|
අඩ සියවසක සාහිත්‍ය චාරිකාව කුලියාපිටියේ දී
ඔහුගේ පොත්පත්, අවශේෂ ලේඛන, ඡායාරූප සහ අත්පිටපත් ප්‍රදර්ශනය හා පොත් සල්පිල විවෘත කිරීම 12 වැනිදා පෙරවරු 8.30ට විවෘත කරන අතර ඊට පසු දිනය දක්වා ප්‍රදර්ශනය හා පොත් සල්පිල පැවැත්වෙයි. 13 වැනිදා පස්වරු 3.00 සිට 6.00 දක්වා ඔහු පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණයේදී ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශන රත්නායක යන විද්වතුන් දේශන පැවැත්වීමට නියමිතය. එහිදි කවි හා ගීත ගැයීම් සිදුවන අතර මුලසුන හොබ වන්නේ හිටපු විදුහල්පති ප්‍රේමචන්ද්‍ර දිසානායකයි. පිළි ගැනිම සිදු කරන්නේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ජේ.ඒ. කරුණාසේන වන අතර කථනය ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රෙස්කරයි.
පැය 65 කින් චිත්‍රපටයක් හරි ගියොත් ගිනස් පොතට
පැය හැට පහක් ඇතුළත සියලු වැඩ කටයුතු අවසන් වන සිනමාපටයක් හෙට සිට රූගත කිරීම් ඇරැඹෙනු ඇත. බාදුරා ලෙසට නම් කොට ඇති එය ක්‍රිස් ඇන්තනීගේ අධ්‍යක්ෂණයකි. පුරා දින තුනක් තුළදී චිත්‍රපටය නිම වන අතර එහි රංගන දායකත්වය සපයනුයේ දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසිංහ, අතුල ජයසිංහ, වසන්ති රංවල, සරත් චන්ද්‍රසිරි, ගාමිණී සෝමරත්න, ප්‍රදීප් කුමාර්, ඒ. උමා, තක්ෂිලා රූපසිංහ ඇතුළු පිරිසයි. ඇනෙස්ටිනා ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් ද, ශාන් අල්විස් සංස්කරණයෙන් ද, ෂමිත් අලහකෝන් කැමරා අධ්‍යක්ෂණයෙන් ද, අරුමුගම් නිරෝමි ඇඳුම් නිර්මාණයෙන් ද එයට එකතු වෙති. ලලිත් අරුණ රාජපක්ෂ සහාය අධ්‍යක්ෂවරයාය. රුචිර සංජීවගේ අංග රචනයකි. රෙක්ස් රමේෂ් කුමාර් සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රසාද් ඇන්තනීගේ නිෂ්පාදන කළමනාකරණයකි. උදේශ් කුමාර සහ ත්‍යාගු අරුමුගම් ගැෆික් නිර්මාණකරුවන්ය. මාධ්‍ය සම්බන්ධීකරණයෙන් ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, පීටර් කෘස් සහ මලිත් එපනේෂන් සම්බන්ධ වේ. බාදුරා සිනමාපටය අධ්‍යක්ෂවරයා පවසන අන්දමට පැය හැට පහක් ඇතුළත නිමාව දුටුවොත් එය ලෝක වාර්තාවක් ලෙසට ඉතිහාස ගතවනු ඇත.
රූ සිරු ශිල්ප ශාලිකාවෙන් සම්මුඛ පරීක්ෂණයක්
රූ සිරු ශිල්ප කලා ශාලිකාව මගින් නුදුරේදී රූගත කිරීමට නියමිත ටෙලා සහ සිනමා නිර්මාණ 03කට අවශ්‍ය චරිත සඳහා රංගන ශිල්පීන් හා ශිල්පිනියන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අධ්‍යක්ෂ ප්‍රසාද් ද සිල්වාගේ අධීක්ෂණය යටතේ මේ මස 12 වැනිදා බොරැල්ල කොටා පාරේ, රුහුණු කලා මාවතේ, තරුණ මධ්‍යස්ථානයේ දී දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි. වයස අවුරුදු 8 සිට 60 දක්වා වයසැති කලාවට ලැදි ඔබ සැම එදිනට ජාතික හැඳුනුම්පත, මෑතකදී ගන්නා ලද සම්පූර්ණ රූපකායෙන් යුක්ත ඡායාරූපයක්ද, පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2ක් ද රැගෙන පැමිණෙන්න.
සිරිලක එක්සත් කලා සන්ධානයේ රැස්වීම අද
හෙළ කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිට වූ සිරිලක එක්සත් කලා සන්ධානයේ වාර්ෂික සම්මේලනය අද (11) පස්වරු 2.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙහිදී නව සාමාජිකයන් බඳවා ගැනීම සහ වියපත් කලාකරුවන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රධානය කිරීමට නියමිතව ඇත. 2010 වසරේදී පිහිටුවනු ලැබූ සිරිලක එක්සත් කලා සන්ධානය මේ වනවිටත් කලාකරුවන්ගේ සුබ සාධනය උදෙසා අත්‍යවශ්‍ය ආහාර, රෙදිපිළි ලබා දීම, වෛද්‍ය රක්ෂණාවරණ ලබාදීම, ඇගයීම් විශ්‍රාම වැටුප් ලබාදීම, බේත් හේත්, රෝදපුටු, ඇස් කාච, ඇස් කණ්ණාඩි ලබාදීම, වියපත් කලාකරුවන් රැකබලා ගැනීමේ සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ආදි කටයුතු රැසක් ආරම්භ කර තිබේ.
|