|
මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනේ ප්‍රවේශමෙන්
H I R U S H I W A S U N D A R A
හිරුෂි වසුන්දරාගේ කලා ලොවේ ගමන ආරම්භ වූ අයුරු
හිරුෂි ඔබ ඒ තරගාවලියට ඉදිරිපත් නොවෙන්නලු හිටියේ? ඔව්. ඒක ඇත්ත. යාළුවන්ගෙන් බේරෙන්න බැරිකමටයි ඇප්ලයි කළේ. යාළුවොම තමයි ඇප්ලිකේෂනුත් දැම්මේ.
ඔබ ඉන් ජයග්‍රහණය කරනවා? ඒකනෙ. එතැන් පටන් මට වැඩිපුරම කතා කරන්නේ රඟපාන්න.
ඉකුත් පොසොන් පොහෝදා දෙරණ නාළිකාවේ විකාශය වූ පොහොය ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැව්වේ හිරුෂි නේද? ඒක මට ලැබිච්ච හොඳ අවස්ථාවක්. ටෙලි ෆිල්ම් එක විකාශය වුණායින් පසුව මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මං හිතනවා රංගන ශිල්පිණියක් විදිහට තවත් පියවරක් මං තැබුවා කියලා.
ඒ කාලයේ ඔබ වෘත්තීය නිවේදිකාවක වෙන්නට හිතුවේ නැත්තේ ඇයි? පුංචි පැංචි කර කර ඉඳලා මං අයින් වුණානේ. ඒ කාලේ මට ප්‍රවෘත්ති නිවේදනයට ආරාධනා ලැබුණා. සිරසෙන්ම ජාතික නාළිකාවෙනුත් ඇරැයුම් කළා. නමුත් මං ඒ එකකටවත් ගියේ නැහැ. මගේ අධ්‍යාපන කටයුතු අතපසු වේවි කියලා.
ඇත්තටම දුක් වෙනවා.
මේ දිනවල ඔබට රංගනය සඳහා ලැබෙන ඇරැයුම් ද ප්‍රතික්ෂේප කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. එදා කළ දේ ඔබ ආයේ ආයමත් කරනවා කියලා හිතන්නේ නැතිද? ඔබ කිව්වා වගේ රංගනයට ලැබුණු ඇරැයුම් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළා. මං නීති ශිෂ්‍යාවක් ලෙසට ඉගෙන ගන්නවා. ඒ අධ්‍යාපන කටයුතුවලට බාධා වේවි කියලා බයයි.
හිරුෂි මේ ක්ෂේත්‍රය ගැන මොන වගේද හිතාගෙන ඉන්නේ? කලා ලොවේ ගමනක යෙදෙනවා කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්.
ඔබට ක්ෂේත්‍රය තුළින් යම් අසාධාරණයක් සිදු වූ බවක් පෙනෙන්නට තිබෙනවා? අසාධාරණයක් නෙවෙයි. මගෙන් සමහරු අනවශ්‍ය ප්‍රයෝජන ගන්න හදනවා. මං ඒකට ආස නැහැ. අපි අලුත් නිසා එක එක අය බලන්නෙත් එක එක කෝණවලින්. ඒ තත්ත්වයට මං බයයි. ඉතින් හරිම පරිස්සමින් තමයි ක්ෂේත්‍රය තුළ සිටින්නේ.
ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වා පුංචි පැංචි වැඩ සටහන්වලට එක්වන අවස්ථාවලදී ඔබ සිටිනවාද කියලා අහනවලු. ඇයි ඒ? පුංචි කාලේ මං හරිම දඟයි.ඒ දඟකම නිසාම ප්‍රශ්න කිරීමත් වැඩියි. පබ්ලිස් මහත්මයා වැඩසටහන්වලට එක් වුණාම මං කෑම ගැන ඕනෑවට වඩා ප්‍රශ්න අහනවා. මං උයන්න දන්නෙත් නැහැ. ඒත් ප්‍රශ්න නම් කෝටියයි.
හිරුෂි ඉගෙන ගත් පාසල මතක් කරමු? තාත්තාගේ ගම මාතර. ඒක නිසා පුංචි කාලේ එහෙ ගමේ ඉස්කෝලේ ඒ කිව්වේ මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන් ශිෂ්‍යත්ව වෙනකම් ඉගෙන ගත්තේ. ශිෂ්‍යත්වෙ පාස්වෙලා මට ගම්පහ රත්නාවලී බාලිකාවට ඇතුළත් වෙන්න පුළුවන් වුණා. අම්මාගේ ගම ගම්පහ. එදා ඉඳලා දිගටම පදිංචිය ගම්පහ.
මේ වන විට හිරුෂි පෙම්වතියක්ද? පෙම්වතියක් කියලා කියන්න පුළුවන්.
ඒත් ආදරබර චරිත රඟපාන්න ටිකක් අමාරුයි නේද? ඒක නම් එහෙම තමයි. ඔය පොහොය චිත්‍රපටයේ මට එම්. ජී. ධනුෂ්ක අයියත් එක්ක තමයි රඟපාන්න ලැබුණේ. මගේ චරිතය ටිකක් ආදරබර චරිතයක්. මගේ මුහුණෙන් ආදර හැඟීම් එන්නේ නැහැ කියලා එක සීන් එක හත් අට පාරක් ගන්න වුණා. එදා නම් ආදරේ කරලම එපා වුණා. |