වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: VIEWFINDER: Sarasaviya e edition - Lake House - Sri Lanka

VIEWFINDER

සිනමා සක්විති පිළිරුවට පුෂ්පෝපහාර

 

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දොළොස් වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් මරදාන පිහිටි එතුමාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පසුගියදා සිදු විය. අප කලා සහෘදයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනු දක්නට ලැබිණ.

ගාමිණී සමරා ලේ දන් දෙයි

සිනමා සක්විති ගාමිණීගේ දොළොස් වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් ඔහුට පින් පමුණුවිම උදෙසා ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වුණේ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේය. මෙය අශෝක සෙනරත් මුදලිගේ විසින් සංවිධානය කරනු ලැබුවා.

සුජාත පුත්‍ර මංගල දැක්ම

ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ සුජාත පුත්‍ර මංගල දැක්මදා සේයාරූ කිහිපයක් තමයි මේ. එය පැවැත්වුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ. ඡායාරූප ගත්තේ උපුල් නිශාන්ත.