|
ඒ ඛාන්ලත් එකතු වෙලා
මේ විශේෂ අවස්ථාව මොකක්ද කියලා හෙළි වුණේ නැතත් සයිෆ්ගේ බිරිද කරීනාත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. හැබැයි පසුගිය කාලයේ සල්මන් සහ සයිෆ් අතර එතරම් හොඳකමක් නොතිබුණු බව තමයි ආරංචි වුණේ. ඒකට හේතුවත් කරීනා. ඇය සහ සල්මන් අතර තිබෙන හිතවත්කම නිසා සයිෆ් තරමක් අමනාපයෙන් සිටින බව තමයි එයින් කියවුණේ. හැබැයි සයිෆ් දැන් නම් කියන්නේ “මම සල්මන් හොඳින් හඳුනනවා. ඔහු මට මිතුරෙක් වුණේ කරිනාව දකින්නත් කලින්” කියලයි. “ඒ වගේම මම ඔහුට ගරු කරනවා. මම ඔහු දෙස බලනවා විතරක් නෙවෙයි පුද්ගලිකව ඔහු අනුගමනය කරනවා. ඒ වගේම ඔහු කවදාවත් වෙනස් නොවන සහෝදරයෙක්” සයිෆ් පවසනවා. |