පුංචි තිරයටත් පායන්න ළඟයි
පුංචි තිරයටත්
පායන්න ළඟයි
නවකතාවක් ඇසුරෙන් තැනුණු මුල්ම සිංහල චිත්‍රපටය වන්නේ කැලෑහඳයි. එම සිනමාපටය මෙන්ම
එහි රඟපෑ නළු නිළියන් ද එකල මහත් වු ජනප්‍රියත්වයක් ලැබුවා. සබීතා පෙරේරාගේ ආදරණීය
පියාණන් වූ ස්ටැන්ලි පෙරේරා ද සිනමාවට පිවිසුණේ කැලෑහඳ සමඟින්. මේ ආරංචිය එම
සිනමාපටය ටෙලි සිතුවමකට නැඟෙන බවටයි. කැලෑහඳ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කිරීමට
සූදානම් වන්නේ දයාරත්න රටගෙදරය. ළඟදීම කැලෑහඳ රිදී තිරයෙන් පුංචි තිරයට සැපැමිණීමට
නියමිතයිලු.
|