|
Hollywood Top 10
පසුගිය වසරේ ඉහළ ආදායම් ලද හොලිවුඩ් චිත්‍රපට ගොන්නෙහි ඉදිරියෙන්ම සිටින්නේ මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ Transformers : Age of Extinction චිත්‍රපටයයි. Transformers චිත්‍රපට මාලවේ සිව්වැන්න ලෙස නිර්මාණය වූ එහි ප්‍රධාන නළු නිළි යුවළ වූයේ මාර්ක් වෝල්බර්ග් සහ නිකොලේ පේල්ට්ස්ය. පසුගිය වසරේ ජූනි මාසයේ තිරගත වීම ආරම්භ කළ එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉපැයූ ආදායම ඩොලර් බිලියන 1.087 කි. ඉහළ ආදායම් අතරේ දෙවැනි ස්ථානය හිමි වූයේ ගැලක්සි රැකවළුන් හටය. එනම් Guardians of the Galaxy. චිත්‍රපටයයි. පසුගිය 2014 වසරේ අගෝස්තු පළමුවැනිදා තිරගත වීම ආරම්භ කළ Guardians of the Galaxy චිත්‍රපටය ලද ආදායම ඩොලර් මිලියන 772 කි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවමින් රංගනයට දායක වූ ක්‍රිස් පැට් හට පසුගිය වසරේ ඉහළ ආදායම් ලද හොලිවුඩ් නළුවන් අතරේ අංක එක හිමි වී ඇත. පසුගිය වසර තුළදී ඔහු විසින් උපයන ලද ආදායම ඩොලර් බිලියන 1.2 කි.
ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ අධ්‍යක්ෂණය කළ Captain America : The Winter Soldier පස්වැනි ස්ථානයට පැමිණෙන්නේ ඩොලර් මිලියන 714 ක ආදායමක් වාර්තා කරමිනි. මාර්වල් චිත්‍ර කතා තිරයේ ජීවමාන කළ මෙය 2014 වසරේ අප්‍රේල් මාසයේදී ඉහළම ආදායම ලෙස ඩොලර් මිලියන 95 ක් වාර්තා කරන ලද්දේ මීට පෙර Fast Five ඩොලර් මිලියන 86.2 කින් තබන ලද වාර්තාව බිඳ දමමිනි. ඩොලර් මිලියන 70.8 ක ආදායමක් ලද The Amazing Spider - Man 2 ඉහළ ආදායම් ලද චිත්‍රපට අතරේ හය වැනි ස්ථානය හිමිකර ගන්නා විටදී ඩොලර් මිලියන 70.8 ක ආදායමක් ලද Dawn of the Planet of the Apes හත් වැනි ස්ථානයට පත් විය. The Hunger Games චිත්‍රපට මාලාවේ තෙවැන්න The Hunger Games : Mockingjay චිත්‍රපටය අටවැනි ස්ථානයට පත් වූයේ ඩොලර් මිලියන 67.1 ක ආදායමක් උපයා ගනිිමිනි. එහි කැට්නීස් එමර්ඩීන් ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෙනිෆෙර් ලෝරන්ස් පසුගිය වසරේ ඉහළම ආදායම් ලද නිළිය බවට පත් වූයේ ඩොලර් බිලියන 1.4 ක ආදායමක් වාර්තා කරමිනි. ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ Interstellar චිත්‍රපටය වැඩිම ආදායම් ලද චිත්‍රපට අතරේ නව වැනි ස්ථානය හිමි කර ගන්නේ ඩොලර් මිලියන 64.8 ක ආදායමක් ලබමිනි. ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේෂන් නිෂ්පාදනයක් වූ How to Train Your Dragon 2 චිත්‍රපටය පසුගිය වසර තුළ ඉහළ ආදායම් ලද චිත්‍රපට අතරේ හිමිකර ගත්තේ දස වැනි ස්ථානයයි. එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් උපයාගත් ආදායම ඩොලර් මිලියන 61.8 කි. උදා වූ නව වසරේ ද තවත් චිත්‍රපට නිර්මාණ රාශියක්ම තිරගත වීමේ බලාපොරොත්තුවෙන් සිටිති. ඒවායේ රසාස්වාදය විඳින්නට ඔබට මේ වසර පුරාවට අවස්ථාව හිමිවනු ඇත.
|