|
|
අනිල් කපූර්ගේ පුතු සිනමාවට
‘මිර්සා සහීබා’ ශෝකාන්තයක් රැගත් ප්‍රේම වෘතාන්තයකි. සෝනම් බිය වුවත් හර්ෂ්වර්ධන් රංගනය සහ තිර රචනය ගැන අමෙරිකාවෙන් අධ්‍යාපනය ලබා පැමිණියේ මෑතකදීය. ඊට අමතරව ඔහු අනුරාග් කාශ්‍යප්ගේ බොම්බේ වෙල්වට් සිනමාපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ. එනිසා විසි එක් හැවිරිදි හර්ෂ්වර්ධන් ගැන සෝනම් අක්කණ්ඩියට බිය විමට හේතුවක් නැත. සෝනම්, රියා දෙසොයුරියන් සහ හර්ෂ්වර්ධන් අතර ඇත්තේ සොයුරු දම පරදන මිතුදමකි. ඔහුට සොහොයුරියන් කෙතරම් ජීවිතයට සවියක් වී ඇත්දැයි පැවසුවොත්, ඊට ළෙන්ගතුකමට එක් උරහිසක සොයුරියන්ගේ නම් පවා කොටා ගෙන ඇත.
|



අනිල් කපූර්ට දූ දරුවන්ට දිය හැකි හොඳම දායාදය රංගනයයි. ඒ දායාදයට මුලින්ම උරුමකම්
කීවේ සෝනම් කපූර්ය. දැන් රංගනයට පිවිසෙන්නේ කපූර් පවුලේ බඩපිස්සා සහ එකම පුතු
හර්ෂ්වර්ධන්ය. එහෙත් ඔහුගේ රංගන ප්‍රවේශය නිසා වඩාත්ම අසහනයට පත් වී සිටින්නේ
අක්කණ්ඩිය, සෝනම්ය. ළදරුවකු වැනි මලණුවන් කෙසේ නම් මේ භාරධූර කර්තව්‍ය ඉටු
කරාවිදැයි ඇයට සැකය. ‘මිර්සා සහීබා’ චිත්‍රපටයේ මිර්සා ලෙස රඟන්නේ හර්ෂ්වර්ධන්ය.