වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




නුවන්ගී ප්‍රසන්න විවාහ වූ දවසේ

නුවන්ගී ප්‍රසන්න විවාහ වූ දවසේ

ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි නුවන්ගී ලියනගේ පසුගිය සිකුරාදා යුගදිවියට පිවිසියාය. ඇයගේ සහකරුවා වූයේ ප්‍රවීණ වූෂු සටන් ශිල්පියකු වු ප්‍රසන්න ජයවීරයි. ‘නිදි කුමාරි, තරුපිරි අහස, සේපාලිකා, එක්ටැම් ගේ’ නුවන්ගී රඟ පෑ ටෙලි නාට්‍ය කිහිපයකි. ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයේත් ඇය චරිතයක් නිරූපණය කළාය.

නුවන්ගී ට ප්‍රසන්න හමුවූයේ ගුටිබැට හුවමාරුවකට ගොස් සිටියදීය. සාමාන්‍යයෙන් නිළියක් වුණාම හැම දෙයක්ම ප්‍රගුණ කරලා තියෙන්න එපායැ. කාර් පදින්න, අශ්වයො පිටේ යන්න, සටන් කරන්න, නටන්න, ගයන්න, පිහිනන්න මේ හැම දෙයක්ම දන්නවනම් රඟපෑමේ චාන්ස් එක වැඩියි.

නුවන්ගීටත් ඕනැ වුණා සටන් කලාව හදාරන්න. ඒ සඳහා ඇයට ප්‍රසන්නව මුණ ගැස්සුවේ චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂවරයකු වූ සුමිත් මුදන්නායකයි. ප්‍රසන්නත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඔහු මේ දක්වා චිත්‍රපට 12 ක පමණ සටන් අධ්‍යක්‍ෂවරයකු ලෙසින් කටයුතු කරලා තියෙනවා.

ප්‍රසන්න දැනට යුද හමුදාවේ වූෂු සටන් උපදේශකවරයකු ලෙසින් කටයුතු කරනවා. නුවන්ගී ප්‍රසන්නගෙන් වූෂු සටන් කලාව හදාරන කාලයේ ඔවුන් දෙදෙනාටම නොදැනී පෙම්වතුන් බවට පත් වෙලා. ඒක විවාහය දක්වා ගෙනියන්න ‘කපුකම’ කරලා තියෙන්නේ සුමිත් මුදන්නායකයි.

නුවන්ගී ගේ විවාහ උත්සවය පැවැත්වූයේ කෝට්ටේ ‘සෝලීස්’ උත්සව ශාලාවේයි. ඇයව ලස්සනට හැඩ ගැන්වූයේ රූපලාවණ්‍ය ශිල්පිනී අරුණි සිල්වායි. මංගල උත්සවය ආවරණය කළේ ඡායාරූප ශිල්පි ශාන්ත හෙට්ටිගේයි. වීඩියෝ කරණය සඳහා අනුග්‍රහය දැක්වූයේ කෝම්මල ගේයි.

නුවන්ගී ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියක් ලෙසින් ද නොබෝදා කලා ලොවට එක්වූවාය. ඒ ඉදිරියේ දී විකාශනය වීමට නියමිත ඈ නිෂ්පාදනය කළ ‘වීදුරු මලක්’ ටෙලි වෘතාන්තයෙනි.

ටෙලි නාට්‍ය නිළි ලක්‍ෂිකා ෆොන්සේකා සමඟ.

ක්ලීටස් මෙන්ඩිස් සමඟ.

සංකේත් වික්‍රමගේ, මානෙල් වානගුරු, ආතර් යූ. අමරසේන, ශි‍්‍රයානි අමරසේන, දමිතා අබේරත්න, විශාඛා සිරිවර්ධන සහ රුවන් වික්‍රමසිංහ සමඟ.

මධු මාධව අරවින්ද සහ රොජර් සෙනෙවිරත්න නව යුවළ සමඟ.

ප්‍රසන්න කහපලආරච්චි, මාලි ජයවීර, සුසිලා කෝට්ටගේ, ලයනල් වික්‍රමගේ, සමදරා ආරියවංශ සහ මනෝහාරී විමලතුංග නව යුවළට සුබ පතන්න ඇවිත්.

විවාහයට ‘කපුකම’ කළ චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂ සුමිත් මුදන්නායක සමඟ.