|
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ජීවිතය කොතරම්දැයි මැනිය නොහැකි අල්ලා බදා ගන්නට නොහැකි දැවැන්ත වපසරියකි. නිර්ව්‍යාජ ප්‍රේමය ද විටෙක එසේමය. සීමා මායිම් නැතිවා සේම කෙසේ වේවිදැයි කිව නොහැකි තරමටම අවිනිශ්චිතය. නොසිතන විටෙක සියල්ල දෛවය විසින් උදුරාගෙන දෝතින්ම රැගෙන යනු ඇත. එය නැවත ලැබෙන්නේ ද නොලැබෙන්නේ ද යන සංවේදී පිළිතුර බාරගන්නට සූදානම් විය යුතුය. උදයකාන්ත වර්ණසූරියගේ "වස්සානයේ සඳ" චිත්‍රපටයෙන් පසක් කර ගත යුතු දහම එයයි. මුහුදු රළ කල්පකාලීන අරුත් සපයන විටෙක නිසල විටෙක රළු ස්වාභාවික මිහිරි අමිහිරි බොහෝ දේ ගැබ් වුණු ළඟා කරගත නොහැකි අමිල වස්තුවකි. සන්දේශ්ගේ ආත්ම භාෂණය, සුමුදු රළ හා බැඳුණු දසුන් කිසියම් කතාබහක් අතරේ මිහිරිට තම මවගෙන් ලැබෙන අමිහිරි යැයි හැඟෙන දුරකකතන ඇමතුම සමඟින් චිත්‍රපටයේ සමාරම්භය සිදු වෙයි. දෙවන දවසේ හමුවීමත් සැබෑ ආදරය නිසා ඇතිවන ප්‍රශ්නයත් ඉන් විසඳුමක් පතන්නට මිහිරි සන්දේශ්ට ඇරයුම් කරයි. ඒ ඇගේ මව හමු විය යුතු බවටයි. සහෝදර ප්‍රේමය අතරේ සිරව සිටින මිහිරිට විසඳුමක් අවශ්‍ය වේ. ඒ 'ඩවුන් සින්ඩ්‍රෝම්' රෝගී තත්ත්වයෙන් පසුවන මිහිරිගේ සහෝදරයාගේ ජීවිතය වෙනුවෙනි. 'ඔයා තීරණයක් ගන්න' මෙවැනි පසුබිමක මාපිය සෙනෙහස විවරණය වන අයුරු 'වස්සානයේ සඳ' චිත්‍රපටය තුළින් අපූරුවට ගළපන්නට අධ්‍යක්ෂවරයා සියුම් භාවිතාවන් යොදා ගැනීම ලඝු කොට තැකිය යුතු නොවේ. 'ඇයි අනේ අපේ කොලුව ගැන දුකක් හිතෙන්නෙ නැද්ද?' ජීවිතයට ප්‍රශ්න එද්දී සතුට මඟ හැරීයාම නිරතුරු සිදුවන සංසිද්ධියකි. ඉන් මිදීම හරයකි. 'වස්සානයේ සඳ' චිත්‍රපටය මඟින් සරල තලයක දිග හැරෙන හිමිහිට ගලා යන සංවේදී කතාවක කුතුහලය සංවාද තුළින් යම් සීමාවකට ගෙන එන්නේ නිරායාසයෙනි. 'මං කගෙවත් හිත රිදවලා ජීවත් වෙන්න ආස නෑ. ආදරය වගේම අනුකම්පාවත්' සිඩ්නි නගරයේ උමං දුම්රිය පෙළේදී සන්දේශ්ගේ ආත්ම භාෂණය ද අපූරු මුසුවකි. සිඩ්නි නගරයේ මනරම් දසුන් පසුබිම් වූ ගීතය ද අපූරුවකි.
'මධු සඳ කැන් වෑහේ ජීවිතය, දෛවය, ඉඩදීම අතරේ දෝලනය වන සිතිවිලි යළි යළි අලුත් කරන්නට සන්දේශ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතු සිදුවන බොරැල්ල කනත්තේදී සන්දේශ්ට මිහිරිව හමුවීමත් සමඟිනි. 'ඕනකමක් තිබුණ නම් ඔයාට තිබුණා කතා කරන්න' නිමේෂයක වෙනස අතරේ මිහිරිගේ අතරමං වූ හිනාව චිත්‍රපටයට ගෙන දෙන්නේ සියුම් සංවේදී හරයකි. එයට සංවේදී ලෙස ඔප දමන්නේ පෙර පාප කර්මයක් පසුපස හඹා ආ සෙයින් සන්දේශ්ට දෛවය විසින් ආබාධිත තත්ත්වයකට අවාසනාවන්ත මොහොතකදී පත්වීමත් සමඟිනි. රූපමය ලෙසින් පෙරළෙන මල් බඳුන සංකේත භාෂාවකි. දොම්නස සොම්නස විතැන්වීමකි. ජීවිතයේ මානුෂික බැඳීම් විග්‍රහ කෙරෙන සිත් සීමාවේ මායිම් වර්ණ ගැන්වෙන අසනි වර්ෂා ගීතය විචිත්‍රය. ආකර්ෂණීය රූප රාමු ඔස්සේ විඳිය හැකි ගී රසය නෙතට ආස්වාදයක් ගෙන දෙයි. සෞන්දර්යාත්මකය.
'අසනි වර්ෂා ඇද වැටෙන්නේ ප්‍රේමයේ අසමසම සිමා මායිම් ගනුදෙනුවේ හරවත් බව ඉන් ඉස්මතු වෙයි.
'වැලඳ ගන්නට ඉඩ නොදී සමස්ත ජීවිතවල සත්‍ය ඉම ඉන් ධ්වනිත නොවන්නේ නම් එය නිසරුවකි. ඇත්තේ සරු හඬකි. සරු බසකි. සරු සත්‍යයකි. ඒ අතරේ පසුබිම කැමරා ඇසින් ප්‍රශස්ත ලෙස ඔප් නැංවෙයි. ගෙදර හුදකලා ජීවිතය අප හා ප්‍රශ්න කරන ගනුදෙනුව ද 'වස්සානයේ සඳ' චිත්‍රපටයේ නවමුවකි. ආශාවල් නම් ගොඩක් නැති වෙලා ගිහිල්ලා' මිහිරිගේ දෙවන ප්‍රේමවන්තයා ගයන්ත නම් අපූරු මිනිස් සබඳතාවලින් හෙබි පුද්ගලයෙකු බව කියා පාන්නට අධ්‍යක්ෂවරයා උත්සාහයක යෙදෙයි. එහි ගැලපුම කොතරම් දුරට ප්‍රයෝගිකදැයි ගැටලුවක් ප්‍රේ්ක්ෂක සිත් තුළ නිරතුරු පැන නඟී. වෛරයෙන් ක්‍රෝධයෙන් මිදී සෙනෙහසට ළෙන්ගතුකමට ඉඩ දෙන්නේ නම් අද දවසත් උදාවන හෙට දවසත් කෙතරම් භාග්‍යවන්ත ද යන පණිවුඩය තාරුණ්‍යයට ලබා දෙයි. ජීවිතයට සියල්ල ශක්තියක් කර ගැනීම තුළින් ලැබෙන දේට වඩා අහිමි වන දේ පිළිබඳව තේරුම් ගැනීම සැබෑ යථාර්ථයකට ඉඟි කරයි. 'ඔයාට වරදින්න විදිහක් නෑ මිහිරි' අධිෂ්ඨානය ජීවිතයේ අරුණලු කුළුගන්වයි. ඒ අතරේ ත්‍රිකෝණ ප්‍රේමයක හැඩරුව ද ඉස්මතු කරවන අධ්‍යක්ෂවරයා අපූරු තුලිතයක් ගොඩ නඟන්නට දරන උත්සාහයේ වැඩිබර ප්‍රේක්ෂකයා වෙත පිළිගන්වා ඇත්දැයි යන සැකය විටෙක මතු වේ. මන්ද මිහිරිට පිහිට, ගයන්ත ද පහස හා ඇසුර සන්දේශ් ද යන සීමා මායිම් නැති සිතුවිල්ලයි. තවදුරටත් විමසීමේදී බලා විඳීම, තැවීම, හිිඳගැනීම, හුදෙකලා වීම තුළ ගයන්ත අත්දකින පීඩාව පුළුල් පරාසයක් බව ඉස්මතුවකි. 'වස්සානයේ සඳ' පුරා දැකගත හැකි ගයන්ත සිතාගත නොහැකි ඉවසීම සැබෑ ලෙසම ප්‍රගුණ කළ සුන්දර මිනිසෙකි. "පිනක් කරගන්න මටත් ඉඩක් දෙන්න" ඔහු පුදන්නේ ජීවිතය ද ප්‍රේමය ද, තාරුණ්‍යය ද, එවැනි සුන්දර මිනිසුන් අද සමාජයේ සිටිත් ද, මෙවැනි සත්කාරික මිනිසුන් සිටිත් නම් අද සමාජය කොතරම් මිහිරි වෙත් ද යන පැනය කුළුගන්වයි. එවිට ප්‍රේමය වෙනුවෙන් ගුටි බැට, පිහි ඇනුම්, දිවිනසා ගැනීම්, ඝාතනවලට තිත තැබිය හැකි නොවේද. අධ්‍යක්ෂවරයා ප්‍රාර්ථනා කරන මෙම ව්‍යායාමය සමාජයට ගෙන දෙන යහපත් පණිවුඩයකි. කනගාටුවට කරුණ එවැන්නක් සිදු නොවීමේ ප්‍රවණතාවන් තවමත් වීමයි. හිතක් සනීප කරන්නේ සත්කාරයයි ආදරයයි යන මතය 'වස්සානයේ සඳ' තුළින් මතුවන ඉස්මතුවයි. මෙහෙම මිනිසුන් පෙම්වතුන් පෙම්වතියන් සිටිනවාදැයි සැකයක් මතුවන අවස්ථා සිත් තුළ ජනිත වුවද නවමු පැහැයක් ප්‍රත්‍යක්ෂ වේ. තවත් හදකට ඉඩ තබා ඉවත්ව යනු විනා අද දවසේ සිදු වන්නේ හද මරා දැමීම නොවේද යන මතය සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. සත්කාරය ආදරය ගයන්තගේ නෙත් ඉදිරියේ හිමි වන්නේ සන්දේශ්ට ද යන සිතිවිල්ල ද ජනති වේ. අහල නැති, අහගන්ක අකමැති දේ ගයන්න විඳියි. එය සිගරට්ටුවේ ධූමයෙන් සමහන් කරගත හැකි ද යන පැනය ද මතු වේ. එහි නිමාව 'මුදුව ගැලවීම' ද අධ්‍යක්ෂවරයා ඉදිරියට ගෙන යන කූටප්‍රාප්තිය ද යන මතය තවත් මානයකි. මේ ප්‍රේමයේ හැඩරුව දැයි සිතෙයි. මෙම අවස්ථාවන් හෙිමිහිට ඡේදනය වන සමීප රූප මාලාවකි. සංවේදී අපූරු පෙළ ගැස්මක් යැයි හැඟේ. පසුපසට ආපස්සට යැවෙන රූපාවලිය ද රසය කුළු ගැන්වීමක් වැන්න. අවසන් රූප මාලාවම කිසියම් ඒකාග්‍රතාවක හරයක් ඉස්මතු කර ගැනීමට අධ්‍යක්ෂවරයා වෑයම් කර තිබේ. ඒ සඳහා කැමරාමාන හොඳින් හසුරුවා ගනියි. සියල්ල සාමකාමී සමතල පථයක පිහිටි දෘෂ්ටියකින් කාලයේ වේගයෙන් දිග හැරෙයි. සමීප පැති රූපය ඉඟි කරන්නේ මිහිරිගේ ගයන්තගේ ප්‍රේමයේ නව මානයකි. එය අධ්‍යක්ෂවරයා සතු භාවිත සිනමා පරිචයෙහි කුසලතා ඉස්මතුවකි. 'ඔයා මාව දාල යන්නෙ නෑ නේද?' යළිත් මුදුව මිහිරි සතු වෙයි. ඒ අවස්ථාව තුළින් සුඛාන්තයක මඟ විවරවීමක් අධ්‍යක්ෂවරයා අපේක්ෂා කර ඇතැයි සිතේ.
"බැස යන දොලක් සේ ජීවිතයේ හැල හැප්පීම් අතරේ මුල මැද අග රැඳෙන සන්දේශ්ගේ ආත්ම භාෂණය ද අපූරු හසුරුවකි. ජීවිතයේ හරය කොතරම්දැයි කිය දෙන පාඩමක අරුමය ගෙන හැර පාන අධ්‍යක්ෂවරයා කිසිවකුගෙන් කිසිවක් වෙන් වී නැත යන බලාපොරොත්තුව නතාශාගේ පැමිණීම තුළින් ඒත්තූ ගන්වයි. නිමාව විමතියකි. තිගැස්මකි. අපූරුවකි. සංකේතාත්මකය. 'වස්සානයේ සඳ' තුළින් අත් විඳින්නට ලැබෙන්නේ පුජනීය සැබෑ ප්‍රේමයේ නැවුම් අත්දැකීම් තුලනය වන මිනිස් සබැඳියාවන් ඔස්සේ ගලා යන ජීවිතය තුළ අත්දකින මිහිරි අමිහිරි සැනසුම්, රිදවුම් මිශ්‍රණයකි. අහිමි වීම අත් හැරීම මඟ හැරීම තුලනයයි. ඇත්තේ ප්‍රේමණීය බවයි. අවසාන මොහොතේ සිදුවන චරිත පෙළගැස්වීම මත කුළුගැන්වෙන අරුත වන්නේ හෙට දවසේ සුඛාන්තයක පෙරනිමිති බවයි. ඊට දායකත්වය සරිකරන අනුජ් රණසිංහ, පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජීව් බාන්ස්, ඕෂදී හිමාෂා වැන්නවුන්ගේ සිව් චරිත රංගන අගය කිරීම වටී. රංගනය තුළ අපූරු සිතිවිලි දෝලනයකි. ප්‍රශස්ත රංගන හසුරුවක් සමස්තය පුරා විහිද යයි. පවුඩර් කලාවෙන් බැහැර යථාර්ථවාදී හසුරුවක් ප්‍රධාන චරිත හතර තුළින් විද්‍යාමාන වීම ද විශේෂයකි. විරහව උතුරා යද්දී ඉතිරි වන්නේ ආලයේ ප්‍රේමණීය වටිනාකමේ හරයයි. ජීවිතයට ශක්තීන් එකතුකර ගත යුත්තේ අහිමිවීම් විඳ දරා ගැනීමටය. ප්‍රේමප්‍රලාප සංක්ෂිප්ත වූ ශෘංගාරයෙන් මිදුණු අසිරිමත් ප්‍රේමය සුන්දර ලෙස ගීතවත් වෙයි. ගැටුම්කාරී අවස්ථා තුළදී මානව සබඳතා යථාරූපී රීතියකට යොමු කරවන්නට ද අධ්‍යක්ෂවරයා යත්න දරා තිබේ. ජීවිතය බහුල අත්දැකීම් මත පිරිපුන් වන බව මනා සංයමයෙන් 'වස්සානයේ සඳ' චිත්‍රපටය තුළින් ප්‍රකාශිතය. සරල රේඛීය වියමන මත නිර්මිත තිර රචනය 'වස්සනයේ සඳ' අර්ථවත් කරන්නට සමත්ය. සියලු බිඳ වැටීම් මත ජීවිතය ජය ගැනිීමේ අපේක්ෂාව වඩා වඩාත් අර්ථවත් කරයි. බොළඳ ප්‍රේමණීය යැයි හැඟෙන ආදරයට මිල කළ නොහැකි යථාර්ථවාදී පිළිතුරක් 'වස්සානයේ සඳ' සපයයි. දුර්දාන්ත සිතිවිලි පළවා හැර ජීවිතය දෙස උපේක්ෂාවෙන් දැකීම හරයයි. එය 'වස්සානයේ සඳ' චිත්‍රපටය තුළ තූලනය වෙයි.
|