|
පැරැණි නිහඬ කලාකරුවකු වූ ප්‍රේමලාල් චන්ද්‍රසිරි
1950 දස්කොන් නාට්‍ය රචනා කරමින් හා නිෂ්පාදනය කරමින් කලා ක්ෂේත්‍රයට පැමිණි
ප්‍රේමලාල් චන්ද්‍රසිරි නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු ලෙසින් කලා පනහ දශකයේ පටන් හැත්තෑව දශකය තෙක් කලා ලෝකයේ පතාකයන් සමඟ උරෙන් උර ගැටුණු ප්‍රේමලාල් චන්ද්‍රසිරි විශ්ව කළාලය ළමා පදනම හරහා සිය කලා කටයුතු යළිත් අරඹා ඇත. බොහෝ විට කලාකරුවකු මිනිසුන් තුළ රැඳී සිටිනුයේ තම නිර්මාණත් සමඟය. බොහෝ කලක් නිර්මාණයන් ඔහු අතින් නිර්මාණය නොවීම මත ඒ කලාකරුවා මිනිසුන් තුළින් ඈත් වී යයි. එවන් වූ පසුබිමක් තුළ ප්‍රේමලාල් වැනි කලාකරුවන්ට අද කලා ක්ෂේතත්‍රයේ දොරටු විවර වීමද ගැටලු සහගතය. මෙවන් පසුබිමක් තුළ ළමා පරපුර දැනුවත් කිරීමේ එක් පියවරක් ලෙසින් ඔහු විශ්ව කළාලය ළමා පදනම ආරම්භ කොට ඇත. ඒ තුළින් ඔහු ළමා පරපුර සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් බේරා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කොට ඇත. කලාවට තිබෙන ආදරය නිසාම යම් යම් ශාරීරික අපහසුතා තිබුණ ද ජීවිතයේ ඉදිරි කාලයත් කලාව වෙනුවෙන් කැප කිරීමට ප්‍රේමලාල් චන්ද්‍රසිරි අධිෂ්ඨාන කොට ඇත. නො. 181, ජයගත් මාවත, දළුපිටිය, කඩවත ඔහුගේ ලිපිනයයි.
|