|
|
මව් සෙනෙහස ගැන අපූරු කතාවක් Mother's Day
ලෝ වැසියන් මෙදින තම තමන්ගේ මවුවරුන් සේම මවු පදවිය, සහ මව් සෙනෙහස ගැනත් භක්ත්‍යාදරයෙන් සිහි කරති. මව්පදවිය ගැන පෙර-අපර දෙදිග බොහෝ චිත්‍රපට නිර්මාණය වී ඇත. මව් පදවිය සහ මව්වරුන්ගේ දිනය ගැන සිනමාවට නැගුණු අලුත්ම චිත්‍රපටය වන්නේ ගෙරී මාෂල් විසින් නිර්මාණය කෙරුණු 'Mother's Day' චිත්‍රපටයයි.
හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන මෙහි විශේෂත්වය වන්නේ චරිත කිහිපයක් වටා ගෙතී ඇති අතර එම චරිත නිරූපණය කරන්නේද හොලිවුඩයේ ජනප්‍රිය නළුනිළියන් වීමය. ජෙනිෆර් ඇනිස්ටන්, කේට් හඩ්සන්, ජුලියා රොබට්ස් සහ ජේඩ්න් සුදෙයිකිස් ඇතුළු පිරිසක් 'Mother's Day' චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.
එකිනෙකාට සම්බන්ධයක් නොමැති කිහිප දෙනෙක් වටා 'Mother's Day' කතාව ගෙතී ඇත. සැන්ඩි දික්කසාද වූ පුතුන් දෙදෙනෙක් සිටින මවක්. ඇයගේ දික්කසාද සැමියා තවත් තරුණියක සමඟින් විවාහ වී සිටියි. සැන්ඩිගේ චරිතයට පණ පොවන්නේ ජෙනිෆර් ඇනිස්ටන් විසිනි.
ක්‍රිස්ටීන්ගේ මිතුරිය ජෙසීගේ චරිතයට පණ පොවන්නේ කේට් හඩ්සන් ය. ජෙසී කිසි දිනෙක තම මව දැක නොමැත. නමුත්, එක් දිනෙක ඇය පුදුම වන දෙයක් සිදු වේ. මෙවැනි වූ සිදුවීම් රැසක් සමඟින් රිදී තිරයේ දිග හැරෙන 'Mother's Day' චිත්‍රපටය බෙදා හරින්නේ ඕපන් රෝඩ්ස් ෆිල්ම්ස් විසිනි. විචාරක අදහස නම්, මෙය ළයාන්විත හාස්‍යමය චිත්‍රපටයක් බවයි. |



'Mother's
Day' හෙවත් 'මව්වරුන්ගේ දිනය' වර්තමානයේ ලෝකයේ සෑම රටක්ම ආදරයෙන් සහ
ගෞරවයෙන් සමරන දිනයකි.
හෙට (29 වැනිදා) සිට ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ටොම් හයින්ස්, ලිලී
හොලන්ඩර් ඇතුළු සතර දෙනෙකුගේ තිර රචනයකි.
'Mother's
Day' චිත්‍රපටය රූගත කිරීම ආරම්භ කළේ පසුගිය 2015 වසරේ අගෝස්තු මාසයේ
ජෝර්ජියාහිදී ය. බ්‍රැන්ඩ් ඇන්ඩර්සන්, හොවර්ඩ් බර්ඩ්, ඩැනියෙල් ඩයමන්ඩ් ඇතුළු හය
දෙනෙකු විසින් මෙහි නිෂ්පාදන දායකත්වය දරණු ලබයි. 'Mother's
Day' මිනිත්තු 118ක
ධාවන කාලයකින් යුතු වේ.