|
තාත්තාගේ ආදරයඅනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර්ට පසුගිය සතිය එතරම් යහපත් එකක් වුණේ නැහැ. ඇය
පසුගිය සතියේ වැඩි කාලයක් ගත කළේ රෝහල් ගතවයි. ශ්වසන ආබාධයක් නි සෝනම් අසනීප වෙනවිට අනිල් ලොස් ඇන්ජලීස්හි සිටියත් නිරන්තරයෙන් ඇය ගැන සොයා බලලා. “තාත්තා ගොඩක් කලබල වුණා. තාත්තා රටෙන් පිට සිටි නිසා ඔහුගේ ඒ බය තවත් වැඩි වෙලා. නිතරම කතා කරමින් අසනීප තත්ත්වය විමසුවා” සෝනම් පවසවා. දුවෙක් ලෙඩ වුණාම තාත්තා කෙනෙක් ගොඩක් බය වෙනවා. විශේෂයෙන් ලඟ නැති වුණාම ඒ බය තවත් තවත් වැඩියෙන් දැනෙනවා. දැන් නම් බය වෙන්න ඕනි නැහැ. සෝනම්ට දැන් සනීපයි. මේ සතියේදී ඉදිරි චිත්‍රපට කටයුතු ආරම්භ කරන්න සෝනම් සූදානමින් සිටින්නේ.
|