|
කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරන්...
ප්‍රසන්න විතානගේ නවතම සිනමා කෘතිය උසාවිය නිහඬයි අද සිට
‘උසාවිය නිහඬයි’ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි සහ ප්‍රසන්න විතානගේ කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල ශබ්ද පරිපාලනය - තපස් නායක් සංස්කරණය - ශ්‍රීකර් ප්‍රසාද් කලා අධ්‍යක්ෂණය - බුද්ධි සංජය එදිරිසිංහ සංගීතය - කේ කථනය - රාජිත දිසානායක විධායක නිෂ්පාදනය - එම්. ඩී. මහින්දපාල රාහුල් රෝයි, දමින්ද මඩවල, වින්දන ආරියවංශ
එක්තරා කාල වකවානුවක විශාල ආන්දෝලනයක් ඇති කරමින් පුවත්පත් කතුවරයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු නීතිය ඉදිරියේ සමාජ සාධාරණත්වය ඉටු කර ගැනීමට ගෙන ගිය අරගලයකි.
“ මේ අතරවාරයේ එක් කාන්තාවක් ගැන තොරතුරු දැන ගන්නා පුවත්පත් කතුවරයෙක් එම සිදුවීම තම පුවත්පතේ පළ කරන්නට කටයුතු යොදන අතර දිගින් දිගටම විනිසුරුවරයාගේ වරද හෙළි කිරීමේ වෑයමක යෙදී සිටියි. නමුත් අදාළ බලධාරින් තවමත් මේ නඩුකාරයාට එරෙහිව නීතිමය පියවර ගෙන නැත. පුවත්පත් කතුවරයා වෙත කෙතරම් පීඩනයක් එල්ල වුවද මෙය අතහැරීමට ඔහු ද සූදානම් නැත. වසර තුනකට පසුව මේ සම්බන්ධව සොයා බැලීමට අධිකරණ කොමිසමෙන් ඉහළ උසාවියේ විනිසුරුවන් තිදෙනෙකු ගෙන් යුතු විනිසුරු මඬුල්ලක් පත් කරයි. ඉහත කී විනිසුරුවරයා වරදකරු බව ඔවුන්හට පෙනී ගියද ඔහු වැරදිකරු බවට පත් කර තනතුරෙන් පහ කරනු වෙනුවට පඩි සහිත අනිවාර්ය නිවාඩු ලබාදීමට තීන්දු කරයි. මේ වනවිට අසරණ වූ කාන්තාවන් දෙදෙනාගේ ජීවිතද විනාශ වී හමාරය. සාධාරණයක් නොවූ තැන පුවත්පත් කතුවරයා නීතිපති සහය පතයි. ඔහුගේ ප්‍රශ්නය සාමාන්‍ය ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට නීතියට නොහැකි වූයේ මන්ද යන්නයි. එයින් වසර දහහතරක් ගත වී ඇතත් අදටත් මේ පුවත්පත් කතුවරයා සහ අසරණ කාන්තාවක් දෙදෙනා සාධාරණයක් ඉටුවන තෙක් බලා සිටිති. මෙරට උසාවියේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්න කෙරෙන මෙම කතාපුවත වාර්තා සිනමා පටයක් ලෙසින් නිර්මාණය කරන ලද්දේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසිනි. ‘උසාවිය නිහඬයි’ ලෙසින් එය අද (ඔක්තෝබර් 06) සිට කොළඹ රීගල්, බොරැල්ල ලිඩෝ මහරගම ඇමටිලයිට්, කුරුණෑගල සහ රත්නපුර ඉම්පීරියල්, මාලඹේ ස්කයිලයිට් යන සිනමා ශාලාවන්හි තිරගත කිරීම ඇරැඹේ.
|