|
‘මගෙ ජීවිතයම ඔබ වුණ හින්දා’ ගයන සමාධි පතිරණගේ
‘මගේ ජීවිතයම ඔබ වුණ හින්දා
සංගීත ක්ෂේත්‍රයට ආධුනිකාවක් වන ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ? මම මීට පෙර සංගීතය විෂයයක් විදියට හදාරලා නෑ. මම පාසල් ගියේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් කාලයේදීවත් මට ඒ පිළිබඳ අත්දැකීමක් නැහැ. නමුත් මට ආසාවක් තිබුණා ගීතයක් කරන්න. මට හැකියාව තියෙනවා කියලත් විශ්වාස කළා. තාත්තා තමයි මාව සිංදුවක් කරන්න කියලා පෙළඹුවේ. සංගීතය ගැන මම මුලදී හදාරලා නොතිබුණත් දැන් මම සංගීතය ගැන ඉගෙන ගන්නවා. ද මේ ගීතය ඔබේ පළවෙනිම ගීතය. ඒ ගැනත් සඳහන් කළොත්? මේ ගීතයේ පද රචනය වසන්ත දුක්ගන්නාරාළ අයියගේ. ගයන්ත වීරමන් අයියා තමයි සංගීතය කළේ. වීඩියෝ එක ප්‍රසාද් රණසිංහගේ. මම ගීතය කළේ වාණිජ බලාපොරොත්තුවකින් නොවේ. විනෝදාංශයක් විදිහටයි මම ගීතයක් කරන්න හිතුවේ. දැනට හිරු ටී. වී, සියත, අයි. ටී. එන් හා දෙරණ යන නාලිකාවල ගීතය ප්‍රචාරය වෙනවා. ද සමාධිගේ පවුලේ තොරතුරු? අම්මයි තාත්තායි, නංගියි, මමයි, අක්කයි. තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ ගම වැලිමඩ. දැනට පදිංචිය රත්මලානේ. ද අනාගත බලාපොරොත්තුව කලාවෙන්ම ඉදිරියටම යන්නද? ඔව්. කලා අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම තවම ගායක පරපුරට අලුත් කෙනෙක්. ඒ නිසා ඉදිරියට යන්න හැමෝගේම උදව් උපකාර බලාපොරොත්තු වෙනවා.
- අමානි ඉරේෂිකා
ඡායාරූපය - මාලන් කරුණාරත්න |