|
බුද්ධිකගේ කටහඬට සිදු වූ දේ ගැන අපි හොඳටම බය වුණා
දඩකෙළි අරණ නිෂ්පාදක රොහාන් කොඩිකාර
එලෙස කතාව පටන් ගත්තේ මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 8 ට විකාශය වන දඩකෙළි අරණ ටෙලි සිතුවමේ නිෂ්පාදක රොහාන් කොඩිකාර. මේ ඔහුගේ පළමු ටෙලි නාට්‍ය නිෂ්පාදනය වෙනවා. මෙහි වැඩි ප්‍රමාණයක් ෂූට් කළේ රන්මිහිතැන්නේ. හරිම සුන්දරයි ඒ ගත කරපු කාලය. දන්නවනෙ ඉතින් හම්බන්තොට පැත්තේ හැටි ටිකක් රස්නෙයිනෙ. හැබැයි ඒ දවස්වල හොඳටම රස්නෙයි. ඒ හේතුවෙන් රන්මිහිතැන්නේ ඇතුළේ වැව් ගොඩක් හිඳිලා. නමුත් අපේ දර්ශනවලට වැව්වල හොඳින් වතුර තියෙන්න ඕනෑ. එතකොටනෙ ලස්සන. අන්තමේ අපි කළේ වතුර තිබෙන වැව් හොයාගෙන ගිය එක. ගමේ අයගෙන් පාරවල් අහ අහා අපි ගියා. ඇතැම් අවස්ථාවලදී වැරැදි පාරවල්වල ගිහින් අතරමං වුණා. නමුත් ලස්සන වැව් කිහිපයක් අද්දර රූපගත කිරීම් කරන්නට ලැබුණා.
ටෙලි නාට්‍යයේ එක්තරා දර්ශනයක් තියෙනවා බස් කිහිපයක් එනවා රන්මිහිතැන්නට. ඒවා
නිකම්ම නොවෙයි එන්නේ. හොඳට සෙ මේ වන විට දඩකෙළි අරණ ටෙලි සිතුවම ඉතාමත් ඉහළ ප්‍රතිචාර මාධ්‍යයේ විකාශය වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරා. ඔහු වෘත්තීය පුවත්පත් කලාවේදියෙක්. ඔහු එවන් වූ චරිතයක් රඟපෑ පළමු අවස්ථාව ලෙස මා මෙය දකිනවා. ඒ වගේම තිසුරු යුවනිකා, කුමාර තිරිමාදුර, චින්තක කුලතුංග ආදී නළු නිළියන් හොඳ සහායක් දුන්නා. මහේන්ද්‍ර පෙරේරා ඉන්න තැන රස ගුලාවක්. ෂූටිං නැති සෑම අවස්ථාවකදීම ඔහු අපිව හිනස්සවන්න නොයෙක් රසවත් කතා කියනවා. මහේන්ද්‍රගේ කතා නිෂ්පාදන කණ්ඩායමේ ක්‍රියාශීලිත්වයට තදින් බලපෑවා. කාස්ටක අව්වේ රූපගත කිරීම් කරද්දී පවා මහේන්ද්‍රගේ කතා කියවිල්ලේ අඩුවක් නම් වුණේ නැහැ. කොළඹ නාට්‍යයක් කරනවා වගේ නෙවෙයි රන්මිහිතැන්නේ නාට්‍යයක් රූපගත කිරීම් කරද්දී. කොළඹ ඕනෑ තරම් පහසුකම් තියෙනවා. ආර්ට් වැඩවලට වුණත් කොහෙන් හරි උපකරණ සොයා ගත හැකියි. ඒත් එහෙ බැහැ. සියලු දේ කොළඹින් අරගෙන යන්න ඕනෑ. ඔන්න ඔය වගේ වෙලාවක තමයි අධ්‍යක්ෂවරයා එක්තරා දර්ශනයකට ජීප් රථයක් ඕනෑ කිව්වේ. මගේ තියෙන සබඳතා එක්ක මං කතරගම පීරුවා ජීප් එකක් හොයන්න. එහෙ තිබුණේ කැලෑ මැද යන සෆාරි ජීප්. ඒවා ගැළපුණේ නැහැ. දැන් හෙට ෂූටිං. අද තමයි මෙ ජීප් එක හොයන්නේ. අන්තිමේ අපිට ජීප් එකක් හොයා ගන්න බැරි වුණා. අන්තිමේ අපි වැඩේ අතැරලා එද්දී මෙන්න මඟ අයිනේ ජිප් එකක් තියෙනවා. හරියට දෙයියො දුන්නා වගේ. ඒක තමයි අන්තිමේ රූපගත කිරිම් සඳහා යොදා ගත්තේ. අවසානයේ කියන්න ඕනෑ දඩ කෙළි අරණ කරන්න ගිහින් හොඳ කට්ටක් කෑව කියන එක. මම මේ ක්ෂේත්‍රයට ඇත්තම කිව්වොත් ආගන්තුකයි. හීනෙකින්වත් හිතුවේ නැහැ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න. පෞද්ගලික ආයතනයක සේවය කළ මා ඉන් ඉවත් වෙලා ඉන්න කොට දයාරත්න රටගෙදර මහත්මයාව හඳුනාගන්න ලැබුණා. ඔහු මාව ඔහුගේ නිර්මාණවලට එකතු කර ගත්තා නිෂ්පාදන අංශය පැත්තෙන්. ඔය අතරතුරදී හමු වූ සුමිත් රෝහණ තිත්තවැල්ගල නිසා නිෂ්පාදනයට පෙලඹුණේ. අජිත් මෙන්ඩිස්ගෙන් අපට හොඳ පිටපතක් ලැබුණා. ඒ ඔස්සේයි දඩකෙළි අරණ ඇරැඹියේ. මෙහි පළමු කොටස් කිහිපය සුමිත් රෝහණ අධ්‍යක්ෂණය කළා. ඉන් පසුව දඩ කෙළි අරණ අධ්‍යක්ෂණය කරන්නේ මේනක නානායක්කාර. මේ වෙලාවේ මට මේ නාට්‍යයට උදව් කළ සහන් විජේසිංහව ආදරයෙන් මතක් කළ යුතුයි. දඩකෙළි අරණේ රංගන ශිල්පීන්: මහේන්ද්‍ර පෙරේරා, චින්තක කුලතුංග, බුද්ධික ජයරත්න, නයනා කුමාරි, ග්‍රේස් තෙන්නකෝන්, කුමාර තිරිමාදුර, සරත් දික්කුඹුර, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ, තිසුරි යුවනිකා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, කුමාර සිරිවර්ධන, ෂෙහාන් කොඩිකාර, රුක්ෂානා දිසානායක, නිමාලි කපුගේ.
|