|
බලනවා නම් චිත්‍රපට
MAGGIE ලෝ ප්‍රකට සිනමා නළු ආර්මෝල්ඩ් ස්වසෙනගර් රඟපාන නවතම චිත්‍රපටය මැගි දැන් ඔබටත් නැරැඹිය හැකිය. ලෝකය පාදක කොට ගත් තැනුණු භීෂණාත්මක චිත්‍රපටයක් වන එය වෛරසයක් වැළඳී පිල්ලියක් බවට පත් තම දියණිය ආරක්ෂා කිරීමට වෙර දරන පියෙකු වටා තේමා වී ඇත. ආර්නෝල්ඩ් ස්වසෙනගර් සමඟ එබිගෝල් බ්‍රෙස්ලින්, ජොඑල් රිචඩ්සන් රඟන මෙය මැගි හෙන්රි හොබ්සන්ගේ අධ්‍යක්ෂණයකි.
සටනක ආරම්භය
ටොම් හමෝක් අධ්‍යක්ෂණ්‍ය කළ ද ලාස්ට් ස්වයිවර්ස් හොඳ ක්‍රියාදාම චිත්‍රපටයකි. ෆේලි රිචඩ්සන්, බුබු ස්ටුවර්ට්, මැක්ස් චාර්ල්ස්, මයිකල් වෙල්ච්, ජෝන් ග්‍රිස් රඟන ද ලාස්ට් ස්වයිවර්ස්, ඩාක් ස්කයි ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
ඕ කාදල් කන්මනී
මනි රත්නම් නිර්මාණ්‍ය කරන ලද නවතම චිත්‍රපටය ඕ කාදල් කන්මනි විචාරකයන්ගේ දැඩි ප්‍රශංසාව හිමි කර ගත්තේය. ඉලෙයිවර් සල්මාන් හා නිත්‍යා මෙනන් මෙහි ප්‍රධාන චරිත මවති.
සමහර සම්බන්ධකම් මරණය ළඟා කරයි
පසුගිය වැනිස් සිනමා උළෙලේ තිරගත වූ කුතුහලය, භීෂණය මෙන්ම හාස්‍යය ද රැගත් අද්භුත ඝණයේ චිත්‍රපටයකි බියුරින් ද එක්ස්. ඇන්ටන් යෙල්චින්, ඈශ්ලි ග්‍රීන්, ඇලෙක්සැන්ඩර් ඩාඩාරියෝ, ඔලිවර් කූපර් රඟන බ්‍රයින් ද එක්ස් චිත්‍රපටය ප්‍රවීණ සිනමාකරු ජෝ දාන්තේගේ නවතම අධ්‍යක්ෂණයයි.
යක්ෂයින් නැගිටියි ද ලාසරස් එෆෙක්ට්
ද පර්ජ්, පැරනෝමල් ඇක්ටිටිවි, ඉන්සයිඩර්ස් වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ නිෂ්පාදකයන්ගේ නවතම නිර්මාණය වන ද ලාසරස් එෆෙක්ට් චිත්‍රපටය ද ඉහත චිත්‍රපට මෙන්ම කුතුහලය සහ අද්භූත ජවනිකා සහිත චිත්‍රපටයකි. මාරි ඩුප්ලාස්, ඔලිවියා විල්ඩි, ඩොනල්ඩ් ග්ලෝවර්, එවන් පීටර්ස්, සාරා බොල්ගර් රඟන ද ලාසරස් එෆෙක්ට් ඩේවිඩ් ග්ලේබ්ගේ අධ්‍යක්ෂණයකි.
ROBOT OVERLORDS බෙන් කිංස්ලි, ගිලියන් ඇන්ඩර්සන්, කලාන් මැන්අවුලීෆ්, ජෙරල්ඩීන් ජේම්ස්, ටමීර් හසන් රඟන රොබෝ ඕවර්ලෝඩ්ස් වීර කතා පුවත් නැරැඹීමට කැමැති ලොකු කුඩා කාටත් රස විඳිය හැකි චිත්‍රපටයකි. මෙය ජෝන් රයිට් අධ්‍යක්ෂණය කර ඇත. අනාගත ලෝකය පාදක කර ගත් විද්‍යා ප්‍රබන්ධ අතර රොබෝ ඕවර් ලෝඩ්ස් නැවුම් අත්දැකීමකි.
බ්‍රිතාන්‍ය සිනමාවේ බිහි වූ නවතම විද්‍යා ප්‍රබන්ධයයි ඇලෙක්ස් ගාර්ලන්ඩ් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද එක්ස් මැෂිනා හි ටොමිනල් ගීල්සන්, ඇලිලියා විකන්දර්, සොනෝයේ මිෂනේ චරිත මවති.
ඩී. වී. ඩී. අනුග්‍රහය - නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර |