වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

ඔක්තෝබර් 20 වැනිදා

* ජයලත් මනෝරත්නගේ ‘පුත්‍ර සමාගම’ කටුගස්තොට ශාන්ත අන්තෝනි රඟහලේ

21 වැනිදා

* උදයසිරි වික්‍රමනායකගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ ටවර් රඟහලේ

23 වැනිදා

* සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ත්‍රිකුණාමලය චීන වරාය ශාරීරික පුහුණු මධ්‍යස්ථානයේ

24 වැනිදා

* සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ තංගල්ල නගර ශාලාවේ


ජාතික වීදි නාට්‍ය සංසදය පිහිටුවන්න 20 දා සුදර්ශි ශාලාවට එන්න

වීදි නාට්‍ය ප්‍රවර්ධනය සඳහා රට පුරා විසිරී සිටින වීදි නාට්‍ය කණ්ඩායම් සහ වීදි නාට්‍ය ළැදි පිරිස් එකමුතු කොට ජාතික වීදි නාට්‍ය සංසදයක් පිහිටුවීමට අදහස් කරයි.

මෙම වීදි නාට්‍ය සංසදය පිහිටුවීම පිළිබඳ කතිකාවක් මේ මස 20 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. මෙහිදී සියලු නාට්‍ය කණ්ඩායම්වල සහභාගිත්වය අපේක්ෂා කරයි. විමසීම් සඳහා පරාක්‍රම නිරිඇල්ල, හේමසිරි අබේවර්ධන යන අය අමතන්න.


කේ. බී. හේරත්ගේ ‘කළු කුමාරි’ 24 දා පුංචි තියටර්හී

මායදේවි, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවැනි මහින්ද, ජගන්මා වැනි රාජ්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර නාට්‍ය වේදිකාවට රැගෙන ආ සම්මානලාභී කේ. බී. හේරත්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘කළු කුමාරී’ මේ මස 24 වැනිදා බදාදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගත වේ.

නලීන් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්තගේ, සුමිත් රත්නායක, ෆර්නි රෝෂිණී, චන්ද්‍රසෝම බින්දුහේවා, යන රංගන ශිල්පීහු මෙහි රංගනයෙන් දායක වෙති. දුලංජලී විජේසේන, පින්සර සමරසේකර, නිහාන් දේශප්‍රිය, උදිත සමීර, කැලුම් කල්හාරි යන ශිල්පීන් ගායනයෙන් ද, ශාන්ත පීරිස් ගේ සංගීතයෙන් ද ‘කළු කුමාරි’ හැඩ වෙති. වෙස් නිර්මාණයෙන් සුවිනීතා පෙරේරා සහ කමල් කාන්ති බෝගොඩ ද, රංග වින්‍යාසයෙන් මහේෂ් උමගිලිය ද, රංග භූමි අලංකරණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි ද, අංග රචනයෙන් බුද්ධදාස ගලප්පත්ති සහ ප්‍රකාශ් ගලේවෙල ද, වේදිකා පරිපාලනයෙන් හා සහාය අධ්‍යක්ෂණයෙන් කීර්ති කේ. රත්නායක ද සහභාගි වෙති. විධායක නිෂ්පාදනය බණ්ඩාර ඇහැලියගොඩ ගෙනි.