වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: කොරියානු චිත්‍රපට උලෙළ හෙට ඇරඹේ: Sarasaviya e edition - Lake House - Sri Lanka

කොරියානු චිත්‍රපට උලෙළ හෙට ඇරඹේ

කොරියානු තානාපති කාර්යාලය, කොරියානු පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කරන ලද කොරියානු චිත්‍රපට උලෙළ මෙම මස 04 වැනිදා එනම් හෙට සිට 07 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. හෙට දිනයේ සවස 07 ට හාමනී චිත්‍රපටය තිරගත වීමත් සමඟ උලෙළ ඇරැඹෙනු ඇත. එම චිත්‍රපට දර්ශනය ආරාධිතයන්ට පමණක් වෙන්වෙයි. උලෙළේ සෙසු දිනයන්හි චිත්‍රපට ප්‍රදර්ශනය වන පිළිවෙළ මෙසේය.

05 වැනිදා සවස 02 ට ‘අ බෙයාර් ෆුට් ඩ්‍රීම්’. එදින සවස 5.30 ට ‘ෆෝ එවර් ද මෝමන්ට්’.

06 වැනිදා සවස 02 ට ‘200 පවුන්ඩ්ස් බියුටි’, එදින සවස 5.30 ට ‘ද කිං ඇන්ඩ් ද ක්ලවුන්’.

07 වැනිදා සවස 5.30 ට ස්කැනිඩිල් මේකර්ස්.