|
ෆිල්ම් ෆෙයාර් හැරවුම් ලක්ෂයකHindi Medium හොඳම චිත්‍රපටය වෙයි
එම සම්මාන බෙදී ගියේ Jagga Jasoos සම්මාන 04, Secret Superstar, Secret Superstar, A Death in the Gunj සහ Trapped සම්මාන 03 බැගින් සහ Bareilly Ki Barfi, Hindi Medium, Newtonසම්මාන 02 බැගිනි. හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානනීය වූයේ සාකේත් චෞද්‍රි විසින් අධ්‍යක්ෂණය කළ Hindi Medium චිත්‍රපටය යි. ඉර්ෆාන් ඛාන් සහ විද්‍යා බාලන් හොඳම නළු - නිළි සම්මාන යුගලට හිමිකම් කීවා. මෙවර ෆිල්ම් ෆෙයාර් උලෙළ පසුගිය කාලයේ ජනපි‍්‍රය චිත්‍රපටවලට වඩා වෙනස් විශිෂ්ට චිත්‍රපට සොයා යෑමක් ලෙස විචාරකයන් පෙන්වා දක්වයි. මෙවර ෆිල්ම්ෆෙයාර් රතු පලස ද විවිධාකාර ඇඳුම් මෝස්තර වලින් තව තවත් සුන්දර වුණා. දීපිකා පදුකෝන්, ආලියා භාත්, සෝනම් කපූර්, නේහා ධූපියා, පරිනීති චොප්රා, ශහීඩ් කපූර්, වරුන් ධවාන්, රන්වීර් සිං ඒ අතරේ කැපී පෙනුණා. රන්වීර් සිංගේ ඇඳුම ඔහු 80 - 90 දශකවල ඔහු වඩාත් ප්‍රිය කළ jooba, Deewar, Ram Lakhan, Baazigar, Ghayal, Aankhen, Vastav වැනි චිත්‍රපට පෝස්ටර් වලින් හැඩ වී තිබුණා. බොලිවුඩයේ මෝස්තර නිරූපණයට විශේෂ නම් ලද සෝනම් කපූර් කළු පැහැ කබායකින් සහ දණහිස තෙක් වූ කලිසමකින් හැඩ වී පැමිණ සිටීම කාගේත් අවධානයට ලක් වුණා.
|