වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: කඹයක් නැතුව ළිඳෙන් එන්න බඹයක් දිග නමක්: Sarasaviya e edition - Lake House - Sri Lanka

කඹයක් නැතුව ළිඳෙන් එන්න බඹයක් දිග නමක්

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගැන හඳුන්වා දෙද්දී අප නිරන්තරයෙන් පවසන කාරණයක් තියෙනවා. ඒ උපන් ගමන් ශ්‍රීමත් වේච එකම කෙනා කියන එක. නයිට් නාමයක් උපතින්ම ගෙනා ශ්‍රීමත්ට නිරන්තරයෙන් ගෞරව නාම ලැබෙනවා. ඒ ක්ෂේත්‍රය තුළ කරන කෙරුවාවල් නිසා. ඔහුට ලැබිච්ච අලුත්ම ගෞරව නාමය තමයි ජනාභිමානි ගෞරව නාමය. මීට පෙර මාධ්‍ය ශිරෝමනි, ස්වර්ණ සිංහ, දේශබන්ධු, දේ්ශ කීර්ති යන ගෞරව නාම ලැබුණනෙ. දැන් අප ඔහුව හඳුන් වන්නේ මාධ්‍ය ශිරෝමනී, ස්වර්ණ සිංහ, දේශබන්ධු, දේශ කීර්ති, ජනාභිමානි ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ කියලා. කෙටියෙන් කිව්වොත් මා. ශි. ස්. දේ. දේ. ජ. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ. හැබැයි බැරි වෙලාවත් ශ්‍රීමත් ළිඳකට වැටුණොත් ගොඩ ගන්න කඹයක් ඕන නැහැලු. නම දිගේම උඩට එතෑකිලු.