|
08 දා කරාපිටියේදී දැහැන්ගත වෙමුමහබඹු වයසට ගියත් සරසවිය නම් වයසට යන්නේ නැත .ඇය දිනෙන්දිනම මුහුකුරා යමින් රසය සොයන ඇත්තන්ගේ රස නහර පිනවන්නට උත්සුක වෙමින් ඇත. ඒ නිසාම ඇයට ආදරය දක්වන්නේ කවුරුන්ද ඇය පෙරළා ඒ අයටද ආදරය දක්වන්නිය. මෙයට ජාතියක් කුලමලයක් ආගමක් හා වයසක් බාධාවක් නොවෙයි. මෙවන් සුන්දරාත්මක සැන්දෑවක් එන මස අට වැනිදා (මැයි) ගාල්ල කරාපිටිය වෛද්‍යපීඨ ශ්‍රවණාගාරයේ දි එළිදක්වන්නේය. ඒ නමින් දැහැන නම් වේය. දැහැන ගාල්ලේ පාසැල් සමුහයක සිප් සතර උගන්නා ශිල්පිය මට්ටමින් සංගීත කුසලතා ඇතිකරගත් දරුවන් පිරිසකගේ තවත් කලඑළි දැක්මකි. ගායනා ප්‍රසංග නම් එමටය. උඩුබුරුන මිනිසුන් ලවා හු කියව ගන්නා මෙලෝ සංසාරයක් නැතුව බෙරිහන් දෙන සංගීත බහුරු කෝලම් අතරේ ඉතා කලාතුරකින් ලාංකිය පේ‍්‍රක්ෂකයින් හට අතිශයින්ම විචිත්‍රවත්ව අසන්නට ලැබෙන මේ දැහැන් ප්‍රසංගය වොයිස් ඔෆ් වයලින් නම් වේ. ගීතය වු වනාහි ත්‍රිත්වයක එකතුවකි. ගේය පද රචකයා ගායකයා හා වාදකයා මෙහි ත්‍රිමුර්තිය වන්නේය. එහෙත් කාගේ හෝ අවාසනාවකට මේ තුන් දෙනාගෙන් වාදකයාට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලටත් අඩු සැලකිල්ලකි. මේ කුඩම්මාගේ අඩු සැලකිල්ල යාන්තමින් හෝ දුරුකරලීම සඳහා ගත්තා වු මේ තැතේ නිර්මාතෘවරයා අන් කවරෙක් නොව පුරා දාහහතර වසරක් ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා දියණියන් වෙත සිප්රස ලබාදුන් මහා ගාන්ධර්ව කෙනකු වන ගාල්ලේ මිපාවල රෝයි පරණවිතාරන සංගිතඥ වන්නේය. හේ මේ කටයුත්ත දැනට වසරකට එහා සිට කරගෙන එන්නකි. සෑම වසරකට වරක් හේ මෙවන් සංගීත සැදැවක් සිය ගෝලබාලයින් සමඟ එක්ව ගාලු ජනතාවට තිළිණ කර දෙන්නේය. මේ වර පැවැත්වෙන මේ සංගීත දැහැන වෙන්වන්නෙම වාදනයන් සඳහාමය. එහි ප්‍රදාන භාණ්ඩය ලෙස නම් කොට ඇත්තේ සංගීතයේ මවු වන වීණාවටය. නැතිනම් වයිලීනයටය. මේ රස දැහැනට සිවුවන වසරේ සිට ඉහළ වසරයන්හි තමන්ගෙන් ඉගෙනගන්නා දරු දැරියන් 100කට අධික පිරිසක් එක්කර ගැනිමට හේ කටයුතු යොදා අවසන්ය. රෝයි සිය මෙහෙවර ගැන මා සමඟ කියන්නට ගොස් මා සමඟ ආඩපළි කියන්නට වුයේ මේ රටේ සංගිත කලාවට අද ඇති අවාසනාවන්ත තත්වය ගැනය. නාද රටාව හා සංගීත භාණ්ඩ ගැන රසිකයින් කතා නොකරන තරම්ය. නමුත් සංගීත රසය රඳා පවත්තේ මේ නාද රටාව තුළ බව අවබෝධකරගත යුතුව ඇත්තේය. මාගේ මේ ව්‍යායාමය හුදෙක් මේ රටේ රසිකයා මේ කියන ඉසව්වේ දැහැන් ගත කිරීමය. සංවරකම කියන දේ තරුණ පරපුරහි පමණක් නොව වයස්ගත වුවන් ළඟද ඇත්තේ යයි කිව නොහැකි තරම්ය. සමාජය මහත් කඩා වැටීමකට ලක්වී ඇත. මේ සියල්ලටම එක් හේතුවක් වී ඇත්තේ ද මේ සමාජය තුළ ළමා තරුණ පරපුර තුළ සෞන්දර්ය නොමැතිවීමය. මෙයට වගකිවයුත්තේ ප්‍රධාන වශයෙන් අපේ රටේ අදද පවත්තනා අධ්‍යාපන ක්‍රමයයි මම සිතමි. මේ අධ්‍යාපනය තුළ අර මා පෙර සඳහන් කළ සිතුවිලි පෝෂණය කරන විෂය ධාරා නොමැතිවීම මහා ඛේදවාචකයකි. දැන් හැදෙන දුක කඳුළ හඳුනන්නේ නැති දරුවන් පිරිසකට මේ රටේ අනාගතය අප විසින් භාර දිය යුතු ද නැද්ද යන්න ඔබ අප විසින් තීරණය කර ගත යුතුය. මේ සත් කරුණ සඳහා මා ඔබට මෙසේ ඇරයුම්කර සිටින්නෙමු. වැය වන මුදල රුපියල් දහසක් වියහැකි වූවද ඉන් අත්කර ගතහැකි මෙහෙය මිල කළ නොහැකිය.
|