|
ඇගේ ඇස අග විශිෂ්ට අංශයට ස්වර්ණා යළි සිනමාවට
අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය ඇගේ ඇස අග අප්‍රේල් 28 සිට මැයි 07 දක්වා පැවැත්වෙන දකුණු කොරියාවේ 17 වැනි ජොන්ජු ජාත්‍යන්තර සිනමා උලෙළේ ලෝක සිනමා විශිෂ්ටයින්ගේ අංශය නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන ඇත.
ඇගේ ඇස අග හඳගමගේ අට වැනි සිනමා නිර්මාණය වන අතර සිය සිනමා රංගනයේ පනස් වසර සමරණ ස්වර්ණා මල්ලවාරච්චි එහි ප්‍රධාන කාන්තා භූමිකාව පණගන්වයි. එය වසර විසි ගණනකට පසු ඇයගේ සිනමා පුනරාගමනයයි. ස්වර්ණා සමඟ සුප්‍රකට බෙංගාල නළු ද්රිතිමත් චැටර්ජි ඇතුළු පිරිසක් එහි චරිත රංගනයේ යෙදෙයි. චිත්‍රාල් සෝමපාලගේ සංගීතයෙන් රසවත් වූ ඇගේ ඇස අග චිත්‍රපටයේ කැමරාකරණය චන්න දේශප්‍රියගෙනි. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙන් ද, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ විසින් නිම කොට ඇත. ඇගේ ඇස අග සිළුමිණ ෆිල්ම්ස් වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි.
“දෘශ්‍යම්” ධර්ම යුද්ධය වෙයිමොහාන් ලාල්, කමල් හසන්, අජේ දෙව්ගන් දැන් ජැක්සන්
සීමාසහිත කැපිටල් මහරාජා සමාගම මඟින් නිපදවන තෙවැනි සිනමා සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ බේබෲක් පෙදෙසෙහි පිහිටි එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ. ධර්ම යුද්ධය යනුවෙන් එය නම්කොට තිබේ.
මලයාලම් සිනමා කෘතියෙහි ප්‍රධාන භූමිකාව මැව්වේ විශිෂ්ට සිනමා නළු මොහාන්ලාල් විසිනි. හින්දි සිනමා කෘතියෙහි අජේ දේව්ගන් ද, දමිල සිනමා කෘතියෙහි කමල් හසන් ද ප්‍රධාන භූමිකාව මැව්වේය. එම ලෝප්‍රකට නළුවන් රඟපෑ චරිත සඳහා මෙරටින් රංගනයට දායක වීමට වාසනාව ලැබුවේ ජැක්සන් ඇන්තනීයි. ඔහු සමඟ දිල්හානි ඒකනායක, ඩග්ලස් රණසිංහ, වසන්ත කුමාරසිරි, තිසුරි යුවනිකා, විනුමි වන්සාදි, කුමාර තිරමාදුර, කුසුම් රේණු, ආනන්ද අතුකෝරල, ආරියසේන ගමගේ, අවන්ති අපොන්සු, නිරුක්ෂාන් ඒකනායක, තරංග බණ්ඩාර සෙසු චරිතයන් රඟනු ලබයි. කැමරාකරණයෙන් එස්. සරවනන්, සහ විධායක නිෂ්පාදයෙන් කේ. එස් චම්මන්ත්‍රජ් යන ශිල්පීන් ඉන්දියාවෙන් මෙම චිත්‍රපටයට දායක වෙති.
ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. ගිහාන් රංග බණ්ඩාර සහාය අධ්‍යක්ෂවරයාය. ධම්මික පතිරනගේ නිශ්චල ඡායාරූපකරණයෙන් මෙයට එක් වෙති. මෙහි අධ්‍යක්ෂ වෙයියාර් රවි ධර්මා සිලන් (1993) සහ හරිචන්ද්‍ර (1998) යන දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයාය. ඔහු ඉන්දියානු ටෙලිවිෂන් මාලා නාටකයන් වන ගෝපුරම් පානම්, ආනන්දම්, එන්තකෝඩියුම් අයින්දු පෙන්ගලුම් හි අධ්‍යක්ෂවරයාය. කැපිටල් මහරාජ සමාගම මෙයට පෙර ජනපි‍්‍රය දෙමළ චිත්‍රපටයක් වන සහ තී සහ ඩාන්සිං ස්ටාර් නිෂ්පාදනය කළේය. |