|
මගේ පරමාදර්ශී රූපණවේදියා ගාමිණීප්රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම
නිධානය
නිධානය ප්‍රථම වරට නරඹන විට ජීවිතය මෙතරම් සියුම් අයුරින් විවරණයට සිනමාව සතු
ශක්‍යතාව අත්වින්ෙඳමු. නිධානය අප විශ්ම ගැන් වූයේ හුදු සිනමා සෞන්දර්ය භාවිතාව
නිසාම නොවේ. පුද්ගල අධ්‍යාත්මයන්ට පිවිස එහි සැඟව ඇති මනුෂ්‍යත්වයට අදාළ ගති ලක්ෂණ
මතු කොට ගැනීම නිධානයේ ප්‍රමුඛ ලක්ෂණය විය. මතුපිට රූප පද්ධතිය ඉක්මවන ගැඹුරු
යටිපෙළ එක් අතකින් අප තුළ මහා දුක්ඛ දෝමනස්සයක් ඇති කළේය. විලී අබේනායක බඳු
ආත්මාර්ථකාමී, ධන තන්හාවෙන් බිරිඳ පවා මරණයට කැප කළ මිනිසකු අප සිත් තුළ
දයානුකම්පාව ඇති කරන්නේ කෙසේද? එහෙත් චිත්‍රපටය අවසානයේ විලී කඳුළු පිරි දෙනෙතින්
අප දෙස බලා සිටින විට මේ දෛවෝපගත මිනිසා වෙනුවෙන් ඉනූ
රූප නිර්මාණය, සංස්කරණය හා ඒ මතින් නිර්මාණය වූ රිද්මය, විශිෂ්ටතම රූපණ, අපූර්ව චිත්‍රපට සංගීතය ආදී අනුශාංගික අංශ මනාව තම නිර්මාණ ආධිපත්‍යයට නතු කර ගනිමින් ලෙස්ටර් ප්‍රකට කළ ප්‍රතිභාව ඉක්මවන නිර්මාණයක් ඉන්පසු මෙතෙක් ගත වූ කාලය තුළ අප අත්නොවිඳීම මේ අපූර්ව සිනමා කෘතියේ අගය දිනෙන් දින වර්ධනය වීමට හේතු වී තිබේ. එතෙක් මෙතෙක් සෑම වසරකම ශිෂ්‍යයන් සමඟ අවම වශයෙන් වසරකට පස් වතාවක්වත් නිධානය නරඹමි. එය නරඹන සෑම විටම ජීවිතය පිළිබද නව අර්ථ සම්පාදනයක් සිදුවන බව මට දැනේ. එය අපේ ජීවිතය සමග එකට වැඩෙමින් සිටී. මේ සම්භාව්‍ය කලා කෘතීන්ගේ ස්වභාවයයි. මෙහෙයින් නිධානය නරඹන සැම විටම මම විශ්මයට පත්වෙමි. නිධානය 1997 දී නැවත වරක් මා සිත විශ්ම ගැන් වූයේය. චිත්‍රපට සංස්ථාවේ සේවය කළ ඒ අවදියේදී දේශීය සිනමාවේ පණස් වසර වෙනුවෙන් එතෙක් බිහි වූ ප්‍රශස්ත නිර්මාණ දහය තෝරා ගැනීමට කටයුතු සංවිධානය කළෙමි. මේ සඳහා ඡන්දය භාවිත කළ සිනමා විචාරකයන් සියලු දෙනාගේම ප්‍රථම තේරීම වූයේ නිධානයයි. විචාරකයන් මේ තරම් එකඟතාවකට පැමිණි අවස්ථාවක් ලෝක සිනමාව තුළ ද දැකීම අසීරුය. නිධානය දැනුදු මා සිත විශ්මයෙන් පුරවයි. ඒ තවමත් නිධානය ඉක්මවන දේශීය හෝ විදේශීය චිත්‍රපටයක් මා දැක නොමැති හෙයිනි.
රෝමියෝ ජුලියට් ඇන්ඩ් ඩාක්නස්
මරණ බිය මොහොතකට යටපත් වේ. අවිහිංසක ආදරයක සුන්දරත්වය අප සිත් සනහාලයි. එහෙත් මේ කුටියෙන් ඔබ්බේ සමාජය බිහිසුණුය. යුදෙව්වකුට කිසිසේත් පිහිට වූවොත් නෑසියන් පමණක් නොව අසල්වැසියන් ද මරා දැමේ. තරුණිය පිළිබඳ සත්‍යය හෙළි වූ මහල් නිවෙස්වල නිවැසියෝ භීතියට පත් වෙති. පවුලේ සාමාජිකයන් තරුණයා සමඟ ගැටෙන අතර සෙමෙන් ඉදිරිපස දොර විවෘත වේ. තරුණිය සෙමෙන් මහ මඟට පිවිසේ. ඉන්පසු අපට ඇසෙන්නේ වෙඩි හඬක් පමණි. මෙතරම් සිත සසල කළ අනුවේදනීය අත්දැකීමක් එතෙක් අප විඳ තිබුණේ නැත. වෙඩි හඬත් සමග මොහොතකට හදවත නතර වූ බවක් දැනුණු බව අද ද මතකයට එයි.
සිටිසන් කේන්
මේ ධනවතා අවසන් මොහොතේ සිහි කරන්නේ තම ළමා අවදියයි. එහිදී තමා භාවිත කළ කුඩා හිම යානයයි. ආත්මාර්ථයෙන්, වංචාවෙන්, කුහක බවෙන් මෙන්ම රාගයෙන් ද පිරි වර්තමානය අළුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කර අතීතයේ අහිංසක ළමා ජීවිතය ස්පර්ශ කරන්නට දක්වන ආශාව අපට හෙළි කරන්නේ ජීවිතයේ සැබෑ ස්වභාවයයි. ධනය, බලය මෙන්ම සමාජ ගෞරවය ද තාවකාලිකය. මේ පුරුෂාර්ථ, මිනිසා විනාශය වෙත මෙහෙයවයි. සිත තුළ සන්සුන් බව, සාමය බිඳ දමයි. කේන් නමැති පුද්ගලයා අපගේ දයානුකම්පාවට පත් වන්නේ ජීවිතය පිළිබඳ සියුම් කාංසාජනක සිතිවිලි අප තුළ ජනනය කරමිනි.
හිරෝෂිමා මොන් අමෝ
මේ සියල්ල පසුපස තිබෙන අර්ථ නම් අමතක කිරීම, සමාව දීම හා මුහුණුදීමයි. චිත්‍රපටය ආරම්භ වන්නේ එකිනෙකා වෙළුණු සිරුරු, කෞතුකාරගාරයක් හා රෝහලක් සමඟ බැඳුණු රූප පෙළක් හිරෝෂීමාවට බෝම්බ දැමීමේ සිද්ධිය සමඟ සංකලනය කරමිනි. මතුපිටින් මනුෂ්‍ය සම්බන්ධතාවන් හි සුන්දරත්වය මෙන්ම අනියත බව ප්‍රහර්ෂය මෙන්ම දුක්ඛ දෝමනස්ස ද විවරණය වුවත් යටිපෙළ යුද්ධය හා බැඳේ. නිසරු, කුරිරු යුද්ධය හමුවේ ප්‍රථමයෙන්ම මියැදෙන්නේ මනුෂ්‍යත්වය බවත් වසර ගණනාවක් ගත වුව ද යුද්ධයේ තුවාල සටහන් ජන අධ්‍යාත්මයෙන් බැහැර නොවන බවත් මා පළමුවරට උගත්තේ මේ චිත්‍රපටයෙනි. මතුපිට කාව්‍යමය රිද්මය හුදු මායාවක් බවත් එහි අභ්‍යන්තරය ගිනි ජාලාවක් බවත් මා පළමුවරට උගත්තේ ද මේ චිත්‍රපටයෙනි.
රෂොමොන්
එය නිරපේක්ෂ සංකල්පයක් නොවේ. ආකෘතිය සංකීර්ණ තලයකට යොමු වන්නේ වස්තු බීජයේ සංකීර්ණතාව නිසයි. එහෙයින් එය ශිල්ප හරඹයක් නොවේ. මනුෂ්‍ය ස්වභාවයේ යථාව සොයා කෙරෙන ගවේෂණයක වාහනයයි. රෂොමොන් අප විශ්මයට පත් කළේ මේ දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන හැඩතල ඇසුරින් මතු කෙරෙන ගැඹුරු අනුභූතිය මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ සනාතන ධර්මතාවක් වීම නිසයි. ආසියානු සංස්කෘතියෙන් ද බෞද්ධ දර්ශනයෙන් ද සකස් වූ මනස සහිත අපට රෂොමොන් චිත්‍රපටයේ ගැඹුරු අර්ථ වටහා ගැනුම අසීරු නොවේ. එහෙත් ඒ සඳහා මේ ආකෘතික ස්වභාවය සමඟ මානසික සම්බන්ධතාවක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යයි. එය එක් අතකින් භාවනාවක් බඳුය. මා විශ්මයට පත්කළ අනෙක් කරුණ තොෂිරෝ මිෆ‍්‍රනේගේ රංගනයයි. ජපන් නාට්‍ය කලාවේත් අපරදිග තත්විධ රංගන රීතියේත් සංකලනයෙන් බිහි වූ මේ රංගනය ආසියානු රූපණයේ අනාගත දිශාන්තිය හෙළි කළ බව මගේ අදහසයි.
බ්ලූ ඉස් ද වෝමස්ට් කලර්
පසුගිය කාලය මුළුල්ලේ ලතින් ඇමරිකාවේ, යුරෝපයේ, කොරියාවේ නව සිනමා කෘතීන් රාශියක්
නැරැඹීමේ අවස්ථාව ලදිමි. දේශපාලන අනාචාරය, හිංසා, මනුෂ්‍ය ඝාතන මෙන්ම ස්ත්‍රී
පුරුෂයන්ගේ සම්මත හා අසම්මත ලිංගික චර්යාවන් ද පිළිබඳ චිත්‍රපට ඒ අතර විය. මේ
අතරින් බොහොමයක් විවෘතව හා නිදහස්ව ජීවිතය විවරනය කරන, නව සිනමා වියමනක්, නව සිනමා
චින්තනයක් ගෙන එන නිර්මාණයක් ලෙස හඳුනාගත හැකිය. එහෙත් මේ චිත්‍රපට අතරින් ද බ්ලූ
ඉස් ද වෝමස්ටි කලර් තරම් මා සිත තිගැස්මට ලක් කළ වෙනත් චිත්‍රපටයක් නැති තරම්ය.
බ්ලූ, 2012 කාන් සිනමා උළෙලේ තිරගත වූ විට සිනමා පණ්ඩිතයන්ගේ නළල රැළි වූ බව
ජනමාධ්‍ය සඳහන් කළේය. එහි ප්‍රධාන සම්මානය පාම් ඩි ධර් දිනා ගැනුමද අභියෝගයට ලක්
විය. එහෙත් ස්ටීවන් ස්පීල්බර්ග් එය හොඳම චිත්‍රපටය යන මතයේ තරයේම එල්බ සිටියේය.
බ්ලූ චිත්‍රපටය මැදිහත් සිතින් නරඹා එහි අර්ථ උකහා ගත හැක්කේ බහුලව විවිධ
ප්‍රවර්ධවල චිත්‍රපට නැරැඹීමෙන් වගා කරගත් ශික්ෂණයකින් යුත් රසිකයන්ට පමණක් බව මගේ
ද අදහසයි. එය නගීස ඔෂිමගේ රෙලම් ඔෆ් සෙන්සස් නැරැඹීමෙන් ලත් කම්පනය නැවත සිහියට
නගයි. අක්ෂරය චිත්‍රපටය මෙරට ඇති කළ සමාජ තිගැස් සවිස්තරාත්මකය. එහෙත් ආඛ්‍යානය අනුව එම දර්ශන අත්‍යාවශ්‍යයි. සිනමාකරු අපට දක්වන්නේ ශාරීරික බැඳීමේ උත්කර්ෂයට පමණින් ජීවිතය ගෙන යා නොහැකි බවයි. ඒ හා සමඟ ඇතිවන ලිංගික මාත්සර්යය විසින් මේ බැඳීම් බිඳ දමනු ලැබේ. සම්මත ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවන් හි මෙන් මෙහිදී ද මේ ස්ත්‍රීන් දැඩි මානසික කම්පනයකට මුහුණපාති. බටහිර බොහෝ රටවල් සමලිංගික සම්බන්ධතා සමානා්‍ය සම්බන්ධතා ලෙසට සලකති. එහෙයින්ද මේ චිත්‍රපටයේ යටි අර්ථ වටහා ගැනුමට නම් ඒ මතවාදය හා කිසියම් මානසික එකඟතාවකට පැමිණීම අත්‍යාවශ්‍යයි. මේ චරිත මුහුණ දෙන්නේ ජීවිතය පිළිබඳ අතිශය සංවේදී අත්දැකීමකට බව පසක් වන්නේ එවිටයි. චිත්‍රපටයේ අත්දැකීම මා තුළ ඇති කළ කම්පනය පමණටම තිගැස්මත් ඇති වූයේ මෙය ආසියාතික සිනමා චින්තනය තුළ තබන්නට උත්සාහ කිරීමේදීය. ජපානය හා වර්තමානයේ කොරියාව හැරුණු විට අන් කිසිදු ආසියාතික රටක් ලිංගිකත්වය මෙතරම් විවෘතව විවරණයට උත්සුක වුයේ නැත. මේ සදාචාරාත්මක ආකල්පවලින් සිනමාවට අගුළු දැමීමේ ප්‍රතිවිපාකයයි. එහෙත් එක අතකින් මෙබඳු චිත්‍රපට විසින් ජීවිතය අරභයා පළ කරන අනිත්‍ය දෘෂ්ටිය, ලෝක ස්වභාවය පිළිබඳ විවෘත විග්‍රහය ඇතැම් ජාතක කතාවකින් මතු කෙරෙන දෘෂ්ටියට සමානයි. ඒ වටහා ගත හැක්කේ ජීවිතය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් සහිත හික්මවා ගත් මනසකින් යුක්ත රසිකයන්ටයි.
සංදේශය
|