|
විචාරක පැසසුම ලබන සජීවකරණ චිත්‍රපටය
හීරෝ හැමාඩා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ ජීවත් වෙන තරමක් අත්භූත චරිතයකින් යුතු
තරුණයෙක්. තාක්ෂණ විෂයට විශේෂ වූ ලැදියාවක් දක්වන ඔහු නිපදවන රො එය රූපයට නැගෙන්නේ ඩොන් හෝල් විසින් අධ්‍යක්ෂණය කළ Big Hero 6 පරිගණක සජිවකරණ චිත්‍රපටයෙනි. රයන් පෝටර්, ටී. ජේ. මිලර්, මායා රුඩොල්ෆ්, ඩේමන් වේයන්ස්, ස්කොට් ඇඩිසිට් ඇතුළු පිරිසක් මේ සඳහා හඬ දායකත්වය ලබාදෙති. 102ක ධාවන කාලයක් පුරා දිවෙන මෙම අපූරු වීර කතාව වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝස් ඉදිරිපත් කිරීමකි. එය මේ දිනවල සාර්ථක අයුරින් ලොව පුරා තිරගත වෙමින් තිබේ. Big Hero 6 විචාරක පැසසුමට ලක් වූ චිත්‍රපටයක් බවට පත් වී තිබේ. එහි බාල, තරුණ, වැඩිහිටි සැමට වූ ආදර්ශයන් ඇති බව ඇතැමුන්ගේ අදහසයි. ක්‍රියාදාම, හාස්‍ය, සුපිරීවීර චරිත, සතුරන් වගේම පරිගණක තාක්ෂණය, රසායන විද්‍යාව වැනි ක්ෂේත්‍රයන් ද මේ සමග කතාබහට ලක් වේ. මිනිස් ජීවිතවලින් ඈත්ව පරිගණක ලෝකයටම වහල් වී ජීවත් වෙන්නන්ගේ සංස්කෘතිය මෙයින් පිළිබිඹු වෙන බවත් තවත් අයෙකුගේ මතය යි. බයිමැක්ස් කියන්නේ කාගේත් ආදරයට ලක් වෙන චරිතයක්. ඔහුගේ හඬ කරුණාවන්ත බොහොම සැනසිලිදායක එකක්. ඒ වගේම පරම්පරා කිහිපයකටම වැදගත් වන චිත්‍රපටයක් ලෙසත් ඇතැමුන් සිය අදහස් පළකරමින් කියා සිටියි. Big Hero 6 සාමාන්‍යයෙන් ළමුන් වෙනුවෙන් වූ චිත්‍රපටයකට එහා ගිය වැඩිහිටියන් පවා ඉලක්ක කරගත් එකක් බවත් කරුණාවන්ත බව සමාවදීම වැනි දේ කතා කරන චිත්‍රපටයක් ලෙසින් ආයුධ පෙන්වීමේ ප්‍රතිශතය ඉහළ බවත් විචාරක මතයයි. ඒ වගේම ළමා චිත්‍රපටයක් ලෙසින් එය තරමක් දරුණු බවත් විචාරක මතයන් අතර වේ. බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ අංක එක හිමිකරගෙන සිටි Big Hero 6 චිත්‍රපටය පිළිබඳ හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය වෙනුවෙන් වූ ඔස්කාර් සම්මාන බලාපොරොත්තු පවා ඇති වී තිබේ. |