|
හිමගිර අබියස මරණයේ දොරටුව
1996 වසරේ මැයි 10 වැනිදා කඳු ශිඛර තරණය කරන්නන් දෙදෙනෙක් වන ස්කොට් ෆ්රේවෂර් සහ රොබ් හෝල් සමඟින් වූ ඔවුන්ගේ කණ්ඩායම ලොව උස්ම ස්ථානය වූ එවරස්ට් කඳු මුදුන තරණයේ අවසාන ගමන ඇරඹීය. තදබල හිම කුණාටුවකට මුහුණ දුන් මෙම කණ්ඩායමේ සාමාජිකයෝ අතිශය දුෂ්කර අවස්ථාවන් ඔස්සේ තම දිවි බේරා ගැනීම වෙනුවෙන් ස්වභාව ධර්මයට එරෙහිව සටන් වැදුණාහ.
මෙම සිදුවීම අලළා අයිස්ලන්ත ජාතික ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වූ බැල්ට්සාර් කොමකූර් විසින් එවරස්ට් නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරිණි. අමෙරිකානු ඩොලර් මිලියන විශාල 65ක පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙය 3ච් තාක්ෂණය ඔස්සේ පසුගිය 18 වැනිදා සිට ලොව පුරා තිරගතවීම ඇරඹිණි. විනාඩි 121ක් පුරා දිගහැරෙන Everest (එවරස්ට්) චිත්‍රපටය එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය සහ අයිස්ලන්තය යන රටවල් ති‍්‍රත්වයේම එකතුවකින් නිර්මාණය වූවකි. එදා ස්කොට් ෆ්රේාෂර් සහ රොබ් හෝල් ඇතුළු පිරිස මුහුණ දුන් අති බිහිසුණු සිදුවීම් එක්කොට තැනුණු එවරස්ට් චිත්‍රපටයේ විලියම් නිකල්සන් සහ සයිමන් බියුෆේයිගේ රචනයක් වන එවරස්ට් චිත්‍රපටයේ ප්‍රවීණ නළු ජේසන් ක්ලාක්, ජෝෂ් බ්රෝලින්, ජෝන් හවේක් ඇතුළු නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙති. එවරස්ට් ටිම් බෙවන් සහ එරික් ෆ්ලෙනර් ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයකි. IMDB දර්ශකයේ එය හිමිකර ගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 7.7/10කි. රොටෙන් ටොමැටෝස්හි සියයට 76ක් සහ මෙටා කි‍්‍රටික්හි සියයට 63ක් එවරස්ට් චිත්‍රපටයට හිමි වී ඇත. එසේම මෙම චිත්‍රපටය දෘශ්‍ය ප්‍රයෝග සහ රූප රචනය භාවිතය අතින් ඉතා ඉහළ ගණයේ නිර්මාණයක් ලෙසින් බොහෝ විචාරකයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.
|