|
එහෙම නොවුණා හොඳා
ඇයගේත් විශේෂ කැමැත්තක් ක්‍රියාදාම සිනමා නිර්මාණ වෙනුවෙන් තිබෙන බවත් ඇය පවසනවා. ඇමී ඉන්දීය සිනමාවට පිවිසුනේ ඒ. එල්. විජේ අධ්‍යක්ෂණය කළ Madrasapattinam (මද්‍රාසපට්ටිනම්) චිත්‍රපටයෙන්. පසුව ඇය රඟ පෑ තෙළිඟු චිත්‍රපටයක් වූ Yavadu සහ දෙමළ චිත්‍රපටයක් වූ Thaandavam ද්විත්වයම ක්‍රියාදාම චිත්‍රපට. සිංග් ඊස් බිලින්ග් චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබීම වගේම එය හාස්‍ය රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක් වීම ගැනත් ඇමී කතා කරන්නේ ගොඩක් සතුටින්. නමුත් මුලින් මේ වෙනුවෙන් ආරාධනා ලබා තිබුණේ ක්‍රිටි සැනොන්. එය තමන්ට ප්‍රශ්නයක් නොවූ බව ඇමී පවසනවා. “ක්‍රිටි ඒ ආරාධනාව පිළිනොගත්ත එක මට හොඳට ගියා” ඇමී පවසනවා. |