|
2018 උසස් පෙළ සඳහා සැරසෙමු
ගුප්ත බල, ප්‍රාතිහාර්ය හා සදූපදේශවලින් පිරි මධ්‍යකාලීන යුගයේ නාට්‍ය කලාව
අඳුරු යුගයේ නාට්‍ය කලාවසදාචාර විරෝධි කලාවත් ලෙස සලකා පල්ලිය විසින් නාට්‍ය කලාව තහනම් කිරීමත් සමඟ නාට්‍ය කලාව අඩපණ විය. ක්‍රි. ව. 9 - 10 අතර මෙම කාල වකවානුව අඳුරු යුගය වශයෙන් සැලකේ. එහෙත් මේ කාලයේ කලාව මුලිමනින්ම අක්‍රීයව නොපැවතුණු අතර පල්ලියට හොරෙන් කලාව ප්‍රදර්ශනය කළ අවස්ථා දැකගන්නට ලැබේ. උදා: මැයි මාසයේ උස ගහක් සිටුවා ඒ වටා කෙරුණ ජන නැටුමක් දක්නට ලැබුණි.
පල්ලිය තුළ නාට්‍ය කලාවපල්ලියේ වාතාවක් සිදු කෙරුණේ ලතින් භාෂාවෙනි. එම නිසා ඒවා සාමාන්‍ය ජනතාවට නොතේරුණි. එසේම පල්ලිය සංවිධානය කළ උත්සවවල ආගමික ලක්ෂණ දක්නට ලැබිණි. මේ අනුව ආගම ඉගැන්වීමේ ක්‍රමවේදයක් වශයෙනුත් ආගම ප්‍රචාරය කිරීම මාධ්‍යයක් වශයෙනුත් පසුකාලීනව පල්ලියේ නාට්‍ය කලාව භාවිතයට ගත්හ. එහෙත් පසුකාලීනව මෙම නාට්‍යමය කටයුතු පල්ලියේ ආගමික කටයුතුවලට බාධාවක් විය. එයට හේතුව වූයේ පල්ලියේ සිදු කෙරුණු රැඟුම් සංකීර්ණ වීමය. අනෙක් අතට නිර්මාණය සහ රංගනයට දායක වූයේ පුජකයන්ය. මෙම බාධාවන් නිසා නාට්‍ය කලාව පල්ලියෙන් පිටමං කළේය.
පල්ලියෙන් පිටත නාට්‍ය කලාවපල්ලියෙන් පිටතට ගිය ද නාට්‍ය කලාව අභාවයට නොයයි. පල්ලියෙන් පිටතට දැමූ පසු ප්‍රථම වරට නාට්‍ය රඟ දක්වන්නේ පල්ලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටයි. පල්ලියේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට සකස් කරගත් වේදිකාවක නාට්‍ය පෙන්වන විට ප්‍රෙක්ෂකයෝ නගර චත්‍රරස්‍රයේ රැස් වී නාට්‍ය නැරඹූහ.
වෙළෙඳ ශ්‍රේණි භාරයට ගත් නාට්‍ය කලාවපල්ලියෙන් පිටමං කළ පසු නාට්‍ය නිෂ්පාදනයේ වගකීම වෙළෙඳ ශ්‍රේණි භාරයට ගත්හ. එකල දක්නට ලැබුණු සුප්‍රසිද්ධ වෙළෙඳ ශ්‍රේණි කිහිපයකි.
* පොත් බඳින්නන්ගේ වෙළෙඳ ශ්‍රේණිය වෙළෙඳ ශ්‍රේණි භාරයට ගැනීමත් සමඟ නාට්‍ය කථාව වාණිජ පරමාර්ථයන් ඇතුව සකස් වේ. වෙළඳ ශ්‍රේණි විසින් තම නළු නිළියන්ට, රචකයින්ට, වේදිකා සහයකයන්ට ගෙවීම් සිදු කරනු ලැබිය. ඒ අනුව වෘත්තීය නාට්‍ය කලාවක් බිහිවීමේ පදනම සකස් වේ. පල්ලියෙන් පිටමං කළ ද නාට්‍ය කලාව සම්බන්ධයෙන් පල්ලියේ බලය ඉවත් නොවේ. සෑම වෙළෙඳ ශ්‍රේණියටකටම නිර්දේශ වූ පල්ලියක්, පූජකයෙක්, ශාන්තුවරයෙක් දක්නට ලැබුණි. නාට්‍ය පිටපත පල්ලිය ලවා අනුමත කරවා ගත යුතු විය. අනුමත කරගත් පිටපත පල්ලිය භාරයේ් තබා ගනු ලැබෙයි. පිටපතට පිටින් ගොස් අසු වුවහොත් දඩ ගසනු ලබයි. මෙම නාට්‍ය රඟ දැක්වූයේ රෝද හතරේ රිය මත සකස් කෙරුණු සන්දර්ශනාත්මක වේදිකාවලය. මෙම රථ තැන් තැන් වලට ගොස් නාට්‍ය පෙන්වීම සිදු විය. මෙම නාට්‍ය පෙන්වූයේ 'කෝපුස් ක්‍රිස්ට්' නම් උත්සවයටයි. අනෙක් අතට මෙම නාට්‍ය රඟ දැක්වනුයේ චක්‍රයක් ලෙසිනි. එක් චක්‍රයක අංක 30 - 40 ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබුණි. උදා: යෝක් චක්‍රය, වෙස්ටර් චක්‍රය වෙක්ෆීල්ඩ් චක්‍රය මෙම සන්දර්ශනාත්මක රථයේ මනුලොව, අපාය, දිව්‍යලෝකය දක්නට ලැබුණි. ඒ අනුව නාට්‍ය වේදිකාගත කළේ කොතැනකද යන්න පිළිබඳ විවාදයක් පවතී. රථය තුළත්, රථයෙන් පිටත ඉදිකළ වේදිකාවකත් නගර චතුරස්‍රයේත් නාට්‍ය රඟදක්වන්නට ඇතැයි සිතිය හැකිය. නාට්‍ය කලාව දේවස්ථානයෙන් පිටතට ගිය පසු නාට්‍ය කලාවේ දක්නට ලැබුණු වෙනස්කම් කිහිපයකි.
* ලතින් භාෂාව වෙනුවට ස්වභාෂා භාවිතයට ගැනීම
මධ්‍යකාලීන නාට්‍යයේ රංග විධි ක්රමමධ්යකාලීන නාට්‍යවල දක්නට ලැබෙන රංග විධි ක්‍රම පහත සඳහන් පරිදි හඳුනා ගත හැකිය. * බයිබලයේ එන ඓශ්චර්ය ජනක සිද්ධීන් විශ්වසනීය ලෙස ඉදිරිපත් නොකළහොත් එමඟින් ප්‍රේක්ෂකයා තුළ ඇති භක්තිය අඩු වේ යැයි සලකා ඒ හැම සිදුවීමක්ම හැකිතරම් තාත්විකව ඉදිරිපත් කෙරිණි. උදා (1) ක්‍රිස්තුන් වහන්සේ ජලය මත සක්මන් කිරීම (2) අපායේ දොරටුවේ කටින් ගිනි පිට කරන දැවැන්ත රකුසෙකු නිරූපණය වූ අතර අපාය ඇතුළත ගිනි හා දුම් නිරූපණය විය. අපාය ඇතුළත සිට අපාගත වූවන්ගේ විලාප හඬ ඇසුණි. * මධ්‍යකාලීන වේදිකාව යට සිට ක්‍රියාත්මක වූ 'රහස්' නම් යන්ත්‍ර විශේෂයක් දක්නට ලැබුණි. මේවා මඟින් චරිත හා වස්තූන් හදිසියේ මතු කිරීමටත් හදිසියේ අතුරුදහන් කිරීමටත් හැකි විය. මෙම උපක්‍රම මඟින් මධ්‍යකාලීන නාට්‍යවලට අවශ්‍ය වූ අත්භූත බව හා ආශ්චර්ය මතු විය. * මධ්‍යකාලීන වේදිකාව අසල ගොඩනැගිලිවලට සවි කළ ඔසවන හා පහත් කරන උපකරණ දක්නට ලැබුණි. මේවා මඟින් අහස් ගමන් හා ඉගිලීම් නිරූපණය කළ හැකිය. * මධ්‍යකාලීන නාට්‍යවල ආහාර්ය අභිනයේදී වේෂ භූෂණයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. දිව්‍යලෝකයේ චරිත සඳහා ආගමික වස්ත්‍ර (පූජක ලෝගු) භාවිත කළ අතර මනුෂ්‍ය ලෝකයේ චරිත සඳහා සාමාන්‍ය මිනිසුන් අඳින පලඳින රංග වස්ත්‍ර භාවිත කෙරිණි. මධ්‍යකාලීන නාට්‍යකරුවා ගේ නිර්මාණශීලීත්වය මතු වූයේ අපාය වාසීන්ගේ රංග වස්ත්‍ර නිර්මාණය කිරීමේදීය. එහිදී යක්ෂයන් සඳහා වේෂභූෂණ නිර්මාණය කිරීම සුවිශේෂී විය. පියාපත්, අං, පහුරු, පිහාටු, වලිග සහිතව මේවා නිර්මාණය විය. * මධ්‍යකාලීන වේදිකාවේ සරල සංකේතාත්මක වේදිකා පසුතල භාවිත විය. උදා: කුඩා ගොඩනැගිල්ලකින් පූර්ණ ජෙරුසෙලම නිරූපණය විය. පෝටිකෝවක් යට තිබූ පුටුවකින් මාළිගාවක් නිරූපණය කළ හැකි විය.
මධ්‍යකාලීන නාට්‍යවල චින්තනයමධ්යකාලීන නාට්‍යවල අන්තර්ගත මධ්‍යකාලීන ආගමික චින්තනය පහත පරිදි හඳුනාගත හැකිය. * යක්ෂයාත් දෙවියාත් පවතින්නේ සදා කාලයේය. මිනිසාගේ අමරණීය ආත්මය ද සදාකලික වේ. දෙවියන් වහන්සේ වෙතට යනවාද යක්ෂයා වෙතට යනවාද යන්න මිනිසා මෙලොවදී කරන පින් පව් අනුව තීරණය වේ. * සියල්ල සිදු වන්නේ දේව කැමැත්තට අනුවයි. විශ්වය නිර්මාණය කළේ දෙවියන් විසිනි. විශ්වයේ ප්‍රථම පුරුෂයා හා ගැහැනිය වූ ආදම් සහ ඒව නිර්මාණය කරන ලද්දේ ද දෙවියන් විසිනි. එසේම ලොව සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ ද දේව කැමැත්තට අනුවයි. * ආගමික නාට්‍යවල හාස්‍යමය කරුණු දක්නට ලැබීම සුවිශේෂ වේ. ඒ අනුව ආගමික නාට්‍ය යනු සීනි තැවරූ බෙහෙත් ගුලියකි. සීනි නැමැති හාස්‍ය රසය විදින අතරදී බෙහෙත් නැමැති ආගමික කරුණු ප්‍රේක්ෂකයාට අවබෝධ වී හමාරය.
මධ්‍යකාලීන නාට්‍ය වර්ග (ජන වන්දනා නාට්‍ය)මධ්‍යකාලීන නාට්‍ය කලාව තුළ ප්‍රබලත්වයට පත්වූ නාට්‍ය වර්ග තුනක් දක්නට ලැබේ.
මිස්ටරි මිස්ටරි ( ගුප්ත බල නාට්‍ය) මෙම නාට්‍ය මඟින් අවධානය කෙරෙන්නේ දෙවියන් වහන්සේගේ ගුප්ත බලයයි. මෙම නාට්‍ය වෙළඳ ශ්‍රේණි මඟින් ඉදිරිපත් කළ නිසා 'ශ්‍රේණි නාට්‍ය' යන නමින් ද හැඳින්වේ. බිහි වී ඇති ප්‍රබලම මිස්ටරි නාට්‍ය 'ලේ මිස්ටරි ඔෆ් ඇඩම්' නම් වූ නාට්‍යයි.
මිරැකල් (ප්‍රාතිහාර්ය නාට්‍ය) ශාන්තුවරයන් සහ ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ කතා මෙම නාට්‍යවල අන්තර් ගතවේ. මෙම නාට්‍ය ඉදිරිපත් කරන්නේ අදාළ මුනිවරයාගේ මංගල්‍ය දිනයේදී මුනිවරයා හා සම්බන්ධ කණ්ඩායම් විසිනි. මිරැකල් නාට්‍ය මිස්ටරි නාට්‍ය තරම් ප්‍රබල නොවූව ද මිරැකල් නාට්‍යවලට මධ්‍යකාලීන යුගයේ නාට්‍ය කලාව තුළ විශේෂ තැනක් හිමි වේ. AN ACTES APOTRES නම් මිරැකල් නාට්‍ය මේ අතර සුවිශේෂී වේ.
මොරැලිටි (සදූපදේශ නාට්‍ය) ලෞකික ජීවිතයට ඇලී ගැලී සිටින මිනිසාට පින්පව් පිළිබඳවත් ලෝකෝත්තර ජීවිතය පිළිබඳවත් අවබෝධය ලබාදීමට නිර්මාණය කළ නාට්‍ය විශේෂයක් ලෙස මොරැලිටි හඳුන්වා දිය හැකිය. හියුගෝ ෆෝන් හොෆ්මන්ස්තාල්ගේ EVERY MAN නාට්‍ය ඇසුරින් බන්දුල ජයවර්ධන අනුවර්තනය කළ 'සකලජන' නාට්‍ය මොරැලිටි නාට්‍යයකි. සකලජනගේ චරිතයෙන් ලෞකික ආස්වාදයට ලොල් පාපයට නැඹුරු වූ සකල ජනයාව සංකේතවත් කරයි. ඔහු විශාල සාදයක් සූදානම් කරමින් සිටින විට මාරයා ඔහුගෙන් පින් පව් වාර්තාවක් ඉල්ලයි. ඔහු බියට පත් වෙයි. ඔහු තමා සමඟ මාරයා ළඟට යාමට තම නෑයින්ට, හිත මිතුරනට, පෙම්වතියට ආරාධනා කරයි. එහෙත් කිසිවෙකු ඔහු සමඟ යෑමට කැමති නොවේ. අවසානයේ තමා සමඟ එන ලෙස තමාගේ ධනයට ආරධනා කරයි. එවිට ධනය ප්‍රකාශ කරන්නේ සකල ජනයාට ඕනෑ ආකාරයට ක්‍රියා කිරීමට තමා බැඳී නොසිටින බවයි. අවසානයේ ඔහුට පිහිට වීමට යන්නේ දුබල කුසල් සොයුරිය සහ ප්‍රඥාව පමණි. ඔවුන් දෙදෙනාගේ උපකාරයෙන් සකලජන විමුක්තිය කරා ගමන් කරයි. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ මරණය, ප්‍රඥාව සහ කුසල් චරිත බවට පත්ව තිබීමයි. භෞතික වස්තුවක් වන ධනය ද චරිතයක් බවට පත්ව ඇත. කථා වින්‍යාසයේ අඩුපාඩු දක්නට ලැබුණ ද සදුපදේශ උගන්වන නාට්‍යයක් ලෙස සකලජන නාට්‍යයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. |