|
රටට දැනෙන්න මැරෙන්න නම් රටට දැනෙන්න වැඩක් කළ යුතුයි
සුනිල් රත්නායක
මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදී ටෙලිවීව් නාමය සුවිශේෂිත්වයක් උසුලනු ලබනවා. කවදත් නවීනතම තාක්ෂණය උපගෝගි කර ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ටෙලිවීව් ආයතනයට මෙරට වැඩිම ටෙලි නාට්‍ය සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ ගෞරවයද හිමයි. 'වෙද හාමිනේ', 'දඬුබස්නාමානය', 'සිසිල ඉම', 'භවත්‍රා' වැනි ටෙලි නිර්මාණ ද ඇතුළුව ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කරමින් ටෙලිවීව් පැමිණි ගමනේ දශක තුන සමරන්නේ ලබන නොවැම්බර් මාසයේදීයි. ඉංජිනේරුවකු වුවද ව්‍යාපාරිකයකු ලෙසින්ද කටයුතු කරන අතරේ කලාවට වූ ළෙංගතුකම ගැන කතා කරන්න අද ටෙලිවීව් ආයතනයේ සභාපති සුනිල් රත්නායක සරසවිය හමු වූ වගයි. * ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබේ නාමය සුවිශේෂයි. ඔබ එහි පැමිණියේ දශක තුනක ගමනක්? වසර තිහක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. මේ ගමන සිත් ගන්නා සුලු වර්ධන වගේම දුක්මුසු බිඳ වැටීම් ද සමඟින් පැමිණි එකක්. ඕනෑම පුද්ගලයෙක් ඕනෑම කර්මාන්තයක් ඕනෑම රටක් වුණත් ගත්තේ වර්ධනයක් වගේම බිඳ වැටීම් තියෙනවා. කොහොම වුණත් මේ දශක තුනක කාලය තුළ අපිට විශාල වර්ධනයක් අත්පත් කරගන්න හැකි වෙලා තියෙනවා. ලංකාවේ වැඩිම ටෙල නාට්‍ය සංඛ්‍යාව නිෂ්පාදනය කරන්න ටෙලිවීව් ආයතනයට හැකි වෙලා තියෙනවා. ටෙලිවීව් ආයතනයේ කලමනාකරණ කටයුත්තට අමතරව පුද්ගලයෙක් විදියට ගත්තොත් මට ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කරන්න හැකි වෙලා තියෙනවා. කවි, ගීත රචනා කළා. වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, තිරකතා රචනය, ටෙලිවීව් ඇකඩමියේ වැඩ කටයුතු සොයා බලන්නෙත් මම. මේ සියලු දේ සමඟින් පැමිණි ගමනේ සාර්ථකත්වයක් අද දකින්න පුළුවන් වෙලා තියෙනවා. * නවීන තාක්ෂණය අත්හදා බැලීම ඔබ සතු විශේෂත්වයක්. වර්තමානයේදී මෙරට නවීනතම කැමරාවත් ඔබ සතුයි? මම පුංචි කාලයේ පටන්ම තාක්ෂණය සමඟින් බැඳී සිටි කෙනෙක්. ඒ බැඳීම කොහොමද කියනවා නම් අලුත්ම තාක්ෂණය අත්හදා බලන්න ගිහින් අමාරුවෙත් වැටිලා තියෙනවා. ඇත්තටම මම අධිවේගි පුද්ලයෙක්. ඇතැම් නවීනතම උපකරණ ලංකාවට ගෙන්වලා තියෙනවා. එහෙම කළ ඇතැම් අවස්ථාවලදී අපේ රට ඒ තාක්ෂණය භාවිත නොකර වෙනත් ක්‍රමවලට යොමු වූ අවස්ථා තියෙනවා. ඒ වෙනකොට මගේ මහන්සියෙන් වැඩක් ඇත්තේ නැහැ. මම අධ්‍යාපනය ලැබුවේ විද්‍යා අංශයෙන්. මං විද්‍යාවට හරිම ආදරෙයි. මගේ ටෙලි නාට්‍ය පවා විද්‍යා අංශයට බරයි. ලංකාවට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රථමවරට ත්‍රිමාණ සජීවකරණය හඳුන්වා දෙන්නත් මට අවස්ථාව ලැබුණා. 'භවත්‍රා' ඒ අනුව නිර්මාණය වුණ පළමු ටෙලි නිර්මාණය යි. සාමාන්‍යෙයන් නම් එයට දර්ශනතල සියයක් විතර අවශ්‍ය වෙනවා. කෙසේ නමුත් අපි එහි දර්ශන තල දෙකකින් කතාංග පනස්පහක් නිර්මාණය කළා. තාක්ෂණය අනිත් අතින් ගත්තොත් ලොව නවීනතම කැමරා විශේෂය වන්නේ, චපපඪ චතඥයච ලඥඪඵඵ ඵභනඥප යබ නම් කැමරාවයි. හොලිවුඩයේ බහුලවම මේ කැමරාව භාවිත කරනවා. එහිද නවීනතම කැමරාව මට මෙරටට ගෙන එන්න හැකි වෙලා තියෙනවා. ඒ සමඟින් තිස් වැනි වසරේ තේමාව වන ජාත්‍යන්තරය කරා (ඊධඹචපඤඵ ඪදබඥපදචබඪධදචත ථචපඬඥබ) යන්න ඉටු කරගැනීම අපේ බලාපොරොත්තුවයි. අපි ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය දැනටමත් එකතුකර ගෙන අවසන්. * ටෙලි නිර්මාණකරණයේදී ප්‍රමිතිය ගැන ඔබ ඉහළින්ම හිතනවා වගේ? ඇත්තෙන්ම අපි මුලින් හිටියේ ඉතා සැර ප්‍රතිපත්ති තීරණ සමඟින්. කිසිම අවස්ථාවක අපි අපේ ජනප්‍රිය ටෙලි නිර්මාණවල දෙවැනි කොටසක් කරලා නැහැ. මෙගා රැල්ලට අහු වෙලා හිටියේ නැහැ. අපේ හැම නිර්මාණයකටම වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම සම්මාන ලබන්නත් හැකි වුණා. නමුත් අපට එදා ගත් තීරණවලම එල්බගෙන හිටියා නම් අද ටෙලිවීව් ආයතනය වහන්න වෙනවා. අප කාලයත් සමඟ වෙනස්විය යුතුයි. ඒ නිසා අපට මෙගා රැල්ලට විරුද්ධ වෙන්න හැකි වුණේ නැහැ. මෙගා රැල්ලට ගියත් උසස් නිර්මාණ බිහි කරන්නයි අපි හැම විටම උත්සාහ ගන්නේ. හොඳ නිර්මාණයක් කරන්න මම දෙසැරයක් හිතන්නේ නැහැ. අපි මේ දක්වා කළ නිර්මාණ හැම එකකම ඒ විශේෂත්වය තියෙනවා. එක් සම්මාන උළෙලකදී අපි නිෂ්පාදනය කළ දඬුබස්නාමානය සම්මාන 24 කින් 22 ක්ම දිනා ගත්තා. ඒ විතරක් නෙවෙයි එය හොඳම ටෙලි නාට්‍ය වගේම ජනප්‍රිය ටෙලි නාට්‍යයත් ලෙසින් පිදුම් ලැබුයේ මෙරට ටෙලි නාර්මාණ ක්ෂේත්‍රෙය් වෙනසක් ඇති කරමින්. ඒ ගැන ගොඩක් ලොකු සතුටක් හිතේ තියෙනවා. ඊට අමතරව මේ වන විට මම වෙළෙඳ දැන්වීම් තුන්දහසක් පමණ කරලා තියෙනවා. ඒවා ලියන්නෙත් මම. අධ්‍යක්ෂණය කරන්නෙත් මම. පසුගිය වසරේ හොඳම වෙළෙඳ දැන්වීමට හිමි සම්මානය හිමි වුණෙත් මට. කරන ඕනෑම දෙයක් ඉහළ තත්ත්වයෙන් කරන්නයි මගේ ආසාව. * වර්තමානයේදී සංචාරක අමාත්‍යාංශයෙන් ඔබට නව තනතුරකුත් පිරිනැමුවා නේද? ඔව්. එහිදී මට පැවරී තියෙන්නේ, ජාත්‍යන්තරයේ සිටින රූපවාහිනි සහ චිත්‍රපට නිෂ්පාදකයන් මෙරටට ගෙන්වා ගැනීමයි. ඔවුන් දැනටත් එනවා. නමුත් ඉදිරියේදී එය වඩාත් පුළුල් කිරීම මට පැවරී තියෙනවා. පහසුකම් මදිකම නිසා බොහෝ දෙනෙක් මෙරටට පැමිණීමට මැළිකමක් දක්වනවා. මං මේ දවස්වල ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සම්පාදනයට කටයුතු යොදමින් සිටිනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, සිනමාව, රූපවාහිනි මාධ්‍ය හරහා මෙරටට විදේශ විනිමය උපයා ගැනීමයි. * මේ කාර්යයයේදී අපේ රටේ මානව සම්පත් දායකත්වය කෙසේද? බොහෝ දෙනෙක් හිතුවේ මේ වෙනුවෙන් අපේ රටේ මානව සම්පත් හිඟ වේවි කියලායි. රූපවාහිනි අභ්‍යාස ආයතනය, ටෙලිවීව් තාක්ෂණික විද්‍යා ඇකඩමිය ඔස්සේ අපි මේ වෙනුවෙන් පුහුණුව ලබා දී තියෙනවා. ඒ සමඟම මේ වන විට ලංකාවට ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කරන අධ්‍යක්ෂවරු එනවා ඔවුන් යටතේ අපේ ශිල්පීන් දැනටමත් වැඩකටයුතු කරනවා. ඒ ඔස්සේ ඔවුන් ලොව නවීනතම උපකරණ සමඟින් කටයුතු කිරීමේ පුහුණුව ලබනවා. ටෙලිවීව් තාක්ෂණික විද්‍යා ඇකඩමිය හරහා ත්‍රිමාණ සජීවකරණ පිළිබඳවත් දැනුම ලද විශාල පිරිසක් ඇති කරන්න මම කටයුතු කළා. එහි මීළඟ පියවර ලෙසින් මම බලාපොරොත්තු වන්නේ කර්මාන්තයක් විදියට ත්‍රිමාණ සජීවකරණය සමඟින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිය නැඟීමයි. මේ වනවිට එහි ආරම්භක කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා. දකුණු ආසියාකරයේ ත්‍රිමාණ සජීවකරණ අංශයේ විශාලතම රසායනාගාරයක් අපේ රටේ ආරම්භ කටයුතු කරමින් සිටිනවා. * එදා ආරම්භ කළ රූපවාහිනි ගම්මානයෙනුත් ඉටු කෙරෙන්නේ සුවිශාල කාර්යභාරයක්? ඇත්තෙන්ම මම රූපවාහිනි කර්මාන්තයට පැමිණි පසු විදෙස් රටවල රූපවාහිනි කර්මාන්තය පවත්වාගෙන යන ආකාරයත් අධ්‍යයනය කළා. සියලු දර්ශන එක පරිශ්‍රයක් යොදා ගෙන සිදු කිරීම එවිට මට දැනගන්න ලැබුණු දෙයක් තමයි. ඒක හරිම ලාබදායි කටයුත්තක්. ඒ අනුව තමයි මම ලංකාවේ පළමු රූපවාහිනි ගම්මානය ලෙසින් බදුල්ලේ රූපාවාහිනි ගම්මානය ආරම්භ කළේ. එදා පර්චස් විස්සක දඬුබස්නමානය ඇතුළුව ටෙලි නාට්‍ය ගණනාවක් කළා. මේ වන විට එය අක්කර දෙකක් දක්වා පුළුල් කරන්න අපට හැකි වෙලා තියෙනවා. එහි අපට උවමනා පසුතල බොහොමයක් තියෙනවා. ඕනි නම් තවත් ඒවා නිර්මාණය කරගන්නත් පුළුවන්. * ව්‍යාපාරිකයෙක් විදියටත් ඔබ සම්මානනීය ව්‍යාපාරිකයෙක් ? අපේ හත්මුතු පරම්පරාවේ කවුරුවත් ව්‍යාපාර කරලා නැහැ. නමුත් මම මේක ව්‍යාපාරයක් විදියට පටන් ගත්තේ ආසාව නිසාමයි. මගේ ව්‍යාපාර දැනුම දියුණුකර ගන්න මට ලැබුණු ශිෂ්‍යත්වයක් නිසා මම ජපානයට ගියා. පසුව ලංකාවට පැමිණ සම්මාන තුනකින් පිදුම් ලබන්නට හැකි වුණා. මේ වෙනකොට ටෙලි නිර්මාණවලට වගේම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ විශිෂ්ට ව්‍යාපාරික සම්මාන තුනකුත් මං ලබාගෙන තියෙනවා. පසුව මම මේ ක්ෂේත්‍රයේ එම්බීඒ උපාධියත් කළා. ඒ කෙසේ වෙතත් මම සිවිල් ඉංජිනේරුවෙක්. රූපවාහිනි නිර්මාණකරණයට පිවිසියේ විනෝදාංශයක් විදියටයි. නොසිතූ අයුරින් එය පුළුල් වුණා. සිවිල් ඉංජිනේරු අංශයට මම හරි ආසයි. මගේ ගෙදර සැලසුම් පවා කළේ මම. ඉංජිනේරු අංශයෙනුත් වෙනමම ආයතනයක් මෙම ආයතන සමූහය සමඟින් ක්‍රියාත්මකයි. * කුඩා වියේදීත් ඔබ කලා කටයුතුවලට දායක වෙන්න ඇති? මගේ තාත්තා රජයේ සේවකයෙක් නිසා තාත්තා යන යන තැන්වලට අපටත් යන්න සිදු වුණා. මගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ මාතර රාහුල විද්‍යාලයෙන්. අවසන් කළේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙන්. පාසලේදී වේදිකා නාට්‍යවලට දායක වෙලා තියෙනවා. කථික තරග වලට ඉදිරිපත් වුණා. * කලා කටයුතුවලට දායකවීම ඔස්සේ ඔබ ලබන සතුට ගැනත් කියමු? කලාවටත් වඩා මම වැඩියෙන්ම ආසා කරන්නේ විද්‍යාවටයි. මම කලාවට සම්බන්ධ වෙන්නේ විද්‍යාව ඔස්සේයි. මම දැනට ගීත විසි පහක් පමණ රචනා කරලා තියෙනවා. එයින් පහක් සම්මානනීය වුණා. මම හැන්දෑවේ අහස දිහා බලාගෙන සිංදු ලිව්වා. වලා අතුල සිරි යහනේඋනුසුම් හිරු කෙඳී පොරවාඉන්ද්රචාප කුමාරයා නිදා වැටෙනවා...පිටසක්වල ජීවින් ගැන කියවෙන 'භවත්‍රා' නිර්මාණ වුණේ, මේ චමත්කාරය විඳීමේ එක් ප්‍රතිඵලයක් විදියටයි. විද්‍යාවට තියෙන නැඹුරුව නිසා තමයි මා අතින් විද්‍යා ප්‍රබන්ධ කතා ලියවුණේ. මීලඟට 'භවත්‍රා' දෙවැනි කොටසත්, 'අහසින් එහා' නමින් තවත් විද්‍යාත්මක ටෙලි නිර්මාණයකුත් රචනා කරලා තියෙන්නේ. මීට පෙර මම 'ඇය මගෙ කවිය' විය කවි පොතක් ලිව්වා.' තහනම් ආදරය' කවි පොත කළේ අත්තනායක එම් හේරත් මහතා සමඟින්. කලා කටයුතුවල නිරත වෙනවිට ලැබෙන ආත්ම තෘප්තිය වෙනත් කිසිම දෙයකින් ලබා ගන්න බැහැ. මඟතොටේදී ලැබෙන ප්‍රතිචාර වගේම සම්මාන ලැබීම, නවකයන්ට අතහිත දීම, නව නිර්මාණ කිරීම ඔස්සේ මම විශාල සතුටක් ලබනවා. මගේ ආසාව රටට දැනෙන්න මැරෙන්නයි. රටට දැනෙන්න මැරෙන්න නම් රටට දැනෙන්න වැඩක් කළ යුතුයි. ඒ වෙනුවෙන් මා ඇප කැප වෙමින් ඉදිරියට යා යුතුයි. මේ සියලු දේ සමඟින් මගේ එකම ප්‍රයත්නය අපේ නිර්මාණකරුවන් කැටුව ජාත්‍යන්තරය කරා යාමයි.
|