|
|
බොඳ මීදුම් කඳු රැල්ලේ
අපි දෙන්නා බොහොම ආදරණිය පෙම්වතුන් යුවළක් බවට පත්වෙද්දී තමයි ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුණේ. ඒත් ඒ චිත්‍රපටයේ රවී පෙම් කළේ නීටා ප්‍රනාන්දුටයි මට ෂූටිං නැති දවස්වලටත් සුමිත්‍රා අක්කා (සුමිත්‍රා අමරසිංහ) ඇවිත් අම්මගෙන් අහලා මාව ෂූටිං බලන්න එක්කරගෙන යනවා. සමහර දවස්වලට නීටා අක්කගෙයි රවීගෙයි ප්‍රේම ජවනිකා බලලා මම අඬ අඬා ගෙදර ගියා. රවී කොයි තරම් තේරුම් කළත් ඒ රඟපෑම බොරුවක් කියලා තේරුම් ගන්න මම අපොහොසත් වුණා. මං ගත්තෙ වැරදි තීරණයක්ද? මට හැමදාම මෙහෙම අඩ අඬා ඉන්න වෙයිද කියලා මම හුඟාක් දුක් වුණා. එහෙම අවස්ථාවලදී රවී මාව සැනසුවේ ලොකුම බොරුවක් කියලා.
රවී කියපු දේ මම ඉහ මුදුනින්ම පිළිගත්තා. මම විවාහ වෙනතුරුවත් නොඉඳ ඒ මෙහොතෙ ඉඳන්ම ඒ පොරොන්දුව පොරොන්දුවක් විදියටම රැකගත්තා. ඉන් පස්සේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරු ප්‍රධාන චරිතයට කතා කරපු හැම චිත්‍රපටයක්ම ප්‍රතික්ෂේප කළේ හිතේ කොනකවත් පුංචි දුකක්වත් ඉතුරු නොකර මා බොහොම සතුටෙන්. ඒ රවීගේ ආදරෙන් මගේ හිත පිරිලා ඉතිරිලා තිබුණ නිසා. ඒත් රවී නම් එහෙම පොරොන්දුවක් නොවුණ ගානට ඒක දවසින් දවස කල් ඇරලා පොරොන්දුව දිය වෙලා යන්න ඉඩ හැරියා. දුහුලු මලක් චිත්‍රපටයේ රවී නීටා අක්කට ආදරේ කරන්නේ බොරුවට කියලා කොච්චර හිතුවත් ඒ ගැන මං හිටියේ ඊරිසියාවෙන්. චිත්‍රපටයේ එක ජවනිකාවක මට තිබුණා නීටා අක්කට බනින්න. මම ඒ ජවනිකාව කරලා ඉවර වුණාම සුමිත්ත අයියා, නීටා අක්කා, විජය ධර්ම ශ්‍රී අයියා හොඳටම හිනා වුණා. මම හිතුව ඒ කොටස මම හරියට කළේ නැතිව ඇති කියලා. මම ඒ අය දිහා බලලා ඇස් දෙකට කඳුළු පුරව ගත්තා.
‘බොඳ මීදුම් කඳුරැල්ලේ’ ගීතය රූපගත කිරීමට නුවරඑළියේ ගත කළ කාලසීමාව මගේ හිතේ ඉතාම සුන්දරව තාමත් නොමැකී තියෙනවා. මට රූගත කිරීම් නැති වුණත් ඒ ගමනට සුමිත්ත අයියත් සුමිත්‍රා අක්කත් ඒ දෙන්නගෙ වාහනයෙන්ම මාවත් නුවරඑළියට එක්කරගෙන ගිය නිසා ඒ දෙන්නගේ රැකවරණය මැද මම අලුතෙන් අත්තටු ලැබුණ කිරිල්ලියක් වගේ රවීගේ උපරිම ආදරය සෙනෙහස ලබමින් අපිටම වෙන් වෙච්ච අපේම ලෝකෙක පියාඹන්න අවස්ථාවක් ලැබුණා.
පසුගිය කොටස් |



පසුගිය සතියෙන්...
රවී කිව්වා මම මේක දිගටම කරගෙන යන රස්සාවක් නෙමෙයි පී‍්‍රති. මගෙ අම්මා තාත්තා
කැමැතිත් නැහැ පවුලේ ව්‍යාපාරවලින් අයින්වෙලා දිගටම චිත්‍රපටවල රඟපාන්න යනවට. මගේ
ආසාවට චිත්‍රපට දෙක තුනක රඟපාලා මමත් අයින් වෙනවා. ඔයත් ෆිල්ම්ස්වල රඟපාන්න ඕනෙ
නැහැ. මමත් අයින්වෙන නිසා ඔයත් අයින් වෙන්න. නැත්නම් අපිට හොඳ පවුල් ජීවිතයක්
ගතකරන්න හම්බවෙන එකකුත් නැහැනේ.
නීටා අක්කා මගේ ළඟට ඇවිත් කිව්වා අනේ කෙල්ලේ දුක් වෙන්න
එපා, අයියෝ ප්‍රීති ඔයා මාත් එක්ක කොච්චර තරහක් තියෙනවද කියලා ඒ බැනපු විධියට අපිට
තේරුම් ගියා. ඒකයි අපි හිනා වුණේ. ඒ සීන් එක ඔයා හොඳටම කළා ළමයෝ. ඇත්තටම ඒ වෙලාවේ
මගේ හිතේ තරහ ඒ විධියට පිට වෙන්න ඇති. නීටා අක්කා නම් මාව තේරුම් අරන් මං ගැන
අනුකම්පාවෙන් මට ඉතාම කරුණාවෙන් සැලකුව බව සඳහන් නොකරම බැහැ. ඒ නිසාම නීටා අක්කා
එදා වගේම අදත් හොඳ හිතවතියක්.