|
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
ඔහුට බිම්සර නමින් සහෝදරයකු ද වෙයි. බිම්සර ජීවත් වන්නේ තමන්ගේ ලොවකය. පරිගණකය ඔහුගේ ජීවිතයයි. එතැනින් එහා ලොවක් ඇත්නම් ක්‍රීඩාව පමණක්ය. අපූර්ව ක්‍රමයෙන් තමන් මවාගත් සිහින ලොවක ජීවත් වන්නට පටන් ගනියි. ඔහු තමා අවට පවතින සියලු දේ වලට ජීවය ඇතැයි සිතයි.
අපූර්ව මෝඩයකු වී බිම්සර උගතකු වේ යැයි බිය ගන්නා අපූර්වගේ මව්පියන් අපූර්ව උගතකු කිරීමේ වෑයමක යෙදෙයි. ඒ නිසාම අපූර්වගේ හැඟීම් තේරුම් ගැනීමට මව්පියන්ට නොහැකි වේ. ඔය අතර අපූර්වට යහළුවකු මුණ ගැසෙයි. ඒ කතන්දර සීයාය. ඔහු වාහන සාදන වැඩපළක සේවය කරයි. සීයා අපූර්වටත් අමායාටත් දැඩි ලෙස ඇලුම් කරයි. නොහඳුනන විශ්වාස කළ නොහැකි ආගන්තුකයකු බැවින් කතන්දර සීයාට අපූර්වගෙන් ඈත් වෙන ලෙස අපූර්වගේ මව්පියන් දැනුම් දෙයි. සීයා අපූර්ව මුණ නොගැසෙන්න පරිස්සම් වෙයි. යළිත් අපූර්ව තනි වෙයි. ඒ අතර මව්පියන් අපූර්වව නගරයේ පාසලට ඇතුව කිරීමට තීරණය කරයි. අපූර්වගේ ජීවිතයේ අලුත් පිටවක් පෙරළෙන්නේ එතැන් සිටය. අපූර්වගේ කතාව සිනමා සිතුවමකට රැගෙන එන්නේ සෝමලතා හේරත් මැණිකේය. ඇය එම සිනමාපටයට කතා කරන හීන යනුවෙන් නම තබා තිබේ. සෝමලතාගේ කුලුුඳුල් නිර්මාණය වන එය නිෂ්පාදනය කොට ඇත්තේ ද ඇය විසිනි.
කතා කරන හීන සිනමාපටයේ නළු නිළි පිරිවර බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, චන්ද්‍රසෝම බිංදුහේවා, දිනුල් රංසිත්, ආනන්ද අතුකෝරල, මනීෂා ශ්‍යාමලී, අංජන ප්‍රේමරත්න, බුද්ධික කලිඳු, රුබන් ඛාන් රනිල් ප්‍රසාද්, මහින්ද කරුණාරත්න, පුජානි හෙට්ටිආරච්චි, ආර්. සම්පත්, අමායා මියුලැසි, ටිමේෂ් ජනිත්, අදීෂ රත්නායක, යශෝරා හරිෂ්චන්ද්‍ර, කුල්ගෙත්මි නිල්මිධ මෙෂිත් හරිෂ්චන්ද්‍ර, නෙත් වින්සර, මෙති මිහිසර අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනය - සෝමලතා හේරත් මැණිකේ කැමරා අධ්‍යක්ෂණය - අජන්ත ඒකනායක
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය -දක්ෂි ප්‍රසංගා අංග රචනය - ජයන්ත සිරිමාන්න සහාය - ශනිල් වැලිවිට විශේෂ දාෂ්‍ය ප්‍රයෝග - සුමේධ පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - සුජිත් මිල්රෝයි, ප්‍රසන්න සංජීව ගායනය - දිල්ශාන් මල්ෂක, මධුෂිකා ප්‍රනාන්දු, චමල්ක ප්‍රනාන්දු, සම්පත් ගුරුන්නාන්සේ ගී පද - සෝමලතා හේරත් මැණිකේ නිෂ්පාදන කළමනාකරණය - ගීත් නිශාන්ත මැල්, හේරත් රත්නින්ද වර්ණ සංකලනය - ඩිලාන් ගුණවර්ධන |