|
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
හෙක්ටර් කුමාරසිරිගේ දෙවැනි සිනමා නිර්මාණය
අනෝරා මෙම මඟ හැරිම ආරම්භ කරන්නේ කලක් විදේශගතව සිටියදී. විවාහ උත්සවයට සහ නර්තන තරගාවලියට වෙහෙසෙන ආකාෂ්ට අනෝරාගේ මඟ හැරීම ප්‍රහේලිකාවකි. මේ හේතුවෙන් ඔහුට නර්තන කණ්ඩායමෙන් මෙන්ම මවුපියන්ගෙන් ද මහත් වූ පීඩාවක් ඇතිවේ. අනෝරාගේ හොඳම යෙහෙළිය සචිනිය. ඇයට අනෝරා නොකියන දෙයක් නැතිවග ආකාශ්ට මතක් වන්නේ මේ වෙලාවේය. ඔහු ඇයව සොයා වහ වහා පිටත් වන්නේ සියලු ප්‍රශ්නයන් විසඳා ගැනීමේ අටියෙන්ය. ආකාශ් සිතුවා නිවැරිදිය. අමෝරා සචිනිට සියලු දේ පවසා ඇත. මේ මඟ හැරිම්වලට හේතුව දැනගන්නා ආකාශ් පුදුමයෙන් පුදුමයට පත් වන්නේය. තම අනාගත බිරිය ලිංග විපර්යාසයකට ලක් වෙමින් සිටින්නීය. බියෙන් ත්‍රස්ත වන ආකාශ් තම ඊළඟ සැලසුම ක්‍රියාත්මක කිරීමට පටන් ගනී. මේ කතාව රැගත් සිනමාපටය අමෝරා යැයි නම තබා තිබේ. මේ හෙක්ටර් කුමාරසිරිගේ දෙවැනි සිනමා නිර්මාණයයි. ඔහු මෙයට පෙර අභිනික්මන නමින් මුල්ම සිනමා කෘතිය එළි දැක්වූවේය.
|