|
තහංචි බිඳ ගත් ප්‍රියංකා
මේ වන විට තිස් දෙවැනි විය ගත කරන ප්‍රියංකා ලෝක රූ රැජන ලෙසින් කිරුළු පැළඳුයේ 2000 වසරේදී. ඒ සමඟින් සිනමාවට ආරාධනා රාශියක් ලැබුණත් පවුලෙන් ඇයට දැඩි විරුද්ධත්වයක් එල්ල වුණු බව ඇය පවසනවා. ඒ ඇය සාම්ප්‍රදායික පන්ජාබ් පවුලක සාමාජිකාවක් වු නිසා. දැඩි විරුද්ධත්වයක් පැමිණියද ආදරණිය මව සහ පියා තමන්ට සිනමා ලෝකයේ රිසි සේ සරන්න අත්තටු ලබා දුන් බව ප්‍රියංකා පසුගිය විශේෂ දවසක ප්‍රකාශ කලා.
නීති රීති, සම්ප්‍රදායන් මඟින් ඉන්දියාවේ කාන්තාවන් බොහොමයක් පෙට්ටියක දමා සේ සීමා කර ඇති බව ප්‍රියංකා පවසනවා. ප්‍රියංකාත් මෙහි අයේෂා ලෙසින් එවැනි චරිතයක් නිරූපණය කරනවා. අයේෂාගේ චරිතය එතරම් කතා කරන චරිතයක් නෙවෙයිලු. Dil Dhakne Do චිත්‍රපටයේ ප්‍රියංකා සමඟින් අනිල් කපූර්, රන්වීර් සිං, ෆර්හාන් අක්තාර් සහ අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක වෙනවා. මෙහිදී අනුෂ්කා පණ පොවන්නේ පවුලේ දැඩි විරෝධය හේතුවෙන් නිවෙසෙන් පැන ගොස් තම සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරනා චරිතයක්. Dil Dhakne Do සාර්ථක වූ චිත්‍රපටයක් බවට පත් වෙලා. පළමු දින දෙකේදී එය ඉන්දීය රුපියල් කෝටි 22ක් උපයාගෙන. පළමු දිනයේ ආදායම ඉන්දිය රුපියල් කෝටි දහයක්.
|