|
සම්මානයට වඩා අගනා දෙයක්
සම්මාන උලෙළකින් පසුව උලෙළේ සම්මානයන් බෙදීගිය ආකාරය ගැන අනන්තවත් විවේචන එල්ල වෙනවා. විශේෂයෙන් සම්මාන නොදිනූ අයගෙන්. ඇතැම් විට ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඇතැම් අය තමනට සම්මාන නොලැබුණාම අප්සට් ගහනවා. විනිශ්චය මණ්ඩලයන්ට දෙහි කපනවා. එක එක මනුස්සයෝ එක එක විධියනෙ. ඒවා අපිට හදන්න බැහැ. මේ කියන්න හදන්නේ ඒ අතරින් සිටින මහත්මා ගති ඇති අධ්‍යක්ෂවරයකු සහ රංගන ශිල්පිණියක් ගැනයි.
අධ්‍යක්ෂවරයා එසේ මෙසේ
කෙනෙකු නෙවෙයි. සම්මානනීය කෙනෙක්. නම ආනන්ද අබේනායක. ඉකුත් සම්මාන උලෙළකදී ආනන්දගේ
නිර්මාණයක් දෙවැනි කො කාත් එක්කවත් මුකුත් කිව්වේ නැහැ. චාන්දනී සෙනෙවිරත්න තමයි මං කියූ රංගන ශිල්පිණිය. මෙවර රයිගම් උලෙළේදී හොඳම නිළිය වුණු නදී කම්මැල්ලවීර නාම යෝජනා නිකුත් වූ දවසේ චාන්දනී කිව්වා (චාන්දනී ද නදී සමඟින් හොඳම නිළියට යෝජනා වුණා) මට නෙවෙයි මේ සම්මානය මේ කෙල්ලට ලැබුණොත් හොඳයි කියලා. ඒ අය සම්මානවලට ලෝබ නැති නිසා වෙන්න ඇති. අනික චාන්දනී හොඳම නිළිය වෙන්නට දැන් නම් සම්මාන ඕන නැහැ. රංගනය දැක්කම ඇති. ඇගේ විශිෂ්ටත්වය ඉන් මනාව පිළිබිඹු වෙනවා. |