|
ළමා කාලයේ වැඩිහිටියන් වෙන පොඩ්ඩන්ට පුළුවන් හමු වී
මල් හා සමාන ළමුන් රැසක් සිරස ආයතනයට ඇවිල්ලා ඉන්නවා කියලා අපට ආරංචිය ලැබුණා. ඒ
විතරක් නෙවෙයි ඒ හැමෝම ගාව
කෝ මේ ළමයි ටික. මා අසළ සිටි ආරක්ෂක නිළධාරියකුගෙන් විමසුවා. අර ඉන්නේ . . . ඔහුගේ දකුණේ දබර ඇඟිල්ල දික් වූ පෙදෙසට ගියේ අපූර්ව හැඟීමකින් යුක්තවයි. පොඩ්ඩන්ට පුළුවන්. මේ වැඩසටහනේ පළමු අදියර අති සාර්ථක අන්දමින් නිමාව දුටුවා. මේ වන විට එහි දෙවැනි පියවර දිග හැරෙමින් තියෙනවා. එහි අවසන් දොළොස් දෙනා තමයි අද මේ අප සොයා යන්නේ. අප යමින් සිටියදී සිරස ආයතනයේ රථගාලේ ඔවුන්ගේ පළමු රූගත කිරීම සිදු කෙරෙමින් තිබුණා. එතැන හරියට මීවදයක් ඇවිස්සුවා හා සමානයි.
බුදු අම්මො හොල්මනක්. මට යාබදව උන් තැනැත්තා කෑගසනු ඇසුණා. හොල්මනක් මෙන් හැඳ පැළඳ ගත් පුංචි ළමයෙක් මැදි වියේ පුද්ගලයකු බය කරලා. මොනවද ළමයෝ කරන්නේ. මං කියලා තියෙනවා නේද කොස්ටියුම් දාගත්තට පස්සේ කාවවත් බය කරන්න එපා කියලා. මෙන්න මෙහෙ එන්න. ඒ ළමයාට සැර වැර කොට ළඟට ගත්තේ පොඩ්ඩන්ට පුළුවන් නිෂ්පාදක ප්‍රදීප් මහේෂ් ලියනගේය. මෙයා ස්වීට් ඒන්ජල්ස් ඩාන්සිං ගෲප් එකේ කෙනෙක්. අද එයාලට තියෙන්නේ හොල්මන් වගේ නටන්න. ප්‍රදීප් පවසාගෙන යයි. ප්‍රදීප් සර් ප්‍රදීප් සර් මගේ අනිත් ස්ටික් එක දැක්කද. දොඩම් ගෙඩි දෙකක් උස නැති පුංචි ළමයකු ප්‍රදීප්ගේ කමිසයෙන් අදියි. බලන්න පුතා ඇතුළෙ ස්ටුඩියෝ එකේ ඔයාගේ ඩ්‍රම් එක තියෙන තැන. ඔයාම එතන දාලා එන්න ඇති. මේ කවුද?
අපි ලිතිකගේ දස්කම් බලන්නට සිරස ස්ටයින් මැදිරියට ගියෙමු. ඩ්‍රම් සෙට් එක ඇත. නමුත් ලිතික නැත. අප ඔහුව සෙව්වෙමු.
මම මෙහේ . . . ඩ්‍රම් එකේ ඇතුළෙන් හඬක් මතු විය. පුංචි ලිතික එය තුළ සැඟ වී සිටියි. ඔහු එතරම් කුඩාය. ඩ්‍රම් එක ගහලා පෙන්වන්නකෝ? වරක් අප දෙස බලා සිනාසී ඔහු සෙමින් පටන් ගෙන ක්‍රමයෙන් ඩ්‍රම් වාදනයේ යෙදෙන්නට පටන් ගත්තේය. මුදු මොලොක් කුඩා දෑත් මැෂිමක් බඳු විය. ඇත්තෙන්ම ඔහුගේ හැකියාව ගැන අපි මවිත වීමි. අපේ වචනයෙන් කිව්වොත් ඒ පොඩ්ඩාගේ ඩ්‍රම්ස් වාදනය සුපිරිය.
එතැනින් මෑත්ව අප නැවතත් එළියට ආවේ එපා නොවන ළමුන් බැලීමේ අටියෙනි. ඈතින් ගීතයක්
ඇසෙයි. ඕං රී කට්ටු කට්ටු දොළ පිදේනි තට්ටු ඕන යකෙක් ඕන එකෙක් මං කරනවා හොඳට මට්ටු කවුද අප්පේ මේ කට්ටිය. හරියට ඊජිප්තුවේ මමී වගේ. ක්ලියෝ පැට්‍රා කෙනෙකුන් ඉන්නවා. ඒ කණ්ඩායමේ එක් අයකු අත මැන්ඩලීනයකි. කොංගෝ ඩ්‍රම් වාදකයෙක් ද වෙති. බටනලාව තවත් පොඩ්ඩෙක් අතේය. මේ අය සිඟිං බර්ඩ්ස්ලා. ඉන්නේ බිබිලේ. ප්‍රදීපා ඔගෙස්ටා ගුරුතුමිය තමයි මෙයාලට පුරුදු කරන්නේ සංගීතය.
වැටෙයි පුතේ . . .
මට ඉබේටම කියවිණ. මං වැටෙන්නේ නැහැ. මේවා මට හොඳට පුරුදුයි. මොකක්ද පුතාගේ නම? මං සිතුම් තාරක. ඔහු පිළිතුරු දුන්නේ ද තනි කකුලකින් සිටගෙන අතින් පයින් වැඩ කිඩ දාන ගමන්ය. මේ අතර ස්වීට් ඒන්ජල් සහ ශ්‍රී මේකලා නම් නර්ථන කණ්ඩායම් පෙර පුහුණුව මැයි ගසක් යට සිදුවේ. මේ දොළොස් දෙනා අතර චණ්ඩියා ඊළඟට මට හමු විය. ඔහු සමි ත් දේශාන්ය. නිමාෂා නෙත්මිණි සමඟ තරඟයට සහභාගි වන සමිත නිතර චණ්ඩිකම් පාන බව ද දැනගන්නට ලැබෙයි. එමෙන්ම මෙතැන දැවැන්ත බඩගිනිකාරයකු ද සිටියි. ඔහු වයස අවුරුදු එකොළහක් වූ රණක ආකාෂ්ය. ඩ්‍රැකියුලා මෙන් වෙස් වලාගෙන සිටින ඒ පොඩ්ඩා නිතර ප්‍රදීප්ගෙන් කුඩා ආහාර වර්ග ඉල්ලන පුරුද්දක් තියෙනවලු. දිනුෂ ශෙරින් සහ මල්කා සංජීවනී කියන්නේ මෙතන ඉන්න පොඩ්ඩන් අතරින් වෙනස්ම දක්ෂතාවන් පාන දෙන්නෙක්. කඩදාසි කොළ පොඟවා එයින් ක්ෂණිකවවෙස් මුහුණු තැනීමට ඔවුන් සමත්ය. මෙන්න බලන්නකෝ මෙයාගේ වැඩ.
ඔහු කපු මහතකු මෙන් ආරූඪ වෙමින් අපූරු නර්ථනයක් සජීවීව ඉදිරිපත් කළේය. ඊට පහත රට බෙරය යොදා ගන්නා ලදී.
මේ කටයුතු මෙසේ වෙද්දී අපට ගායනයෙන් මේ තරඟයට ඉදිරිපත් වී
අවසන් දොළොස් දෙනාට තේරුණු
1976 දී තිරගත වූ මුවන් පැලැස්ස චිත්‍රපටයේ එන ගීතයක් වූ ඈ හීනෙන් ආවා ද මා සෝබනී ගීතය ජනිත් ගයන්නට පටන් ගත්තේය. අනිත් දෙදෙනා ඊට අත්වැල් සැපයීය. එය අපට කදිම වින්දනාත්මක අවස්ථාවක් විය. කාලය කෙතරම් වේලාවක් ගෙවී ගියාදැයි අප දන්නේ නැත. එහෙත් සෑම ඉරු දිනකම සවස හයට සිරස නාලිකාවෙන් විකාශය වන පොඩ්ඩන්ට පුළුවන් අප සියැසින් අත් වින්දෙමු. මේ පොඩ්ඩෝ කවදා හෝ එකතු වන්නේ අපගේ කලා ලොවටය. එදින ඔවුන්ගේ දස්කම් තව තවත් අපට විඳ ගත හැකි වනු ඇත.
පොඩ්ඩන්ට පුළුවන් හි නිෂ්පාදන කණ්ඩායමසහාය අධ්‍යක්ෂවරු - ඉසුරු වැලිවිටිගොඩ, රොෂාන් මනෝජ් සංස්කරණ්‍ය - දමිත් ආරියරත්න ආලෝකකරණය සහ කැමරාකරණය – නන්දන ලියනගේ සංගීත අධ්‍යක්ෂණය - අසේල බණ්ඩාර විනිශ්ච මණ්ඩලය – කුමාර තිරිමාදුර, නිමන්ත හේෂාන්, සංගීතා තදානි පොඩ්ඩෝරනක ආකාෂ් - වත්තල (ගායනය) ලතික ජයසුන්දර – වාදනය (වැල්ලවාය) ශ්‍රී මේකලා නර්ථන කණ්ඩායම (මුල්ලේරියාව) හිරුණි නිමේෂිකා - ගායනය (ගම්පොළ) ස්වීට් ඒන්ජල් නර්ථන කණ්ඩායම (ගම්පහ) සිතුම් තාරක – ජිම්නාස්ටික් (රත්නපුර) ජනිත් ලක්ෂාන් – ගායනය (හක්මන) සිඟිං බර්ඩ් සංගීත කණ්ඩායම (බිබිල) සමිත දේශාන් – රංගනය (කෝට්ටේගොඩ) දිලුෂ ශෙරින් එදිරිසිංහ – කලා වැඩ (වාරියපොළ) ජනිදු චමත් – නර්ථනය (රත්නපුර කවිෂ්ක කරුණාරත්න – ගායනය (කුරුණෑගල)
|