|
"ජීවිතය විනිවිද දුටු දැන්වීමක් "මේ වගේ කාමරයක් හදන්න එපා‘තාත්තේ ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් හදන්න එපා’
මෙම දැන්වීමේ නිර්මාණ කටයුතු භාරව කටයතු කරන ලද්දේ JWT ආයතනය විසිනි. JWT ආයතනයේ සුමින්ද ගමගේ ගේ නිර්මාණශීලී අදහස පෙරදැරිව අධ්‍යක්ෂණ කටයුත්ත සිදු කළේ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි විසින්. කා අතරත් කතාබහට ලක් වී ඇති මේ වෙළෙඳ දැන්වීමේ ආරම්භය ගැන අපි මුලින්ම කතා කළේ එහි නිර්මාණ කටයුත්ත භාරව කටයතු කළ සුමින්ද ගමගේ සමඟයි.
‘කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතය අප JWT ආයතනය සමඟ බොහොම සමීපව කටයුතු කරන ආයතනයක්. මීට
පෙරත් අපි එම ආයතනය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම නිර්මාණය කළා. මේ දුව සහ
තාත්තා සිටින වෙළෙඳ දැන්වීම ඔවුන් වෙනුවෙන් අපි මෑතක කළ අලුත්ම නිර්මාණයයි. මේ අදහස
ගැන මම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයේ ප්‍රධානි රොෂාන් එගොඩගේ සමඟින් කතා කළේ මීට
වසරකට පමණ ඉහතදීයි. අපි කතාබහක යෙදී සිටින අවස්ථාවකදීයි ඔහු මෙම අදහස පළ කළේ.
වර්තමාන සමාජය තුළ අප යම් යම් ඉලක්ක කරා හඹා යෑමේදී අපට ලබැඳි ඇතැම් දේ මඟ හැරී යන
බවයි ඔහුගේ අදහස වුණේ. අපි රාජකාරි අංශයෙන් ඒ සමඟ කාර්යබහුල වන විට නිවසේ බිරිඳ සහ
දරුවන් අපි
කුඩා දියණියක හා ඇයගේ පියා සමඟින් කෙසේ ද මේ අදහස ගළපා ගත්තේ? වැඩිහිටියන්ගේ, විශේෂයෙන්ම දෙමාපියන්ගේ අවධානය ගැන කුඩා දරුවන් කෙතරම් සංවේදී වෙනවාද යන්න මේ තුළින් පිළිබිඹු වෙනවා. විශේෂයෙන් පොඩි දරුවන් වැඩිහිටි අවධානය උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා. කාර්යාලයේ රාජකාරි කටයුතු සමඟින් කාර්යබහුල වන මව හෝ පියා තමා සමඟින් සෙල්ලම් කරන්නට, සුරතල් කරන්නට නොපැමිණියහොත් ඒ දරුවාට තරහක් ඇති වන්නේ මව හෝ පියා සමඟින් නොව ඔවුන්ව ඒ තත්ත්වයට පත් කළ කාර්යාලය සමඟින්. කුඩා දරුවන්ගේ ස්වභාවය එයයි. මෙම අවස්ථාවේදීත් මේ පුංචි දියණිය අමනාපව සිටින්නේ කාර්ය බහුල වූ පියා සමඟින් නොව පියා සිටින කාමරය සමඟයි. ‘තාත්තේ ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් හදන්න එපා’ යැයි අහිංසක ඉල්ලීම කිරීමට ඈ තීරණය කරන්නේ ඒ හේතුව නිසාවෙනි. මෙහිදී ඇය ඇයගේ සෙල්ලම් ලෝකයට ඇති බාධාව ලෙස දකින්නේ මෙම කාමරයයි. ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්ෂණයෙන් එම අදහස රූපයට නංවන්න අපට හැකියාව ලැබුණා. මෙම වෙළෙඳ දැන්වීම අද වන විට ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් සමාජගත වීමට විශේෂ හේතුවක් ඔබ දකිනවාද?
වෙළෙඳ දැන්වීමක් නිර්මාණය වෙන්නේ යම්කිසි වෙළෙඳ භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමටයි. ඒ අතරේ යම් පණිවුඩයක් ලබා දෙන්න හැකි නිර්මාණත් බිහි වෙනවා. ඕනෑම වෙළෙඳ දැන්වීමක නිර්මාණකරු, අධ්‍යක්ෂ වගේම අදාල සේවා දායකයා එක හා සමානව සිටිනවා නම් මේ තුන් දෙනාගේම නිසි දායකත්වය ලැබෙනවා නම් එවැනි වෙළෙඳ දැන්වීමක් සාර්ථක ආකාරයෙන් සමාජගත වෙනවා. මේ සඳහාත් හේතු වූයේ එය බව මගේ විශ්වාසයයි. සුමින්ද ගමගේ අපේ රටේ වෙළෙඳ දැන්වීම් අංශයේ සිටින ප්‍රවීණයෙක්. ඔහුගේ මෙම සංකල්පයන් එහි සාර්ථකත්වයට විශේෂ වෙනවා. ඒ වගේම නිරූපණ ශිල්පීන්ගේ කාර්යයත් වැදගත් අංගයක්. වෙළෙඳ දැන්වීමක රංගනයක් නොව නිරූපණයයි වැදගත් විය යුත්තේ. හැමදාම දකින සුපුරුදු මුහුණු වෙනුවට නවක මුහුණු තුළින් දකින විවිධත්වයට ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවක් දක්වනවා. ඇත්තටම මේක විශේෂ ප්‍රයෝග යොදා ගෙන කළ නිර්මාණයක් නෙවෙයි. මේ තුළ ජිමික්, මැජික් මොකවත් නැහැ. වැඩි වැඩ මොකුත් නැහැ. මුළු දැන්වීම තියෙන්නේ එක ඈන්ගල් එකේ. ඉතාම සරළ නිර්මාණයක්. මෙහි සිංහල, දෙමළ දැන්වීම් දෙකක් ලෙස නිර්මාණය කරන්නත් විශේෂ හේතුවක් තියෙනවාද?
ඒක සේවාදායකයාගේ අවශ්‍යතා මෙම වෙළෙඳ දැන්වීමේ සිංහල දැන්වීමේ දියණිය ලෙසින් සෙනුල්‍යා නුරන්දි දන්තනාරායන සමඟින් පියාගේ චරිතයට අමිල දන්තනාරායන නිරූපණයෙන් දායක වන විටදී දෙමළ දැන්වීමට නිරූපණයෙන් දායක වෙන්නේ අමිරිතා ජන්සින් දියණිය සමඟින් කලෙයි චෙල්බන්ය. මෙහි අධ්‍යක්ෂවරයා ලෙසින් ඔබ ඔවුන්ගේ නිරූපණයන් දකින්නේ කෙසේද?
ළමුන් විශාල පිරිසක් අතරිනුයි අපි මේ දරුවන් දෙදෙනා තෝරා ගත්තේ. සිංහල දැන්වීමට
දියණිය හා පියා ලෙසින් නිරූපණය යෙදෙන්නේ සැබෑ ජීවිතයේදීත් පියා හා දියණියයි. මේ
දරුවන් දෙදෙනාම ඉතා දක්ෂ දරුවන්. ටෙලි නාට්‍ය, වේදිකාව වගේම සිනමාවේත් අත්දැකීම්
අනුව ගත්තම වෙළඳ දැන්වීමක් කියන්නේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්. එහිදී හැම
දර්ශනයක්ම තත්පරයක දෙකක වැනි කාලයක් එක ෆ්‍රේම් එකකට ගත වෙන්නේ. එවැනි කාලයකට
ෆ්‍රේම් එක තුළට හැඟීම ගන්න අපි උපක්‍රමශීලී විය යුතු වෙනවා. එම කටයුත්ත ළමුන්
මේ පුංචි දරුවන් ඔබගේ හිතේ නිර්මාණය වූ සුන්දර අදහස් ඒ අයුරින්ම සැබෑවක් බවට පත් කළාද? නැවතත් මම හැරුණේ සුමින්ද දෙසට. ඇත්තටම ඔව්. පොඩි දරුවන්ගේ නිරූපණය විශේෂයි. මම හිතනවා අපට ලංකාවේ හොඳ නිරූපණ ශිල්පීන් හමුවෙලා නැහැ කියලා. ඔවුන්ට රඟපාන්න පුළුවන් විය හැකියි. පොඩි ළමුන් සමඟ කටයතු කිරීම හරිම පහසු කටයුත්තක්. බැරි නම් කෙළින්ම කියනවා කරන්න බැහැ කියලා. මේ දරුවන් දෙදෙනාත් ඉතා දක්ෂ අයුරින් ඔවුන්ගේ නිරූපණය ස්වාභාවිකව ඉතාම ප්‍රියමනාප අයුරින් ඉදිරිපත් කළා. ඒ වගේම මෙහිදී බ්එඊ ආයතනය වෙනුවෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය විධායක දිනේෂ් මහේෂ්වරන්, අංග රචනයෙන් නාරද ගලහිටියාව, කලා අධ්‍යක්ෂණයෙන් රොහාන් සමරදිවාකර, දෙමළ පිටපත් රචනය වෙනුවෙන් ෆාතිමා ඇතුළු දායක වූ සියලු දෙනාගේම සහයෝගය මත අද මෙම දැන්වීම කතාබහට ලක් වන්නක් වෙලා.
|