|
ළමා පරපුරට අලුත් කතාවක් සුපිරි වීරයෝ
ලංකාවේ හොල්මන් ගැන
ඉන්ටර්නෙට් එකේ
සර්ච් කරමු
ලෝකයේ වීර චරිත බොහොමයක් තිබුණත් සිනමා වංශ කතාවේ සුපර් මෑන් චරිතය තරම් බාල මහළු කොයි කාගේත් ආදරය දිනාලත් වීර චරිතයක් තවත් නැති තරම්ය. පන්නිපිටියේ මාකුඹුර ප්‍රදේශයට මේ පුංචි සුපර් මෑන් කෙනෙක් ඇවිත් කියන ආරචියට අපි එහි ළඟා වූයෙමු.
‘ඊයේ රෑ ගෙදර යන කොට සිල්වා අංකල්ට මොකක්ද වෙච්ච අප්සෙට් එක?’ ‘හපෝ ඊයේ රෑ තමයි රෑ අනේ බප්රේ’ ‘බාප්පේ කිව්වේ මොකක්ද අංකල්?’ ‘බාප්පේ නෙමෙයි බප්රේ, අර හින්දි පික්චර්වල බය වුණාම කියන්නේ’ ‘එතකොට අංකල් බය වුණේ මොකකටද?’ ‘අනේ බප්රේ . . . අන්න උස . . . මෙන්න මහත . . . මෙන්න දිව. අන්න අතන හිටගෙන මං දිහා බලාගෙන හිටියා. . . . මෙන්න මෙහෙම . . . ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ’ ‘කවුද?’ ‘සොනා’ ‘සොනා කියන්නේ හින්දියෙන් හොල්මනටද?’ ‘නැහැ. සෝනා කියන්නේ සිංහලෙන්’ ‘සිංහලෙන්’ ‘දුවන්න පරක්කු වෙන හින්දා මං කෙටියෙන් කියලා දිව්වා. මං සිංහලෙන් කිව්වේ මහසෝනා ෂෝට් ෆෝම් එකෙන්’ ඒ කතා බහ ඉවර වෙලා සිල්වා යන කොට මම කතාවට වැටුණා. සිල්වා කියන්නේ අපි කවුරුත් දන්න රංගන ශිල්පි තිර කතා රචක භාතිය මදනායක.
මොකක්ද භාතිය මේ හොල්මන් කතන්දරය? නැහැ, නැහැ . . . මේ අපේ අලුත්ම නිර්මාණය සුපිරි වීරයෝ එකේ කතාව. එතකොට කවුද අර කතා කරපු ළමයි. ආ . . . ඒ සුපිරි වීරයෝ එකේ ප්‍රධාන චරිතය රඟපාන ලස්සන බණ්ඩාරයි, දෙනෙත් අංජනයි. භාතිය අපට කෙටියෙන් සුපිරි වීරයෝ කතා පුවත කියන්න වුණා. මේ පැත්තේ හොල්මන් හින්දා කවුරුවත් රෑට ගෙවල්වලින් එළියට බහින්නේ නැහැ. ඒ බයට. ඔය ළමයි දෙන්නා තමයි තීක්ෂණ සහ මධු කියන්නේ. ඒ දෙන්නයි ඒ දෙන්නගේ යහළුවන් වන ඩෞශානි සහ කේතකි කියන කට්ටිය ප්ලෑන් කරලා තමයි මේ හොල්මන් වැඩ කරන ජෝන්වයි සොයිසාවයි නීතියේ රැහැනට අල්ලලා දෙන්නේ. කවුද මේ ජෝන් සහ සොයිසා කියන්නේ. අපි ඊළඟට ගියේ මේ ජෝන් සහ සොයිසාගේ දර්ශනයන් රූපගත කරනවා බලන්න. කැමරා අධ්‍යක්ෂ දයා සූරියආරච්චිත් කලා අධ්‍යක්ෂ ජීවන් බණ්ඩාරත් ඒ දර්ශනය සඳහා අවශ්‍ය වටපිටාව සකසනවා. ‘ජෝන් උඹ එක දවසයි හොල්මනට ඇන්දේ ගොං වැඩක්නේ කෙරුවේ’ ‘ගොං . . . ගොං නෙමෙයි මම වැඩක් කෙරුවොත් රන් තමයි’ ‘රන් තමයි . . . . මොන එකකට ද මේ බයිසිකල් කට්ට උස්සන් ආවේ’ ‘උස්සන් ආවේ නැහැ. මම පැදගෙන ආවේ’
‘ ‘අපිට හම්බ වෙන සල්ලි කාලා බීලම ඉවරයිනේ. ‘සොයිසා මේක නිකන් මටම අරන් යන්න කියලා වගේ පාරේ අයිනේ තිබුණා. විහිළුවට වගේ මම වාඩි වුණා. නිකම්ම පැදුණා’ ‘කවුරු හරි දැක්කනම් එහෙම?’ ‘දැක්ක නම් . . . එහෙනම් මෙලාහකට නූල් බඳිනවා ඇති’
දැන් අපිට පැහැදිලියි මේ හොල්මන්වල අභිරහස. සොයිසා සහ ජෝන් එකතු වෙලා හොල්මන්
වටපිටාවක් ප්‍රදේශයේ මවලා. මිනිස්සු බය කරලා මෙබඳු තක්කඩින් තමයි සමාජයේ හොල්මන් අවතාර, ග්‍රීස් යකා වැනි දේ මඟින් මිනිස්සු බය ගන්නන්නේ. එයින් ඔවුන්ට නිදහසේ තම ජාවාරම් කරගෙන යන්න පුළුවන්. එහෙත් තීක්ෂණ, මධු, ඩෞශානි, කේතකි වැනි යෞවනයන් මේ වගේ අද්භූත මිත්‍යා කතා විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් මේ මිථ්‍යාවල සත්‍ය සොයන්න පටන් ගන්නවා. තීක්ෂණ - ඕගොල්ල ඉන්ටර්නෙට් එකේ සර්ච් කෙරුව ද හොල්මන් ගැන. කේතකි - ඔව්. ඒත් නෙට් එකේ ලංකාවේ හොල්මන් ගැන විස්තර අඩුයි. ඔක්කොම තියෙන්නේ පිටරටවල් ගැන. තීක්ෂණ - ඒ කියන්නේ හොල්මන් සුද්දෝ . . . හොල්මන් සුදු පාට වෙන්න ඇති.
ඩෞශානි - හොල්මන්වලට පාටක් නැහැ හලෝ. මේ බුද්ධිමත් යෞවනයන් ඔවුන්ගේ දැනුම් සම්භාරය අන්තර් ජාලය හරහා තව තවත් වර්ධනය කර ගනිමින් මිථ්‍යා කතාවල පදනමක් නොමැති බව සොයා ගනී. හොල්මන්වලට කකුල් නැහැ. අඩි පාරවල් නැහැ. එහෙනම් අපේ රටේ හොල්මන්වල අඩි පාරවල් තියෙන්නත් බැහැ. කකුල් තියෙන්නත් බැහැ. එතැන් පටන් ඔවුන්ගේ එකමුතුවෙන් සත්‍ය සොයන්නට පටන් ගනියි. එතැන් සිට තීක්ෂණ සුපර් මෑන් වී වංචාකාරයින්ට එරෙහිව නැඟී සිටින්නට විය. මේ නිර්භීත යෞවනයේ කතාවයි සුපිරි වීරයෝ. තිර රචනයෙන් භාතිය මදනායක ද, වේශ නිරූපණයෙන් ප්‍රසාද් උඩුගමසූරිය ද, කැමරා අධ්‍යක්ෂණයෙන් දයා සූරියආරච්චි ද, සහාය අධ්‍යක්ෂණයෙන් ලලින්ද්‍ර ප්‍රනාන්දු ද, නිෂ්පාදන කළමනාකරණයෙන් සුදත් කුරුකුලආරච්චි ද, කලා අධ්‍යක්ෂණයෙන් ජීවන් බණ්ඩාර ද දායක වන සුපිරි වීරයෝ නීරෝ එන්ටර්ටේන්ට්මන්ට් වෙනුනේ ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි. ලස්සන බණ්ඩාර (තීක්ෂණ) ඩේශානි හිරුණි රත්නායක (ඩෞශානි) සුහාණි ජෙයශංකර් (කේතකි) දෙනෙත් අංජන (මධු) සමඟ භාතිය මදනායක, ගාමිණී කොස්තා, සුනෙත් මැල්සිරිපුර, සුමිත් සුරංගන සමඟ නිලුෂා ප්‍රසංගිකා ප්‍රේමරත්න සුපිරි වීරයෝ සඳහා රංගනයෙන් දායක වී ඇත.
|