ගන්දෝ නොගන්දෝ
ගන්දෝ නොගන්දෝ
උදයකාන්ත වර්ණසූරියගේ බහුභූතයෝ චිත්‍රපටයේ රිචඩ් මානමුදලි රඟපෑවේ පිරිමිත් නොවන
ගැහැනුත් නොවන චරිතයක්. ඒ චරිතය ගැන ඉතින් අමුතුවෙන් ඔබ පහදන්න ඕනෑ නැහැනෙ. එයින්
වසර ගණනාවකට පසුව රිචඩ් බහුභූතයෝ 2 ගින්දරි හි රඟපෑවෙත් එම චරිතයමයි. ඒ චරිතය රිචඩ්
හොඳටම කරපු නිසා වෙන්න ඇති තවත් නිර්මාණ ගණනාවකටම එවන් වූ චරිතයන් සඳහා රිචඩ්ට
ඇරැයුම් ලැබුණේ. එහෙම චරිත දෙකක් පමණක් රිචඩ් බාර අරගෙන. එහෙත් ඒ චරිතයට තවත්
බොහොමයකට කතා කළාලු. රිචඩ් දැන් එහෙටත් නැතුව මෙහෙටත් නැතුව කල්පනා කරකර ඉන්නවලු
ගන්දෝ නොගම්දෝ කියලා.
|