලකට,

ඔබේ ගීත වෙනත් ගායිකාවන්ට ගයන්නට ඉඩ දෙන්න එපා. ඔබගේ රිදී ස්වරයට ළංවන්න අද සිටින ගායිකාවන්ට කොහෙත්ම බැහැ.

ජීවන්ත

නුවර

ඉටිමල් ටෙලි නාට්‍යයේ කලංසූරිය ලෙස රඟන රෝහිත බී. පෙරේරාට තවත් හොඳ චරිත ලැබේවා.

අනිල් සිසිර කුමාර
කැලණිය

නිනෝ අරලිය කවදා හෝ රිදී තිරයේ පෙරළි කරන චරිතයක් වේවි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

වෙළෙඳ සේවයේ මතකයේ රැඳුන ගී හරිම අගෙයි.

රත්න කහඳව

අලව්ව

රොෂාන් පිලපිටිය අයියගේ තනිකඩ ජීවිතයට මං සුබ පතනවා.

ආශා

දංකොටුව

ඉෂාන් ලන්ත්‍රා අයියා හිත හොඳ කෙනෙක්.

අනූ

සඳා නාට්‍යය වෙනස් එකක් බව පෙනෙනවා.

හේමා

අංගොඩ

එක්තරා රූපවාහිනී නාලිකාවක ගොළු හදවත චිත්‍රපටයේ දම්මිට රඟපෑවේ ශ්‍රියාණි අමරසේන බව නිවේදිකාවක් හඳුන්වා දුනි. එවන් වූ වැරැද්දක් කළ ඇය ලැජ්ජා විය යුතුයි. එම චරිතය රඟපෑවේ අනුලා කරුණාතිලකයන් බව ද මෙහිදී මා පෙන්වා දෙමි.

මංජුල පෙරේරා

පහළ කටුනේරිය

ප්‍රසංග වේදිකාවේ පෙරළියක් කළ දමිත් අසංකගේ සෑම ගීතයකටම මං හරිම ආසයි.

මධුභාෂිණී

මොරටුව

හේමසිරි ලියනගේ ගේ උසස් හැකියාව පුංචි තිරයට ආලෝකයක් විය. එනමුදු ඔහුගේ රංගනය නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ට නොපෙනීම කනගාටුදායකය.

සුගත් ලාල්

ක්වේට්

ගායන ශිල්පී සංගීතඥ විශරද ගුණදාස කපුගේ ගේ වියෝව අද වන විට තදින් දැනේ. ඔහු කළ අමරණීය සේවාව සදාකාලිකයි.

සරත් මද්දුමආරච්චි

මතුගම

සිංහල සිනමාවේ පියා ලෙස සලකන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගේ නිර්මාණ තුළින් අදටත් සිනමාව හදාරන අයට උගත හැකි දේ බොහොමයි.

ෂවීන්

මොරටුව

උමයංගනා වික්‍රමසිංහ හැඩකාරයි.

හංසි

කරස්නාගල

විජය නන්දසිරි කලාකරුවාණෙනි මෙතෙක් ලද අත්දැකීම් එකතු කොට චිත්‍රපටයක් කරන්න.

ඉසුරු

වලස්මුල්ල

භාග්‍යා ගුරුසිංහව සිනමාවට තමයි ගැළපෙන්නේ.

මලිඳු ගමගේ

රාජගිරිය

සංඛ දිනෙත් රී මික්ස් කොට ගැයූ ගීත වෙනුවට ස්ව නිර්මාණ ඉදිරිපත් කරන්න.

මහින්ද

ආරච්චිකට්ටුව

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ප්‍රසංගයකට අපේ ගමට ආවා. මට සේනක, චාමර, කවීෂ, සතුට ඇතුළු එහි සාමාජිකයන් එක්ක කතා කරන්නට ලැබණා. ඔවුන් හරිම නිහතමානියි.

ලක්මාලි

වරකපොළ