|
|
ගුවන් විදුලි ගීත නාට්‍යයට යළි මුල පුරයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ අනුග්‍රහයෙන් මෙම ගීත නාටකය ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පී සංගමය ඉදිරිපත් කරයි. නිර්මාණශීලී අධ්‍යක්ෂණය රෝහණ සිරිවර්ධන, ගේය නිර්මාණ සහ පිටපත ජයම්පති අල්ගම, සංගීත නිර්මාණය විශාරද උපාලි අමරනායක, නිෂ්පාදනය තුෂාර බැද්දගේ, නාද සටහන නලින් අලුත්ගේ විසිනි. ආචාර්ය දයාරත්න රණතුංග, විජේරත්න වරකාගොඩ, කුසුම් පීරිස්, උරේෂා රවිහාරි, ගීතාකාන්ති ජයකොඩි, සීලරත්න සෙනරත්, ලාල් සරත් කුමාර, සන්ධ්‍යා රඹුක්කනගේ, රත්නා සමරසිංහ, පුණ්‍යා කත්‍රිආරච්චි ඇතුළු ගුවන් විදුලි ශිල්පීන් රැසකගේ හඬින් මෙය අලංකාර කෙරේ.
එදවස සොඳුරුමය තෙමසකින් දෙවන වරටත්
එදවස සොඳුරුමය සුරස ප්රකාශනයකි. |



බෞද්ධ හා ජන සාහිත්‍යයේ ආභාෂයෙන් විරචිත ප්‍රභාවාත්මක නව සංවාද රූපී ගීත නාටකය
‘හිමගත වරුණ - ශ්‍රී පාද පුරාණය’ ලබන අප්‍රේල් 14 වැනිදා පස්වරු 6.30 සිට 7.00
දක්වා සිටි එෆ් එම් සේවය ඔස්සේ හා එදිනම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා සිංහල
ස්වදේශීය සේවය ඔස්සේත් ප්‍රචාරය කිරීමට නියමිතය.
නිකුත් කොට මාස තුනක් ඇතුළත පිටපත් සියල්ල විකිණී අවසන් වූ බුද්ධදාස ගලප්පත්තිගේ
එදවස සොඳුරුමය කෘතියෙහි දෙවැනි මුද්‍රණය පසුගියදා නිකුත් විය. එය දිනමිණ පුවත්පතට
බුද්ධි ලියූ බද්දර මල්ල නම් තීරු ලිපි මාලාවෙන් තෝරා ගත් තීරු ලිපි තිස් හයක
එකතුවකි.