|
අනේ ඔහු අද සිටියා නම්...සිරිල් ඒ. සීලවිමල බිරිය සිහිපත් කරයි
හිස් ටින් එකක් වාගෙයි අපේ
මොකද හිස් ටින් එකක් නැවතත් ජනතාව අතරට එම්. ජී. තිළිණ කළ නිසා. ඇය අනුලා සීලවිමල මහත්මියයි. කෘතහස්ථ මාධ්‍යවේදියකු වගේම ගීත රචකයකු වූ සිරිල් ඒ. සීලවිමලයන්ගේ දයාබර බිරිය. හිස් ටින් එකක් වාගේ ගී පද මැවුණේ සීලවිමලයන්ගේ සුරතිනි. ඒ කාලයේ සිරිල් ගුවන් විදුලියේ ඇතැම් නිලධාරීන්ට හිස් ටින් එකක් ප්‍රචාරය කරන්න කිව්වලු. එහෙම ඉල්ලීම් කරලත් එක වතාවක් හෝ දෙවතාවකට වඩා එය ප්‍රචාරය වුණේ නැහැලු. යළිත් හිස් ටින් එකක් ජනතාව අතරට ගෙනාවට ඇය සරසවිය හරහා එම්. ජී. ට සුබපැතුවා. ඒ වගේම එම ගීතය ඉතාමත් හොඳින් ඔහු ගායනා කළ වගත් ඇය පැවසුවා. මටත් වඩා සීලවිමල හිටියා නම් සතුටු වේවි. ඇය අවසන් කොට අදහස් දැක් වූයේ මුලු හදවතින්ම කියලයි අපට දැනුණේ.
|